සිංහාසන ශාලාවෙන් එළියට එද්දිත් ටේව අල්ලගන්න හැදුවට හරිගියේ නෑ. එයා එළියට ගියේ රේස් එකේ. චිමී එයා පස්සෙන් යන්න හැදුවත් එයා චිමීටවත් එන්න දුන්නෙ නෑ. මම ගියේ චිමී ළඟට.
" එයාට මොකද වෙලා තියෙන්නෙ චිමී? "
" අනේ මන්දා මියා. මට බැනලා එලව ගත්තා. එයාට ආපහු යකා වැහිලා. ඔයා ගිහින් බලන්න පොඩ්ඩක්. "
" හරි මම බලන්නම්. " මම ටේ යන දිහාවට දුවන්න පටන් ගත්තා.
ටේ පොඩ්ඩක් ඉන්න. කතා කරන්න ඕනි. " ඒත් මේකා නතර වුණේ නෑ. මම එයාව ඉස්සර කරලා ගිහින් එයාගෙ අත් දෙකෙන් අල්ලගෙන නතරකර ගත්තා. සුපුරුදු රැවිල්ල එයාගෙ මූනේ සටහන්ව තිබුණා.
" මොකද වෙලා තියෙන්නෙ ටේහියුන්ග්? මට ස්තූති කරන්නෙවත් නැද්දි ඔයාව බේරුවට?"
" ස්තූති කරන්නද? ආහ් තෑන්ක්යූ සෝ මච්? අපරාදේ මට මැරෙන්න අරින්න තිබ්බේ? "
" ඔයා මේ මොනවද කියවන්නේ? මම කොහොමද ඔයාට මැරෙන්න දීලා බලාගෙන ඉන්නේ? ඔයාව මට කොච්චර වටිනවද? "
" ඔව් ඔව්. මම ඔයාගෙ යාළුවෙක් නිසා ඔයාට මාව වටිනවා. කියන්න ඕනි නෑ මම ඒ ටික හොඳට දන්නවා. " එයා තරහෙන් කෑ ගැහුවත් එයාගෙ ඇස්වල කඳුළු තියෙනවා කියන්න මම දැක්කා.
" ම්ම්ම්........ මම කවද්ද එහෙම කීවේ? ඔයා මගෙ යාළුවෙක් නෙවේනේ ?"
" ශික්. අපරාදෙ මම මැරිල ගියා නම් මේ මුකුත් නෑනේ. "
" ඔයාට මගෙ අවසරේ නැතුව මැරෙන්න බෑ. ඔයා මට ජීවිතෙන් ණයයි. ඒ නිසා ඔයා මගේ.ඔයාට බෑ ඕනි ඕනි විදිහට තීරණ ගන්න. "
" මො- මොකක්ද ඔයා ඒ දැන් කීවේ? "
ටේ ඇස් දෙක ලොකු කරගෙන අහද්දී මම එයාගෙ දෙතොල් සිප ගත්තා. මුලින් එයා පුදුම වුණත් එයා ප්‍රතිචාර දැක්වුවා. මගෙ බඳ වටා අත් යවපු එයා මාව තුරුල් කරගත්තේ හරිම පරිස්සමට. එයා ගාව තාමත් ස්ට්‍රෝබෙරි සුවඳයි. ඒ සුවඳ මාව පිස්සු වට්ටනවා. ඈතින් චිමීගෙ කට හඬ ඇහෙද්දී ටේ මගෙන් ඈත් වුණ." ඒත් ඒත් මියා. මට මේ කිසි දෙයක් තේරෙන්නෙ නෑ. එතකොට කුකී. ඔයා එයාට ආදරෙයි නේද? "
YOU ARE READING
𝑫𝑨𝑼𝑮𝑯𝑻𝑬𝑹 𝑶𝑭 𝑨𝑹𝑻𝑬𝑴𝑰𝑺 || ✔
Fantasyයදම් ලූ දෙවගන සොයා පළමු සේනාංකය අදුරට පල්ලම් බසිද්දී අවසන් දෙපිළ සෑදෙනු ඇත ජලය නිසා අග්නිය විනාශ වුවත් ආදරයේ දියණිය අග්නිය සුවපත් කරනු ඇත සියල්ල ලෙයින් තීන්දු වනවිට ආර්ටෙමිස්ගේ දියණිය සමුද්‍රයට බාරවනු ඇත - - - අතුරන් වූ දෙවගනක්, ආශිර්වාදලත් සත් මිත...