" ගැහෙන හදවත රිදෙන තරමට...
මහන්සී මට.. තවත් බෑ ඇත්තමයි.....
ඔබ නැතිව දුර ඇවිද යන්නට...
මහන්සී මට ... තවත් බෑ ඇත්තමයි...
ගෙවෙන හැම තප්පරේ
දැනෙන්නේ ඔබ මා ලගයි...
ඉතින් මම නවතින්නම්....
ඔබත් මට හරි දුරයි..... " ( vimneth )
හිත ඇතුලෙන්ම කකියන පුපුරු ගහන දුක ටේහ්‍යුන් ට ඕන උනා මුලු ලෝකෙටම ඇහෙන තරමට කැ ගහලා කියන්න.... ඒත් එයාට ඇහුම්කන් දෙන්න කවුරුත්ම හිටියේ නෑ.... ඒ නිසයි ටේහ්‍යුන් එයාගේ හිතේ ඇදිලා තියෙන.. එයාගේ ආදරේ රූපේ මවාගෙන ඒ දුක වචන කරන්න උත්සහ කලේ...බලන බලන තැන... ටේහ්‍යුන් ගේ ඇහැ ගැටුනේ එයාගේ ආදරේ මතක සටහන් විතරමයි.... ටේහ්‍යුන් ට දැනුනේ එයාගේ හුස්ම දැන් ගොඩක් බරයි වගේ... ඔව් ටේහ්‍යුන් ට මහන්සී..... ටේහ්‍යුන් එයාගේම අතින් ලිය වුනු අකුරු පේලිය දිහා බලාගෙනම ඉකි ගහන්න පටන් ගත්තා....
" කූ.... ඇයි මාව දාලා ගියේ... "
" ඇයි මාවත් එක්කගෙන නොගියේ කූ "
" ඇයි ඇයි ඇයි මට මෙහෙම කලේ ... "
" ඇයි මගේ පන...මම ඔයා වෙනුවෙන් බලාගෙන හිටියා "
" මට එන්න දෙන්න... මට මගේ මැනිකව හොයාගෙන එන්න දෙන්න..... "
අදුරු කාමරේ මුල්ලකට ගුලි උනු ටේහ්‍යුන් තමන්ගේ කකුල් දෙක අස්සේ මූන හංගගෙන හයියෙන් අඩන්න ගත්තා.... ටේහ්‍යුන් ගේ හදවතේ වේගය එන්න එන්නම වැඩි වෙද්දි... ටේහ්‍යුන් ට දැනුනා එයාගේ හුස්ම හිර වෙනවා... ටේහ්‍යුන් සතුටු උනා... එයාට අන්තිමට මේ ලෝකේ දාලා එයාගේ කූව හොයගේන යන්න පුලුවන් .... ටේහ්‍යුන් එයාගේ මරනය ලන් උන එකට සතුටු උනා... ඒත් ටේහ්‍යුන් අකමැති උනත්.. ඒ මොහොතේ ටේහ්‍යුන් ව බලන හෙදිය එතනට ආපු නිසා.. ටේහ්‍යුන් ට සිද්ද උනා ජීවත් වෙන්න....
අමාරුවෙන් හුස්ම අල්ලන ටේහ්‍යුන් ව දැක්ක ගමන්ම හොස්පිට්ල් එකේ එමේජන්සි බෙල් එක රින්ග් කරපු හෙදිය ඉක්මනින්ම ටේහ්‍යුන් ව ඇදේ හාන්සි කරවලා... ටේව සන්සුන් කරන්න උත්සහා කලා...
" නර්ස්... වට් හැපන්ඩ් .. "
" ඩොක්ටර් ... මම එද්දි එයා හුස්ම ගන්න අමාරුවෙනුයි හිටියේ..."
YOU ARE READING
𝗧𝗵𝗲 𝗟𝗮𝘀𝘁 𝗧𝗵𝗿𝗲𝗲 𝗗𝗮𝘆𝘀 / 𝗧𝗮𝗲𝗸𝗼𝗼𝗸 || Completed
Fanfictionප්‍රේමය මිය ගිය පසුවත් මතක හුස්ම ඇදීම සාධාරණ ද ? ( don't copy ) _Taekook fanfictione / shortstory By __Vimneth 🌼 Covered by - lchi_jk
