"සුභ උදෑසකන් ජන්ග්කුක්.."

ටේහ්‍යුන් හිනාවෙලා එහෙම කියද්දි ඒ ගැබුරු කටහඩට ජන්ග්කුක් ආයෙම සීතල වුනා..

"සුභ උදෑසනක් ටේහ්‍යුන් ..."

ජන්ග්කුක් අතේ තිබ්බ කෝපි කෝප්පෙ තමන්ගෙ මවට දෙනකොට ජොන් මහත්මිය හිනාවෙලා කුස්සියට ගියේ ටේහ්‍යුන් වයි ජන්ග්කුක් වයි සාලෙ තනිකරල..

විනාඩි ගානක් ගෙවිලා ගියත් කවුරුත් කතා කරන පාටක් තිබ්බෙ නෑ.. ජන්ග්කුක් ට කතා කරන්න උවමනා උනත් ඒක පටන් ගන්න විදියක් ගැන හරි අදහසක් තිබ්බෙ නෑ.. ඒ වගේම තමන් දිහාට යොමුවෙලා තියන එකසමාන නැති තියුනු හීනි ඇස් නිසා ජන්ග්කුක් හිටියෙ ලොකු අපහසුතාවයක..

"ඉතින් ජන්ග්කුක්..."

අන්තිමේ ටේහ්‍යුන් කතා කලා.. සෝෆා එකේ වාඩිවෙලා කකුලක් පිට කකුලක් දාගත්ත ටේහ්‍යුන් අත් දෙක සෝෆා එකේ දෙපැත්තට දාගන හරිම ගාම්භීර විදියට ඉදගත්තේ ජන්ග්කුක් ට ඒ දිහා නොබල ඉන්න බැරිවෙද්දි..

"ඔයා ඔයාගෙ හම ලස්සන කරන්න මොකක් හරි ආලේපනයක් පාවිච්චි කරනවද?"

ටේහ්‍යුන් එකපාරටම ඇහුව ප්‍රශ්නෙන් ජන්ග්කුක් රතු වුනා.. ජන්ග්කුක් ටක්ගාලා තමන්ගෙ අත් දිහා බලලා ආයෙම ටේහ්‍යුන් දිහා බැලුවෙ ටේහ්‍යුන් ඒවගේ දෙයක් ඇහුවෙ ඇයි කියල හිතාගන්න බැරුව..

"නෑ ඇත්තටම ඔයාගෙ හම හරිම ලස්සනයි.. ඒක උදේට දිලිසෙනව වගේම ඒකෙ කිසිම පලුද්දක් නෑ.. ඇත්තටම මං හිතන්නෙ ඔයා  ගාන්නෙ හොදම වර්ගේ දෙයක් .."

ටේහ්‍යුන් එහෙම කිව්වාම ජන්ග්කුක් ට සතුටක් දැනුනා.. ඇයි කියල නොතේරුන සතුටක්..

"න්..නෑ.. මම කිසිම දෙයක් පාවිච්චි කරන්නෑ.."

රතුවෙලා ඉන්න ජන්ග්කුක් එහෙම කියන ගමන් ටේහ්‍යුන් ගෙ ඉස්සරහ තිබුන සෝෆා එකෙන් වාඩිවුනා..

"ඕහ්.. ඔයා කියන්නෙ ඒක මට පිලිගන්න කියලද ජන්ග්කුක්?"

ටේහ්‍යුන් එහෙම කියන ගමන් සෝෆා එක දෙපැත්තෙ තිබ්බ අත් දෙක කකුල් දෙක උඩින් තියල ඉස්සරහට නැමුනා..

"ඔයාට ඒක පිලිගන්න වෙනව.. මොකද ඒක තමයි ඇත්ත..අනික පිරිමි කවද්ද ආලේපන පාවිච්චි කලේ.."

VOLCANO✔️Where stories live. Discover now