ඒ නිසාම දොර අගුලු ඇරිලා වැහෙනවා සාරාට ඇහුනේ නෑ...හීන් මල් වැස්සක් රෝස පොහොට්ටු තෙමාගෙන වැටෙද්දී හිතුවක්කාර හුලගත් එක්ක ආපු වැහි බින්දු සාරාව තෙමාගෙන යද්දී සඟරාවෙන් ඇස් අහකට ගත්ත සාරා වට පිට බැලුවා...

බැල්කනි එකට එන දොරට හේත්තු වෙලා අත් දෙක බැදගෙන තමන් දිහා බලාගෙන ඉන්න ජන්කුක් ව සාරා දැක්කේ එතකොට...

"කුක්!!"

ඇස් ලොකු කරගෙන ජන්කුක් දිහා බලාගෙන මුමුනපු සාරා වේගෙන් ඇහිපිය ගහන කොට ජන්කුක් හිනාවෙවීම සාරා ලගට ආවා...

" මොකක්ද ඔය තරම් වුවමනාවෙන් කියවන්නේ  නූනා,  මං එනවා දන්නේ ත් නෑ"

"කුක්!! ඔ ඔයා කොයි වෙලාවෙද ආවේ!! මං කිව්වේ මේ ඔයා එනවා කියලා කිව්වේත් නෑ"

"කිව්වා නම් නූනා  surprise වෙන්නේ නෑනේ!!"

අතින් ඇදලා සාරාව ලගට ගන්න ගමන් කියපු ජන්කුක්, හුලගට ඉහිරුන කෙහේරැල්ලක් කන පිටිපස්සෙ රදවන ගමන් සාරාගේ කම්මුල් දෙපැත්තෙන් අත් දෙක තියලා මූනට එබුනා..

"කොච්චර දවසකට පස්සේද නූනා..."

"මාස දෙකයි කුක් "

කියලා සාරා මුමුනන කොට සාරා කිටි කිටියේ ජන්කුක් ගේ පපුවට තද වෙලා ගියා..

"ගොඩක් මතක් වුනා නූනා "

"මටත්  කුක් "

නලලෙන් පටන් ගත්ත හාදුව මූන  පුරා දඟ කරන කොට ජන්කුක් ගේ නොසන්සුන් අත් වල උනුසුම පිජාමා ෂර්ට් එක ඇතුලෙන් දැනෙන කොට සාරා තව තවත් ජන්කුක් ගේ උනුසුමට නතු වුනා....

වසන්ත සීතල මුහු වුන පොද වැස්ස අනුරාගී හෝරාවකට පාර කියන කොට, වැහි බින්දු රෝස පෙති උඩට වැටෙන තරම්ම ලයාන්විතව ජන්කුක් ගේ තොල් සාරාගේ වත පුරා රටා මැව්වා....

අලුපාට මන්දාරම් හැන්දෑව පෙම් පාට අනුරාගයෙන් මත් කරලා සාරාගේ තෘප්තිමත් කෙදිරිලි හඩ අහගෙන රෝස මල් පොද වැස්සේ නෑවෙන කොට ජන්කුක් ගේ වේගවත් සුසුම් ස්වර වලින් පෙම්වත් මොහොත උනුසුම් වුනා...

තරු නොපායපු රෑ අහසේ තනිවුන හඳ වලාකුළු තුරුලේ හැංගෙන කොට, වළා තිර අතරින් පෙරිලා ආපු හඳ එලියෙන් හැඩ වුන රෝස මල් සුවද ඉහිරුණු සාරාගේ පුංචි කාමරේ තෘප්තිමත් සුසුම් වලින් පිරිලා යනකොට ලෝකෙට ම රහසේ සාරාගේ ආදරේ  මුලු ආත්මෙන්ම ජන්කුක් තමන්ගේ නමට ලියා ගත්තා.....

❣️Տᗩᖇᗩᑎᘜᕼᗩᗴ ᑎOOᑎᗩ❣️ ☾︎𝗝𝗝𝗞 𝗦𝗧𝗢𝗥𝗬☽︎𝗀𝗂𝗋𝗅⌫𝖻𝗈𝗒 (( 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳))Where stories live. Discover now