" ඔව් ඔව්. මම ඔය දෙන්නටම ආදරෙයි. ඒක මරු නේද " මම කීවේ ඇස් කරකව කරකව. ටේ හයියෙන් ඉහළට ඇද්දා. ඉතුරු හය දෙනාම වටවෙනවා මම ඇස් කොණට දැක්කා.

" මියා මගෙ යාළුවව බය කළා ඇති. ඔය කොල්ලට හාර්ට් ඇටෑක් හැදෙයි. එයා ඒ තරම්ම ඔයාට ආදරෙයි චූටී. " ජන්කුක් කීවේ හිනාවෙන ගමන්. " මියා මට ඉන්න එකම මගෙ චූටි නංගි ටේ. ඇපලෝ අපි දෙන්නව ඈත් කළේ අපේ ආරක්ෂාවට. මම එදා ඔයාට කීවා මමයි ඔයයි මියාට ආදරේ කරන්නෙ දෙවිදිහකට කියලා. කොහෙද ඔය පිළිගත්තේ නෑනේ.  උත්තමාවිය හැමදෙයක්ම මට පැහැදිලි කරලා දුන්නා. "

" සියල්ල ලෙයින් තීන්දු වනවිට, ආර්ටෙමිස් ගේ දියණිය සමුද්‍රයට භාරවනු ඇත. " එහෙම කීවේ යුන්ගි ඔප්පා. ටේ හිටියේ කට ඇරගෙන.

" ටේ ඔය කටවහගන්න මුලින්. " ඒ චිමී

" මම මෙයාට එදා ඒක පැහැදිලි කරන්න හැදුවා. කොහෙද ඉතින් මෙයා මියාට පිස්සු වැටිලනේ හිටියේ. "

" ආහ් එදා වලිය. එදා රණ්ඩු වුණේ මියාටද ඒ කියන්නේ? අම්මෝ ' එයා මගෙ විතරයි ' " මම කීවේ එදා වලිය අනුකරණය කරන ගමන්. දැන් නම් මගෙ කොටි පැටියා ස්ට්‍රෝබෙරි වලටත් වඩා රතු වෙලා.

" මොකක්ද වලි සීන් එක? එදා බෙහෙත් දාපු එකද? "

" ඔව් ජින් ඔප්පා. මම පස්සෙ කියන්නම්කෝ "

" පොඩ්ඩක් ඉන්න. එතකොට වටේ කැරකෙන එකා කීවේ මටද? මූව උලතියන්න එපායෑ. මමනෙ යකෝ වංකගිරියට බැස්ස වෙලේ ඉදන් සපෝර්ට් කළේ. "

" හරි ඉතින්. මම කොයිවෙලේ කඩාපත් වුණ්ත් ඔයා ඉන්නෙ මියා එක්කනේ. මට තරහ යන එක සාධාරණයි."

" පොඩ්ඩක් ඉන්න. එතකොට මේ ජිමිනා මාව මගෑරියේ ඒකටයි. මූ ඩබල් ගේම ගහලනේ. තව ටිකක් කොටකරනවා දැන ගනිම් " මම කීවේ ඇඟිල්ල උරුක් කරගෙන.

" මේ දෙන්නා පස්සෙ එයි. අපි දැන් යමු. කතා කරගන්න දේවල් ඇතිනේ. " ජුනී ඔප්පා මගෙ ඔළුව අතගගා කියද්දී හැමෝම මාළිගාව පැත්තට යන්න ගියා. චිමී ඇරෙන්න.

" මම යන්න ඕනි නෑනෙ. මම ටේගේ සෝල්මෙට් වගේ. ඊටත් වඩා මියාගෙ බෙස්ටනේ " ජින් ඔප්පා ඇවිත් එයාගෙ කොලර් එකෙන් ඇදගෙන ගියේ ජිමින් බොරුවට අඩද්දී.

𝑫𝑨𝑼𝑮𝑯𝑻𝑬𝑹 𝑶𝑭 𝑨𝑹𝑻𝑬𝑴𝑰𝑺 || ✔Where stories live. Discover now