බ්ලැක් මාස්ක් එක නිකට ලගට පාත් කරලා,  පිටිපස්සට හරවලා තිබුන කැප් එක නිසා මද අදුරේ උනත්  පැහැදිලිව පේන ජන්කුක් ගේ මූන අදුර ගන්න ජන්කුක් ව ඕනවටත් වඩා දන්න  කාටවත් දෙපාරක් බලන්න ඕන වුනේ නෑ.....

Photo කීපය දිගේ කලබලෙන් ඇස් අරගෙන ගිය සාරාගේ ඇස් ඊලගට නැවතුනේ photo වලට යටින් තිබුන comments section එකේ,  ඇස්වල කඳුළු උතුරන කොට comments කීපයක් කියවපු සාරා එහෙමම phone එක සාක්කුවට දාගත්තා... 

මේ තමයි ඇත්ත!!!
දවසක සාරා  මුන දෙන්න බලාපොරොත්තු වුන ඇත්ත!!
කොච්චර බලාපොරොත්තුවෙන් හිටියත් සාරාට හයියක් නෑ ඒ ඇත්තට මූන දෙන්න!!
සාරාට ඕන වුනා කෑ ගහලා කියන්න තමන්ගේ ආදරේ ගැන.....
සාරාට ඕන වුනා ජන්කුක් ලගට දුවලා යන්න.....
ඒත්!!!
සාරාට  පුලුවන් ලෝකෙට හොරෙන් අඩන්න විතරයි....

වෙව්ලන ඇගිලි තුඩු වලින් ආපහු සැරයක් වෝල් එකේ උඩට පහලට ගිය සාරා කදුලු මිරිකිලා යන්න ඇස් දෙක තද කරලා පියා ගත්තා....
සාරාගේ හිත කලබලයි....

ජන්කුක් ට ආදරේ කරන්න පටන් ගද්දි ම සාරා දැනගෙන හිටියා කවදාහරි දවසක මේ දේට මූන දෙන්න වෙනවා කියලා.... අවස්ථාවක් ආවොත් ආදරේ හිතේ හංගගෙන ජන්කුක් ට එයාගේ ගමන යන්න දෙන්න එදා සාරා හිතා ගත්තත්,  අද ඒකට හිත හදා ගන්න තමන්ට බෑ කියලා සාරාට තේරුනා......

සාරා ලෝබයි!!!
හුස්මක පවා හැන්ගිලා තියන ජන්කුක් ගේ ආදරේට සාරා දැන්  ලෝබයි!!!
සාරා බයයි!!
ඒ දිලිසෙන ඇස් වල හිනාව නැතිකරලා දාන්න සාරා බයයි... ජන්කුක් ගේ සතුට තියන්නේ තමන් ලග කියලා ගෙවිලා ගිය පුංචි කාලේදී සාරා හිටියේ තේරුම් අරගෙන....ඉතින් සාරා බයයි ඒ සතුට ජන්කුක් ගෙන් උදුර ගන්න....අනාගතේ ගැන ඒ හිතේ තියන හීන කන්දට ගිනි තියලා දාන්න සාරාට ලෝබයි.....

සාරා දන්නේ නෑ දෛවය එයාගේ කතාව ලියන්නේ කොහොමද කියලා....
ඒත්... සාරා අත්දැකීමෙන් දන්න දෙයක් තියනවා.... ඒ තමයි දරාගන්න බැරි අමාරු කාලේ පහු වුනාම ආපහු ජීවිතේට සැනසීම ලැබෙනවා කියන එක....
අතීතේ ජීවිතේ  සාරාගේ ඉස්සරහට  එක එක කාලවලදී ඕනවටත් වඩා අමාරු පරිච්ඡේද අරගෙන ආවා.... මුලින් කඩා වැටුනත් පස්සේ සාරා පුරුදු වුනා අමාරු කාලවලට ශක්තිමත් ව මූන දෙන්න... සාරාට හිතුනේ හැම ආමාරු කාලයක් ම ජීවිතේට ලැබෙන පරීක්ෂණයක් කියලා....

❣️Տᗩᖇᗩᑎᘜᕼᗩᗴ ᑎOOᑎᗩ❣️ ☾︎𝗝𝗝𝗞 𝗦𝗧𝗢𝗥𝗬☽︎𝗀𝗂𝗋𝗅⌫𝖻𝗈𝗒 (( 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳))Where stories live. Discover now