ටික වෙලාවක් කන් දීගන ඉද්දි ඇහුන ගැබුරු කටහඩ තමන් හිතන කෙනාගෙමද කියල මතක් කරද්දි ජන්ග්කුක් ගෙ පපුව ගැහෙන වේගේ ටිකක් වැඩිකලා..

එහෙමම කාමරෙන් නැගිටල පහල තට්ටුවට යන පඩිපෙල බහින්න ගිය ජන්ග්කුක් පලවෙනි පඩි දෙක බහිනකොට ඔලුව උස්සලා ඉස්සරහ බැලුවෙ යටි හිතෙන් තමන් හිතන කෙනා තමන්ගෙ ඇස් ඉදිරියේ ඉදීවි කියන සිතුවිල්ලත් එක්ක..

කිම් ටේහ්‍යුන්....

ජන්ග්කුක් හිතුවා වගේම තමන්ගෙ ඉස්සරහ හිටියේ ඊයෙ දවසමත් අද උදේ අවදි වුන වෙලේ ඉදනුත් තමන්ගෙ මනසෙ හොල්මන් කරපු කිම් ටේහ්‍යුන්..

ටේහ්‍යුන් ඊයෙටත් වඩා අද කඩවසම් කියල ජන්ග්කුක් ට හිතුනා.. ඊයෙ ඇදගන හිටපු උඩ කබාය අද ටේහ්‍යුන් ඇදගන ඇවිත් තිබ්බෙ නෑ.. ඒ වෙනුවට ටේහ්‍යුන් අද තද දුබුරු පාට ඇගටම හිරවුන කමිසයක් වගේම ලා දුබුරු පාට කලිසමක් ඇදගන ඇවිත් තිබුනා..

ටේහ්‍යුන් ගෙ බෙල්ලෙ ගැටගහල තිබ්බ ස්කාෆ් එකෙන් ටේහ්‍යුන් ගෙ පෙනුම කලින් දවසට වඩා දහ ගුනේකින් කඩවසම් වගේම සෙල්ලක්කාර කරල තිබුනා..

"ඔව් ආන්ටි... ඒක මගේ යාලුවෙක් කරන වැඩක්.. මං හිතුවා ජන්ග්කුක් ට ඒක වැදගත් වෙයි කියල.."

ටේහ්‍යුන් ජොන් මහත්මිය එක්ක කතා කරන ගමන් හිටියේ.. ජන්ග්කුක් හිමීට පඩිපෙල බහිනකොට ජොන් මහත්මිය එක්ක කතා කර කර හිටපු ටේහ්‍යුන් ඔලුව හරවලා ජන්ග්කුක් දිහා බැලුවා..

ජන්ග්කුක් ඒ වෙද්දිත් හිටියේ ටේහ්‍යුන් ගෙන් ඇස් අහකට ගන්න බැරුව.. ටේහ්‍යුන් ගෙ අවුල් උන දඟකාර කැරලි කොන්ඩේ එක්ක අමුතු මී පැනි පාට හම එයාට ඕනාවටත් වඩා ගැලපුනා..

ටේහ්‍යුන් සාක්කු දෙකට අත් දෙක දාගන ජන්ග්කුක් දිහා බලාගන හිටියා.. ඇදගන හිටපු කමිසෙට ටේහ්‍යුන් ගෙ පලල් උරහිස හොදටම කැපිල පෙනුනා.. කමිස අත වැලමිට ලඟට යනකල් උස්සලා තිබ්බ නිසා ඒ අතේ ඉලිප්පුන නහර ඕනාවටත් වඩා කැපිලා පෙනුනා..

ඒ මූනේ තිබ්බෙ කඩවසම් වගේම සුහද හිනාවක්.. ඒක ඇස් වලින් කරපු හිනාවක්.. ජන්ග්කුක් පුදුමෙන් වගේම හිතාගන්න බැරි මූනකින් පඩිපෙල බැහැලා සාලෙට ආවේ මෙච්චර උදෙන් ටේහ්‍යුන් මෙහෙ ආව කාරනාව මොකක් වෙන්නැද්ද කියල කල්පනා කරන ගමන්...

VOLCANO✔️Where stories live. Discover now