07

251 71 62
                                    

"මට තේරුණු විදිහට ජන්කුක්ට කෙල්ලව ඔනි නෑ.එයා ඒක තේරුම් කරාට බේබි කිම් ඒක පිළිගන්නෙ නෑ.කොහෙද ඉතින්,ඒ ගිනි යකාට පොල් ගෙඩියක් තරම් ඔලුවක් තිබ්බට අබ ඇටයක් තරම් වත් මොලයක් නෑනෙ"

"එකක් මතක තියා ගන්න මියා.එයා තමයි කදවුරේ දක්ශයා.නම්ජුන් හ්‍යුන්ග් ඇරුනම." චිමී ඒක කිව්වෙ බැරෑරුම් විදිහට.

"ඒක ගැන කතා කලා ඇති දැන් මට කියන්නකො මොකක්ද අර ආරංචිය.ඇයි ජුනී ඔප්පා කතා කලේ?"

"ආහ් මේකයි.අද රෑට නිදාන හොයන තරගෙ තියෙනවා.ඒකෙන් දිනන අයට ඔලිම්පස් බලන්න යන්න පුලුවන්."

"වාහ් නියමයිනෙ.එහෙනම් දිනන්නම් ඕනේ.නිදාන හොයට එක මහ දෙයක් නෙවෙයි නේ.අනික මට ඇපලෝ එක්ක විසදගන්න ප්‍රශ්නයක් තියෙනවා."

"ඒක හිතන තරම් ලේසි නෑ.ඔයාට ඒකෙන් දිනන්න ලැබුනොත් හොදයි.ඒ තරගෙන් පස්සෙ දෙවිවරු හිමිකම් කියනවා ගොඩක් වෙලාවට.හැබැයි අපිට රාක්ශයො එක්ක සටන් කරන්න වෙනවා."

"දැන ගත්ත එක හොදයි.මම කොහොම හරි දිනන්න ඕනි එහෙනම්"

"ඔක්කොටම කලින් ඔයා ටී ශර්ට් එකක් මාරු කරගෙන ඉන්න.මට ලේ දකිද්දි කලන්තෙ වගේ."

*************************

Time Skip 

මේ වෙද්දි අපි තරගෙට සූදානම් වෙලයි හිටියෙ.මේ සටන් කරන්න උඩින් දාන මොකක්ද එක දාගෙන හරියට ඇවිද ගන්නත් බෑ.ඒ මදිවට පිහාටුවක් ගහපු තොප්පියකුත්.

"මොන මගුලක්ද යකෝ? මේ රෙද්ද ඇදගෙන ඇවිදින්නෙ කොහොමද? මම දැන් මේක ගලවල විසික් කරනවා."

"මේ අහන්න.මොංගල් වැඩ කරන්න එපා.අපි සටන් කරන්නෙ ඇත්ත ආයුද වලින්.ඕක නැතුව ඔයාට ආරක්ශා වෙන්න බෑ මියා."

"මට ආරක්ශාව තියෙනවා කියලා හිතන්න පුලුවන් එක්කෙනෙක් ඉන්නවා."

"මොනාද මියා කියවන්නෙ? ඔයා මේකට කොහෙත්ම අදාල නැති දෙයක් නෙ කියන්න යන්නෙ.යන්නෙ කොහෙද මල්ලෙ පොල් "

"චිමී මේක හොදට අහගන්න.මම මේක දවස් ගානක් තිස්සෙ ඔයාට කියන්න හිටියෙ."

"මේ මියා,ඔයා මගෙන් යාලු වෙන්න අහනවා නෙමේ නේද?මම නම් අහන්න කලින්ම බෑ කිව්වා ඔන්න." චිමී බය වෙලා හොදටම.එයාගෙ මූන දැකපු මට හොදටම හිනා ගියා.

𝑫𝑨𝑼𝑮𝑯𝑻𝑬𝑹 𝑶𝑭 𝑨𝑹𝑻𝑬𝑴𝑰𝑺 || ✔Where stories live. Discover now