03

831 236 41
                                    

දවස් ගානක් කල්පනා කරලා ජන්කුක් තීරණයක් ගත්තාතව එකම එක වතාවක් සාරාව මුණගැහෙන්න!!!
තමන් කරන දේවල් වල තේරුම ජන්කුක් දැනගෙන හිටියේ නෑ,  ජන්කුක් ට ඒ වෙලාවේ හිතුන එකම දේ තව එක වතාවක් සාරාව මුන ගැහෙන්න ඕන කියන එක විතරමයි!!!
එකම එක වතාවක් සාරාගේ ලොකු ඇස් දිහා බලාගෙන ගිහින් එන්නම් කියන්න,  පුංචි හිනාවක් එක්ක ඔලුව වනලා පරිස්සමින් කුක් කියලා සාරා කියන හැටි අහන්න!!!

රෑ අට වෙද්දි practice ඉවර කරපු ජන්කුක්  ඩෝම් එකට යනවා වෙනුවට ප්‍රතිවිරුද්ධ පැත්තට වාහනේ drive කරන්න ගන්න කොට ජන්කුක් ගේ පුංචි වෙනසක් පවා අදුරන මැනේජර් ගේ කටින් ලොකු හුස්මක් පිටවුණා....කථා නොකරම සාරාගේ ගෙදර තිබුන බිල්ඩින් එකේ කා පාක් එකට කා එක දාලා පිටිපස්සෙ සීට් එකේ තිබුන රෙඩ් රෝසස් බන්ච් එක අතට ගත්ත ජන්කුක් තොල් තද කරගෙන මැනේජර් දිහා බැලුවා...

"හ්‍යුන් අද විතරයි චේබාල් "

කථා නොකරම මැනේජර් ඔලුව වනන කොට, මූනේ ඇදුන හිනාවත් එක්කම කා එකෙන් බැහැපු ජන්කුක් හූඩි එක තව ටිකක් ඉස්සරහට කරගෙන ඉලවේටර් එක පැත්තට ඇවිදගෙන ගියා....

ජන්කුක් ගේ වාසනාවට ඉලවේටර් එකේ ඒ වෙලාවේ කවුරුත් හිටියේ නැතත් සාරාගේ ගෙදර ලග ගෑණු ළමයි කීප දෙනෙක් හිටියා.. පොඩ්ඩක් කලබල උනත් ඒ බවක් නොපෙන්වාම ජන්කුක් සාරගේ ගෙදර බෙල් එක රින්ග් කලා....

නිදාගන්න ලෑස්ති වුන සාරා උඩ විසි වුනේ අවේලාවේ රින්ග් වුන බෙල් එකට... අල්ලපු ගෙදර මිසිස් ලුවිස් ගේ බර්ත්ඩේ පාටි එක නිසා ඒ ආපු කෙනෙක් වැරදිලා බෙල් එක රින්ග් කරන්න ඇති කියලා හිතපු සාරා රූම් එකට යන්න හදන කොටම ආපහු සැරයක් බෙල් එක රින්ග් වුනා...

සාරා දොර අරින පාටක් නැති නිසා ආපහු සැරයක් බෙල් එක රින්ග් කරපු ජන්කුක්   කලබලෙන්  වටපිට බැලුවේ එලියේ හිටපු ගෑණු ලමයි උවමනාවෙන් තමන් දිහා බලනවා කියලා තේරුන නිසා....

ඩෝ බෙල් එකත් එක්ක විහිලු කරන කෙනාට බනින්න හිතාගෙන දොර ඇරපු සාරාගේ ලොකු ඇස් තවත් ලොකු වුනේ දොර ගාව හිටගෙන හිටපු කෙනාව එක බැල්මෙන් ම සාරා අදුර ගත්ත නිසා...

❣️Տᗩᖇᗩᑎᘜᕼᗩᗴ ᑎOOᑎᗩ❣️ ☾︎𝗝𝗝𝗞 𝗦𝗧𝗢𝗥𝗬☽︎𝗀𝗂𝗋𝗅⌫𝖻𝗈𝗒 (( 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳))Where stories live. Discover now