I'm Sorry But My Hometown...

Start from the beginning
                                    

"හහ්. Tae මන් ඔයා මෙහෙමයි හිතුවේ නෑ හොදේ. අවුරුදු ගාණක් ඔයාගෙ best friend උන මට වඩා ඔයාට මේ හුකුෆසලමහාසාජා..." Jimin කියන්න කලින් එයාගෙ කට වහපු Tae Jungkook ට ඇහැක් ගැහුවා.

Jimin ව යවා ගත් Tae Jungkook ද සමඟ Movie එකක් නැරබීමට ගොස් නැවත නිවසට පැමිණියා.

_____♡︎

(present)

" හියුන්ග් " Dali දුරකථන ඇමතුමක් ගත් අතර ඇමතුම ලබා ගත් කෙනාට කතා කරා.

" හියුන්ග් ඕක නවත්තන්න"

" මොකද්ද? ඔයා මගේ අයියා ද Mr. Taehyung?"

"කොහෙද අර Jungkook කියන එකා. මගෙ යාලුවට ගහන්න තරම් ඌ කවුද?"

"කොහොමද හියුන්ග් ඔයා ඔහොම කතා කරන්නේ? ඔයා කියන්නෙ මගේ යාලුවට ගහපු එක මන් කට පියන් බලන් ඉන්න ඕනේ කියලා ද? එයා pregnant මනුස්සයෝ"

" අර Jungkook කියන එකාට මෙහෙ එන්න කියනවා. Taehyung ඔයා හොඳටම දන්නවා මට ඌ ව උගේ තැනින් වට්ටන්න ලොකු මහන්සියක් වෙන්න ඕනේ නෑ කියලා. Jungkook ට මෙහෙ එන්න කියනවා"

ඇය දුරකථනයෙන් කියනවා අසුනේ මෙපමණයි. ඇයගේ ඇමතීමෙන් පසු Taehyung පලමු වතාවට Jungkook ට හොඳටම බැන්නා වගේම කම්මුල් පහරවල් කිහිපයක් ද දුන්නා. මොකද Taehyung කිසි දිනක බලාපොරොත්තු වූ දෙයක් නොවේ Jungkook සිදු කරේ. මීට පෙර දිනයක Jungkook බීමතින් නිවසට ගොස් Lily සමඟ රාත්‍රිය ගත කල බව Taehyung හොඳින්ම දැන සිටියා. Lily ගැබ් ගෙන ඇති බවත් ඔහුට අකැමැත්තෙන් හෝ පිළිගන්න සිදු උනා. Taehyung දැන සිටියා Jungkook Lily ගැබ් ගත්ත ද ඇය ගැන බැලුවේ නැහැ කියලා නමුත් ඔහුට එය ලොකු ගැටලුවක් උනේ නෑ මේ වන විටත් Jungkook සහ ඔහු වසර දෙකක් හෝ වඩා කාළයක් එකට ගත කරා. මේ අතරතුර සිදු වූ ආදරණීය සිදුවීම් සමඟ ඔවුන් එකිනෙකා හා බැඳුනා. Taehyung දැන සිටියා එය ආදරයට වඩා දුර ගිය ආදරයක් බව. එසේම ඔවුන් ඕනේ තරම් උණුසුම් රාත්‍රීන් නොව සම්පූර්ණ දින පවා ගෙවා දැමුවා. ඉතින් තමන් ආත්මීය සෙනෙහසක් දක්වන කෙනා බිරිඳ වූ ද වෙන අයෙක් ගැන සෙවීමට ඔහුගේත් කැමැත්තක් තිබුණේ නෑ. නමුත් ඇඟේ කුසේ සිටින්නේ Jungkook ගෙ දරුවා නිසා Taehyung ඔහුට ආදරය කරා. නමුත් මෙවර? ඔහු රාත්‍රියේ බීමතින් නිවසට ගොස් Lily ට පහර දීම? එය බලාපොරොත්තු විය හැකි ද?

කෙසේ හෝ Taehyung ගෙ බලවත් ඉල්ලීම මත Lily බලන්නට Jungkook පැමිණියා.

"කු... කී" දොර ඇර නිවසට ආ Jungkook වෙත ගොස් බදා ගමින් Lily පවසන්න විය.

"l.. Lily. මට සමාවෙන්න" Jungkook Lily ට කිව්වා.

"ඒකට කමක් නෑ කුකී. Oh Taehyung? ආ එන්න ඇතුලට ඉඳ ගන්න" Lily කතා කරත් Jungkook ගියේ නැහැ. Jungkook ට පෙර දින සිදුවූ දේ නිවරදිව මතක නැත්තත‍් Jungkook ට lily දුටු විට වරදකාරී හැගීමක් ආවා. තමාගෙ වරදින් පැමිණි දරුවෙකු කුසේ දරා ගෙන Jungkook මෙසේ සිදු කිරීම Jungkook ටත් දුකක් ගෙනාවා. පෙර දින දහවල් Lily ගෙ පියා විසින් Jungkook ව තම රැකියාවෙන් නෙරපා හැරීමට කටයුතු කරා. Jungkook තම දුවට දුක් දෙන බව දැනගත් පියා ඔහුගෙ මිතුරා වූ YN හි ප්‍රධානියා ට කතා කර ඔහුව ඉවත් කර තිබුණා. එයට තිබුණු කෝපය නිසා ඔහු පානය කරත් මෙවැන්නක් ගැන ඔහු සිතුවේ නෑ.

_TDM__Pink_

Home Town//Taekook//Where stories live. Discover now