Shall I compare thee to a summer’s day?
Thou art more lovely and more temperate:
Rough winds do shake the darling buds of May,
And summer’s lease hath all too short a date;
Sometime too hot the eye of heaven shines,
And often is his gold complexion dimm'd;
And every fair from fair sometime declines,
By chance or nature’s changing course untrimm'd;
But thy eternal summer shall not fade,
Nor lose possession of that fair thou ow’st;
Nor shall death brag thou wander’st in his shade,
When in eternal lines to time thou grow’st:
   So long as men can breathe or eyes can see,
   So long lives this, and this gives life to thee.

William Shakespeare.
Shall I Compare thee to a summer day?
(Sonnet 18)

සදාදරනීය ආදරය. ඔවුන් යලි ආත්ම භවයක හමු වේවි. සතුටු දායක අවසානයක් ඔවුන්ගේ ආදර කතාව ට ලබා ගනීවි.

_____♡︎

ආදරය? ඒ කුමක්ද ඇහුවොත් ඔබ කුමක්ද කියන්නේ. ආදරය යනු බැදීම් යන වතුර ඉදිරියේ ඇති විදුරුවක් බදු දෙයකි. එයට ඔබ එකඟ වෙයි ද? විදුරු ව ඉක්මනින් බිදෙන්න පුළුවන් ඒ නිසා ප්‍රවේසම් වෙන්න අවශ්‍යයයි. එය බිදුනොත‍් එහි රැදී තිබුණු ජලය ගලා යනවා. ඇතැම් විට එතැන ජලය තිබුණා ද වත් සිතාගත නොහැකි සේ ඉතින් බැදීම් එසේ නොවේද? මිනිසුන් විසින් ආදරය විවිධ කොටස් වලට වෙන් කරනවා. හැගිම්, පාර්ශවය, ලිංගිකත්වය, පවුල් පසු බිම ඉන් කිහිපයක්. නමුත් සත්‍ය ආදරය යනු සත්‍ය ආදරයම නොවේ ද? ඇතැම් විට අප ඒක පාර්ශ්විකව ආදරය කරන්වා. එය අහිමි වීම මගින් අප අපේ ජීවිතය නැවැත්වීම ද සුදුසු? කොහෙත්ම නැහැ. එය ඇත්ත ආදරයක් නම් තමන් ආදරේ කරන කෙනාගෙ සතුට වෙනුවෙන් ඔහුට යන්න දීම කල යුතුයි. බැද තබා ගැනීමට වඩා එය සුන්දර ආදරයක් නොවේද? රාගය සහ ආදරය පටලවා ගන්න බොහෝ දෙනෙක් ඉන්නවා. නමුත් අමතක කරන්න එපා රාගය ශරීරය ටත් ආදරය ආත්මය ටත් අයිති බව.

සමජය විසින් පිළිගත් සම්මත තියෙනවා. ඇතැම් බැදීම් වලට නීති යොදනවා නමුත් හැගිම් වලට නීති තියේ ද? වෙන කෙනෙක් ගෙ තේරීමට අගෞරව කිරීම පහත් කිරීම ද කල යුත්තේ? කෙනෙක් තරු පිරුණු සද නැති රැය ලස්සන බව කියන විට තව කෙනෙක් තරු නැති පුර හඳ දින අලංකාර බව කියයි. ඉතින් කවුරුන් හෝ වැරදිද? තමන්ගෙ තේරීමට විරුද්ධ තේරීම වරදක් වෙන්නේ කොහොමද?

ජීවිතේ ප්‍රශ්න පත්‍රයක් වගේ. හැම මොහොතකම ප්‍රශ්න එනවා. ඒවාට සාර්තක ව මුහුන දෙන්න ශක්තිමත් වීම වැදගත්. තමන් වෙනුවෙන් තමාගෙ කැමැත්ත වෙනුවෙන් තමන් පෙනී සිටිය යුතුයි. තමන් විසින් ම තමන් ව පහත් කිරීමෙන් සිදු වන්නේ අන් අයත් ඔබව පහත් කිරීමයි. කෙසේ වෙතත් ඔබ ඔබටම ආදරය කරන්න. ඔබ ව අත් හැර යන දේවල් වලට යන්න දෙන්න. ඔබ සමඟ සිටින අය සමඟ සිටින්න.

දෛවය කිසිවෙක් ලියා දෙන්නේ නෑ. එය තමන් විසින්ම නිර්මාණය කර ගත යුතු දෙයක්. ඔබේ දෛවය ඔබේ තීරන මත ක්‍රියාත්මක වෙනවා. ඒ තීරන නිවැරැදි හෝ වැරදි විය හැකියි. ඔබට වැරදි දහසක් උනත් කල හැකි යි එකම වරද දෙවරක් නොකර. ඉතින් බැදීම් කියන දේ ගැන තීරනය ඔබ විසින්ම ගත යුතුයි.

_TDM__Pink_

Home Town//Taekook//Where stories live. Discover now