නම්ජුන් ඔප්පා කියපු දේ හිත හිතම මම ගියේ පන්තියට යන්න හිතාගෙන. ඒත් එකපාරටම කවුරුහරි මගෙ කොලර් එකෙන් අල්ලගෙන මාව බිත්තියට තල්ලු කරා.
" තමුසේ වැඩ පෙන්නනවා වැඩී අලුත් එකෝ. පැත්තකට වෙලා ඉන්නවා තමුසෙගෙ ව්ඪක් බලාගෙන. මගෙ වැඩ වලට ඇගිලි ගහන්න එන්න එපා. "
" ආහ් මේ මිස්ටර් බේබි කිම් නේද? මට තර්ජනය කරන්න එනවද? මොකද ආයෙත් නහය කඩා ගන්න ආසයිද? " මොනව වුණත් එයාට තිබුණේ ඕනම කෙනෙක්ගේ හිත් වසග කරවන පෙනුමක්. මාත් කෙල්ලෙක්නෙ නේද?
" මම බේබි කිම් නෙවේ. මම ටේහ්‍යුන්ග්. කිම් ටේහ්‍යුන්ග්. ඊලග ලෙෆ්ටිනන්ට් " එයාට තරහ ගියාම මාර හොට් අනේ
" එහෙමද ටේටේ? ඔයාට ලෙෆ්ටිනන්ට් වෙන්න තව ගොඩක් කල් යයි. තරහ ගියාම ඔයා හරි කියුට් නේ " මම කීවේ එයාගේ මූණට එබෙන ගමන්. එයාගෙ ඇස් නිල් පාටයි.
(A- යකෝ මේකි පැනි නැකතකින්ද ඉපදිලා තියෙන්නෙ?
M- මාත් කෙල්ලෙක්නේ. මැදින් ඇඩ් දාන්න එපා.
A- කියනකම් හිටියේ )
කිම් මගෙන් ක්ශනිකව ඈත් වුණා. මට ටිකක් වෙලා රවාගෙන හිටපු එයා ආයෙත් කතා කළා.
" ඕවා මට දාන්න එන්න එපා. ගිහින් කෙල්ලෙක්ව හොයාගන්නවා."
" මම කෙල්ලන්ට කැමති නෑනේ ඉතිම් " මම කියද්දි කොල්ලගෙ ඇස් ලොකු වුණා.
" හිතුවද මාත් ඔයා වගෙ කියලා. ආයෙ මගෙ වැඩවලට ඇගිලි ගහන්න එන්න එපා." ඔහු කීවේ මාව තල්ලු කරන ගමන් " ඔයා මගෙ හ්යන්ග්ලට දාන චාටු කතා මට- " එයාට කතා ව ඉවර කරන්න ඉඩ නොතියාම මම එයාගෙ තොල්වලට ඇගිල්ල තිබ්බා. " මිස්ට බේබි කිම්, අපි පස්සෙ වෙලාවක කතා කරමුකෝ. මට දැන් යන්න ඕනි " කියපු මම යන්න හැරුණේ මම කරපු දෙයින් ශොක්වෙලා වගේ හිටපු කිම්ව එතන තනි කරලා
*****************
හැමෝම හිටියේ භෝජන ශාලාවට රැස් වෙලා. ඊයෙ රෑ මට නින්ද ගියෙත් නෑ. ඒ අස්සෙ ජිමිනා මගෙ අත අල්ලගෙන මොනවදෝ කියවනවා. ඒත් මම හිටියෙ මම දැකපු හීනේ ගැන හිත හිත. මගෙ අතට දැණුනු වේදනාවක් නිසා මම පියවි සිහියට ආවා.
YOU ARE READING
𝑫𝑨𝑼𝑮𝑯𝑻𝑬𝑹 𝑶𝑭 𝑨𝑹𝑻𝑬𝑴𝑰𝑺 || ✔
Fantasyයදම් ලූ දෙවගන සොයා පළමු සේනාංකය අදුරට පල්ලම් බසිද්දී අවසන් දෙපිළ සෑදෙනු ඇත ජලය නිසා අග්නිය විනාශ වුවත් ආදරයේ දියණිය අග්නිය සුවපත් කරනු ඇත සියල්ල ලෙයින් තීන්දු වනවිට ආර්ටෙමිස්ගේ දියණිය සමුද්‍රයට බාරවනු ඇත - - - අතුරන් වූ දෙවගනක්, ආශිර්වාදලත් සත් මිත...