" අකුණු ගහන්න පටන් අරන්. අපි දැන් යන්න ඕනි. උත්තරායනයට වුණා වෙලාව හරි. " කියපු ආර්ටෙමිස් හයියෙන් විසිල් කරා. සඳ එළිය දීප්තිමත් වෙද්දී අප ඉදිරියේ තිබුණේ කරත්තයක්. ඒක තමයි මම මෙච්චර කාලෙකට දැකපු ලස්සනම කරත්තේ. ඒ කරත්තෙ ගැට ගහලා හිටපු මුවා සුරංගනා කතාවල ඉන්න මුවෙක් තරම් ලස්සනයි.

" නගින්න ළමයි "

" මේක මම හිතන එකද? " මම ඇහුවෙ ඇස් දෙකත් ලොකු කරගෙන

" ඔව් ඔයා හරි මගෙ දරුවෝ " උත්තමාවිය පිළිතුරු දුන්නේ හිනාවෙන ගමන්. අපි හැමෝම කරත්තෙට නැග්ගා. මම ඒත් ජන්කුක්ගෙ අත අතෑරියෙ නෑ. එයා ඒ කියපු දේවල් මට තවත් විශ්වාස කරගන්න බෑ. මේ ගැන කියන්න ටේට කතා කරන්න හැදුවත් එයා මාව ගණන්ගත්තෙ නෑ. චිමීට හේත්තු වෙලා ඇස් දෙක වහගත්තෙ අමාරුවට වෙන්න ඇති. මම බාධා කළෙත් නෑ.

*****************

අපි මේ වෙද්දි ඔලිම්පස්වල සිංහාසන ශාලාවට යන ගමනුයි හිටියේ. මට ටේට කතා කරන්න ඕනි වුණත් මොකක්දෝ හේතුවකට එයා මාව මගෑරියා. ඒත් ඔලිම්පස්වල ලස්සන දැක්කම ඒ හැමදෙයක්ම මට ටික වෙලාවකට අමතක වුණා. ඒවා විස්තර කරන්න තරම් මට වචන තිබුණේ නෑ.

අවසානයේ අපි ඇතුළු වුණේ සිංහාසන ශාලාවට. මගෙ කට ඇරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. එතන සිංහාසන හරියටම දහතුනක් තිබුණා. ඒ හේඩිස්ටත් එක්කම. විශේෂම දේ නම් එතන තිබුණේ නව තාක්ෂණය වුණු එකයි.

සියුස්ගෙන් පටන් ගත්තොත් එයා ෆුල් සූට් ගහලා හිටියේ.පොසෙයිඩන්ට නම් හවායි වල පෙනුමක් තිබුණේ. හේඩීසෙගෙ නම් පෙනුම කොහොමත් පාතාලේ වගේනෙ. මම මාළිගාව හෝදපු එකට තරහ නොගියොත් ඒ ඇති. හෙෆාස්ටස්ගෙ පෙනුම පිස්සු විද්‍යඥ්‍යෙක් වගේ. සූබිනා ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඒත් අර ලයර් එකද මොකක්ද වීණාව තියේනම් ඒ ඇති. හර්මීස් කොලුවත් එයාගෙ පාටමයි. හොර බැල්ම එහෙමම තිබුණා. ඒරීස් නම් ජෙනරාල් කෙනෙක් වගේ. ඩයනයිසියස්ට වෙරි පාටක් තිබුණෙ නැති එක ගැන නම් පුදුමයි. දෙවඟනන් ගැන කියනවනම්. ආර්ටෙමිස් හිටියෙ අපිත් එක්ක. සූබින් වගේම එයත් අපේ වයසෙ පෙනුමිනුයි හිටියේ. හේරා නම් කොහොමත් සියුස්ගෙ නෝනා වගේ ඉන්න ඔනිනේ. ඩිමීටර්ට තිබුණේ ගෙවිලියකගේ පෙනුමක්. ( දැන් ඉතින් චීත්තෙයි හැට්ටෙයි නම් මවාගන්න එපා ඈ ) ඇතීනගෙ පෙනුම සාමාන්‍යයි. ඇෆ්‍රොඩයිට් නම් ගින්දර. එයා ඒ තරම්ම ලස්සනයි. ගිනි උඳුන ළඟ වාඩි වෙලා හිටපු චූටි කෙල්ල හෙස්ටියා වෙන්න ඕනි. මම හොඳ සිහියට ආවේ කවුරුහරි කෙනිත්තුවා වගේ දැනිලා. ඒ චිමී

𝑫𝑨𝑼𝑮𝑯𝑻𝑬𝑹 𝑶𝑭 𝑨𝑹𝑻𝑬𝑴𝑰𝑺 || ✔Where stories live. Discover now