16

554 163 50
                                    

සෞම්‍ය ශරත් හුලගේ එතිලා ආපු රතු පාට මේපල් කොලයක් සාරාගේ මූනේ දැවටීගෙන ඈතට ඇදිලා යද්දී සාරා කල්පනා ලෝකෙන් එලියට ආවා....

ජන්කුක් යන්න ගිහින් දැන් හෝරා දෙකකටත් කිට්ටුයි...ඒත් සාරාගේ ඇස් තාම තෙතයි...සාරාට තාමත්  හිතාගන්න බෑ ඒ බෝල ඇස් වලින් දුරකට ගිහින් ජීවිතේ පටන් ගන්නේ කොහොමද කියලා...ඒ හද ගැස්ම අහන් නැතුව අවුරුදු ගානක් ඉන්න හිතන්නේ කොහොමද කියලා.....

ආදරේ එහෙමයි....
ජීවිතේට හයියක් වෙන.... කඩා වැටුන ජීවිතේට අත්වාරුවක් වෙන... විඩාබර හිතට සිහිල් හුලගක් වෙන ආදරයක් ජීවිතේට ආවම ඒ ආදරේන් මොහොතකට වත් දුරකට යන්න ලෝබ හිතෙනවා....
සාරාටත් එහෙමයි......
සාරාට ලෝබයි ජන්කුක් ගේ ආදරේන් ඈතකට යන්න.....
ඒත්......
සාරාට යන්නම වෙනවා....
මුලු රෑ පුරාම ජන්කුක් ගේ නිදහසේ පියවුන ඇස් දිහා බලාගෙන කල්පනා කරලා සාරා තීරනයක් අරගත්තා....
සාරා යන්න ඕන.....
ඒ හිතේ සැනසීම වෙනුවෙන්....ඒ හිතේ ගොඩගැහිලා තියන හීන කන්ද වෙනුවෙන්.....ජන්කුක් ගේ ලස්සන පැහැදිලි අනාගතේ වෙනුවෙන් සාරා යන්න ඕන......
ඒ තමයි හැමදේම හොදින් සිද්ධ වෙන්න  සාරාට ගන්න පුලුවන් හොදම තීරනේ....

ස්විස් ජාතික කාන්තාවක් වුන සාරාගේ අප්පගේ ඔම්මා, සාරාගේ අත්තම්මා පවුලේ උරුමයෙන් එයාට ලැබුන එයාගේ ගෙදර සාරාගේ නමට පැවරුවේ සාරාට අවුරුදු දහ අටක් වුන ගමන්මයි.... කිසිම දවසක ඒ ගෙදර ජීවත් වෙන්න සාරාගේ හිතේ අදහසක් නොතිබුනත්,, සාරා අද ජීවතුන් අතර නැති අත්තම්මා ට හිතින් සිය දහස් වාරයක් ස්තුති වන්ත වුනා ඒ තීරණේ වෙනුවෙන්.....
කවදා හරි දවසක ජන්කුක් ට එයාගේ රිලේෂන් ෂිප් එක ගැන ලෝකෙට කියන්න පුළුවන් දවසක් එනකම් ස්විස්ටර්ලන්ඩ් යන්න සාරා අන්තිමේ  තීරනය කලා....

සාරා දන්නවා ජන්කුක් දුක් වෙයි ඒත් කාලේත් එක්ක ජන්කුක් තේරුම් ගනී කියලා සාරා විශ්වාස කලා.... සමහර විට ජන්කුක් සාරා එක්ක තරහා වෙයි... සමහර විට වයසින් මුහුකුරා යද්දී ජන්කුක් ට සාරාව අමතක වෙයි!!! ඒත් සාරාට පුලුවන් හැමදාම මග බලන්න... ජන්කුක් ඒවි කියලා බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන්න... දුර ඉදන් ජන්කුක් දිහා බලාගෙන ඉන්න....

❣️Տᗩᖇᗩᑎᘜᕼᗩᗴ ᑎOOᑎᗩ❣️ ☾︎𝗝𝗝𝗞 𝗦𝗧𝗢𝗥𝗬☽︎𝗀𝗂𝗋𝗅⌫𝖻𝗈𝗒 (( 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳))जहाँ कहानियाँ रहती हैं। अभी खोजें