My home town changed my life...

129 24 3
                                    

_වසර දොළහකට පසු_

"Semmy ඉක්මන් කරලා ඔයාට ඕනෙ අයිස් ක්‍රීම් එක කියන්න. අපි එනකන් පපා කාර් එකේ බලන් ඉන්නවානේ" තරුණ කාන්තාවක් තම දියණියට කිව්වේ තම දියණිය බොහෝ වෙලාවක සිට පාර්ක් එකේ ඇති අයිස් ක්‍රීම් එකක් තෝරන නිසා.

"මාම්. මට ඕනෙ අර වගේ චොකලට් අයිස්ක්‍රීම් එකක්." කුඩා ගැහැණු ලමයා අසල සිටි පිරිමි කෙනෙක් ගෙ අයිස් එකක් පෙන්වමින් කිව්වා.

"ආ? මොන... හි... හි... යුන්ග්" ඒ කාන්තාවගෙ කදුළු ඇඟේ මුහුණ සිප ගන්නවත් සමඟ ඇය කියමින් එම පුද්ගලයා වෙත දිව ගියා.

"Li... Ly" එම පුද්ගලයා ඇය දුටු විට හසුනෙන් නැගිට්ටෙ පුදුමයෙනි.

"හියුන්ග් ඔයා... ඔයා ට කොහොමද? ඔයා කොහෙද ඉන්නෙ? මෙහෙ ද?" lily තම කදුළු පිස දමමින් කතා කරා.

"පපා!!" Semmy  පිරිමි කෙනෙක් ලඟට දිව ගිය අතර ඔහු ඇයව වඩා ගත්තා.

"Oh, sir? I mean Taehyung?" එම පුද්ගලයා Taehyung වෙත දුවගෙන එන අතර පැවැසුවා.

"Hobi? ඔයා?" Taehyung ද විශ්මයෙන් කතා කල අතර Taehyung නවත lily දෙස බැලුවේ ඇඟේ ඉකි ගැසීම ඇසුණු නිසයි.

"Lily? Hobi මොකද මෙතන කරන්නේ? එතකොට පපා කිව්වේ?" Taehyung ඇසුවේ පුදුමයෙන්.

"ඇයි ඔයා අහන්නේ? මේ මගෙ පපා." කුඩා දියණිය Taehyung ට තම පියාගේ කරේ ම සිට පැවැසුවා.

"li.. Lily? මොකද්ද මේ? එතකොට කු..Jungkook?" Taehyung ඇයගෙන් ඇසුවේ ඇඟේ කදුළු ගැන ප්‍රශ්න ඉතිරි කරමින්.

"හියුන්ග් මෙතනින් ඉඳ ගන්න" ඇය තම කදුළු පිසදා Taehyung ට එතන තිබු පුටුවෙන් ඉඳ ගන්න ලෙස පැවැසූ lily තම අතින් Hobi ට සංඥා කරේ Semmy ව ගෙන යන ලෙසයි.

"හියුන්ග් මතකද එදා මගෙ අප්පා කුකී ට කිව්වම මමයි දරුවයි එයාගෙ හීනයි ද නැත්තම් ඔයා ද අහද්දී කුකී ඔයාව තෝරා ගත්තා. ඒත් එදා හියුන්ග් කුකී ට අපිව තෝරාගන්න කියලා හියුන්ග් අපෙන් වෙන් වෙලා ගියා." ඇය Taehyung ට තම දෑසින් වැටෙන කදුළු පිසන ගමන් කිව්වා.

"ඔ... ඔව්" Taehyung තම කදුළු පාළනය කරන ගමන් කිව්වා.

"හියුන්ග් එදා ඔයා ගියාට පස්සේ මන් හිතුවේ අපේ ප්‍රශ්න ඉවරයි කියලා. මට සමාවෙන්න මන් හිතුවේ නෑ එදා රෑ අප්පා ගෙදර එයි කියලා. එදා හියුන්ග් ගියාම කුකී ගොඩක් මානසිකව වැටුණා. අඩු තරමේ කෑම කන්න වත් එයාට සිහියක් තිබ්බේ නෑ. හැම වෙලේම එයා අඩන එක කරේ එයා තමන්ටම රිද්ද ගන්න පටන් ගත්තා. ඒ වෙද්දි මමත් අමාරුවෙන් හිටියේ දරුවා ලැබෙන්න ඔන්න මෙන්න කාලේ නිසා. මුල් ටිකේ මම දරුවා නිසා ඉවසුවා වගේම හිතුවා දරුවා ලැබුනම එයා සතුටින් ඉදී කියලා. ඒත් මන් හිතපු විඳිහ වැරදි යි අපි එයාව මන් කිව්වේ Hobi හියුන්ග්, Suga හියුන්ග් වගේම මම එකතු වෙලා Jungkook ව ගොඩක් doctors ලා ට පෙන්නුවා ඒත් වැඩක් උනේ නෑ. Jungkook ට අපි divorce වෙමු කිව්වත් Jungkook හා කිව්වේ නෑ. අපි Taehyung ව හැම තැනම හෙව්වා හියුන්ග් ගැන කිසිම දෙයක් හම්බුනේ නෑ. " ඇය හඬමින් කිව්වා.

Home Town//Taekook//Where stories live. Discover now