කුකී ගෙදර ආපු ගමන් මන් එයාට කිව්වා මට ජොබ් එකක් හම්බුනා කියලා...ඒත් හැමදේම නෙමෙයි...එයා හිතන් ඉන්නෙ මන් යන්නෙ කම්පැනි එහෙක ජොබ් එකකට කියලා..මට බෑ මගේ පැටියට ඇත්ත කියන්න...ඔහොම ඔහොම කාලෙ ගෙවුනා...මට අලුතෙන් නමක් ලැබුනා ඒක තමයි ජියොන් ටේහෝ....විහිළුවක් වගේ නේද....

"ටේහෝ ඉක්මන් කරපන් මිනිහෝ....ඔය බඩු ටික එහා පැත්තට දාපන්....කෝ ඉක්මන් කරපන් යකෝ....තෝ හරියට ගෑනු ළමෙක් වගේනේ..."

ඔය මන් හැමදාම අහන වචන ටික....දැන් මට ඒ දේවල් පුරුදු වෙලා...ලස්සන බ්ලවුස් එකකට ස්කර්ට් එකක් ඇදලා ඔම්මගෙ හීල්ස් දෙකකුත් දාන් කුකීව හයි ස්කූල් එකෙන් දාලා මම ආපහු ගෙදර එනවා....ගෙදර ඇවිල්ලා පුරුදු ඇදුමට මාරු වෙලා ආයි ගෙදරින් එළියට බහින්නෙ හේයොන් විදිහට නෙමෙයි ටේහො විදිහට...මේක තමයි දැන් මගෙ ජීවිතේ..

හැමදාම කුකීට බොරු කියන එක මට දරාගන්න බෑ...ඒත් මට වෙන කරන්න දෙයක් නෑ..ඔම්මයි අප්පයි අපිව දාලා ගිහිල්ලා දැන් අවුරුදු ගාණක්....ඒත් තාමත් මට එයා එදා ඔම්මගෙනුයි,අප්පගෙනුයි අයිස් ක්‍රීම් ඉල්ලපු මගෙ චූටි කුකීමයි....මන් එදා කුකීගෙ ඔළුවෙ අත තියලා දිවුරුවා මට වෙච්ච දේ එයාට වෙන්න දෙන්නෙ නෑ කියලා..ඉතින් මගෙ කුකීට උගන්නලා හොද තැනකට ගේන්න මන් මට පුළුවන් හැමදේම කරනවා...

ආයිත් අර ජරා මිනිහා හිරෙන් නිදහස් වෙලා මාව හොයාගෙන ආපු දවසෙ මගෙ කුකී ඌ ඉස්සරහට යද්දි ඒ මිනිහා බය වෙච්ච විදිහ මතක් වෙද්දි හිනා යන්නත් එනවා...උන් වගේ දෙන්නෙක් එකපාර පොලේ ගහයි දැන් මගෙ කොල්ලා...ඒ තරන් ලොකු වෙලා මගෙ චූටි මල්ලි පැටියා..

Full Flash Back ended...

In the present

හැමදාම වගේ අදත් මන් මැරිලා මැරිලා ගෙදර ආවේ පුරුදු විදිහටම කුකීගේ ඔෆිස් යන ආඩම්බර නූනා විදිහට...දැන් මාසයක් වෙනවා මන් මේ රගපෑම පටන් අරන්..මන් දන්නෙ නෑ ඔම්මයි අප්පයි හිටියනං මට සමාව දෙයිද කියලා...ලස්සනට ඇදලා පැලදලා හොද ජොබ් එකක් කරන්න ඕනෙ මම අද සිමෙන්ති ,ගල් ,වැලි එක්ක ඔට්ටු වෙනවා...අර ජරා මිනිහත් මෙහෙ ඇවිල්ලා කුකීගෙන් අම්බානකට කාලා ගිහිල්ලා දැන් සතියක් විතර ඇති...ශිට් ඔය මිනිහව ජීවිත කාලෙටම හිරේ යවන්න බැරි උනානෙ මට..පුරුදු විදිහටම මන් ගෙදර එද්දි කුකී ඇවිල්ලා මටත් එක්ක කෑම හදලා...පව් මගෙ චූටි කූ....

"නූනා ආවද...වොශ් එකක් දාන් ඉක්මනට එන්නකො අපි දෙන්නාම කෑම කමු"

බනී දත් දෙකත් එළියෙ දාන් මන් දිහා බලලා හිනා වෙලා මේසෙ ඇරේන්ජ්

කරන කුකීට චූටි හිනාවක් දීලා මන් රූම් එකට ගියේ ඉක්මනට ෆ්‍රෙශ් වෙලා එන්න....මන් පිජාමා එකටත් බැහැලා කිචන් එකට එද්දි කුකී අපි දෙන්නටම කෑම බෙදලා..මන් ඒ කම්මුලේ හාදුවක් තවරලා කුකී බෙදලා තිබ්බ පිගානත් අරගෙන කුකීට ඉස්සරහා පුටුවෙන් වාඩි වෙලා කන්න පටන් ගත්තා...

"නූනා...."

"කියන්න කුකී"

එයාට මොනහරි ඕනෙ වෙලා...

"නූනා මට දෙයක් කන්න ඕනේ..."

මගෙ කුකී පැටියට මොනාද කන්න ඕනේ..නූනා ඕන දෙයක් ගෙනත් දෙන්නං මගෙ කුකීට"

"මට....මට මින්ට් චොකලට් අයිස් ක්‍රීම් එකක් ඕනෙ"

.

.

.

~By crazyarmygirls~

____________________________________

Vote & comment pls~

To be continued~

Without meजहाँ कहानियाँ रहती हैं। अभी खोजें