"එයා හොදින් ඉන්නවා නේද නම්ජූන් ෂී!!!"

"ඔව් සාරා!!"

කදුළු ඇස් වලින් ම නම්ජූන් දිහා බලලා හිනා වුන සාරා....

"ඔ ඔයාලා  කොහොමද මෙහේ හොයා ගත්තේ?"

"අපි ඔයා ඉන්නේ මෙහෙ කියලා දැන ගත්තේ ඔයා එහෙන් ආපු දවස් වලමයි සාරා...."

නම්ජූන් දිහා බලාගෙන හිටපු සාරාගේ බැල්මේ ඇදිලා තිබුන කුතුහලය තේරුම් ගත්ත නම්ජූන්....

"ඔයා මෙහෙට බඩු එවපු පෝස්ට් රිසිට් එකයි තව ඩොකියුමන්ට් එකකුයි කවුච් එක යට තිබුනා..."

"ආහ් එදා මං කලබලෙන් එන්න හදද්දි ඩොකියුමන්ට්ස් ෆයිල් එක බිම වැටුනා,  ඒවා මිස් ප්ලේස් උනා කියලා මට ගානක් තිබුනේ නෑ...."

විසිරුණු කොන්ඩ කැරැල්ලක් කන පිටිපස්සෙන් රදවන ගමන් ආයාසයෙන් මූනට හිනාවක් අරගෙන සාරා කියද්දී... ටිකක් වෙලා සාරා දිහා බලාගෙන හිටපු හේසෝක්......

"සාරා දැන්ම අපිට එයාව පෙන්නන්නේ නැද්ද "

කලබල ඇස් වලින් සාරා නම්ජූන් දිහයි හේසෝක් දිහයි මාරුවෙන් මාරුවට බලද්දි  කොල්ලො දෙන්නම බලාපොරොත්තු පිරුන ඇස් වලින් සාරා දිහා බලාගෙන හිටියා.....

"ඒ ඒත්  ඔයාලා......"

"ඒ වැටිලා තිබුන අනිත් ඩොකියුමන්ට් එකෙන් දැන ගත්තේ සාරා, ආහ්... ඔයාට පුලුවන් අපිව විශ්වාස කරන්න "

ටිකක් වෙලා බලාගෙන හිටපු සාරා,  වචනයක් වත් නොකියා ඇතුල් කාමරේ නිදාගෙන හිටපු ගුකීව අරගෙන එනකොට නම්ජූන්ට වගේම හේසෝක් ටත් වාඩි වෙලා හිටපු තැනින් නැග්ට්ටුනා....

හේසෝක් අනිත් පැත්ත හැරිලා ඇස් වල කඳුලු හංගන කොට සුපුරුදු හිනාවෙන් ම නම්ජූන් ගුකී ව වඩා ගන්න හදද්දී හේසෝක් ඉක්මනින් ගුකී ව එයාගේ අත් දෙකට ගත්තා....










කිචන් කවුන්ටර් එකට හේත්තු වෙලා මිස් එවන්ස් පැස්ටා එකට රටාවකට සෝස් එකතු කරන දිහා බලාගෙන හිටපු සාරාගේ මූන හිනාවකින් එලිය වුනේ ගුකී ගේ හුරතල් හිනා හඩ විසිත්ත කාමරේ පැත්තෙන් ඇහෙද්දි....

❣️Տᗩᖇᗩᑎᘜᕼᗩᗴ ᑎOOᑎᗩ❣️ ☾︎𝗝𝗝𝗞 𝗦𝗧𝗢𝗥𝗬☽︎𝗀𝗂𝗋𝗅⌫𝖻𝗈𝗒 (( 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳))حيث تعيش القصص. اكتشف الآن