"මේ දවස්වල මොකද කරන්නේ කුක්"

කොෆි එක ජන්කුක් ගේ අතට දෙන ගමන් සාරා ඇහුවා...

"මේ දවස්වල අලුත් music vedio එකේ වැඩත් එක්ක බිසී වෙලා ඉන්නේ නූනා..."

"ම්ම් මොකක් හරි ප්‍රශ්නයක්ද  කුක් "

සැරෙන් සැරේ ඔරලෝසුව දිහා බලන ජන්කුක් දිහා බලලා සාරා අහද්දි, ස්වභාවයෙන්ම ලොකු ඇස් තව ටිකක් බෝල කරලා සාරා දිහා බලපු ජන්කුක්...

"නූනා අපි එලියට යන්ද?"

ඇහුන දේ විස්වාස කරන්න බැරුව සාරා ජන්කුක් දිහා බලාගෙන ඉද්දි,,

"යමුද "
කියලා අහන ගමන් ජන්කුක් සාරාගේ මුනට එබුනා....

"කුක්!!! ඒත්!! මං කියන්නේ අපි කොහොමද...කවුරු හරි දැක්කොත්!!"

"ඕ කමෝන් නූනා.. අපි කා එක ඇතුලට වෙලා අයිස් ක්‍රීම් කමු හාද"

"බයයි කුක්!!"

"මං ඉන්නවනේ නූනා"

"ඒකම තමයි බය පිස්සු හාවා"

ජන්කුක් ගේ කම්මුලක් තද කරලා සාරා අත් වැට ලගින් මෑත් වෙනකොට සාරාගේ අතින් ඇදලා අරගෙන බැක් හග් කරපු ජන්කුක් සාරාගේ උරහිසට නිකට තියා ගත්තා.....

"මං ලගින්  ඉන්නකොට කිසිම දේකට බය වෙන්න එපා නූනා "

ලාවට ඇස් තෙත් වුනත්, මූනට හිනාවක් අරගෙන ජන්කුක් ගේ අත් අතරෙම කොල්ලගේ  පැත්තට හැරුන සාරා තොල් තද කරගෙන....

"අරස්සෝ කුකී ඔප්පා "

කියලා ඇස් නටවලා ජන්කුක් ගේ අත යටින් රින්ගලා රූම් එකට දුවගෙන ගියා...

"යා නූනාහ් පොඩ්ඩක් රොමැන්ටික් වෙනවකෝ "

හිනාවෙවීම සාරා යන දිහා බලාගෙන ජන්කුක් කෑ ගැහුවා....

ජන්කුක් හිටියේ සතුටින්!!
අනිත් හැම තැනකටම වඩා ජන්කුක් ට සාරා ලගදි අමුතුම සැහැල්ලුවක් සතුටක් දැනුනා....
සාරා කවදාවත් ජන්කුක් ඉස්සරහා මැසිවිලි කිව්වේ නෑ....
මහන්සි වෙලා එන ජන්කුක් ගේ හිත සතුටින් පුරවන්න මුලු දවසෙම මහන්සිය නිවන්න සාරාගේ එක හිනාවකට පුලුවන් වුනා.....
ඇත්තටම සාරා ට ජන්කුක් ත් ජන්කුක් ට සාරාත් හොද යාලුවෝ වුනා...ආදරේ වගේම යාලුකම එක්ක එකට බැදෙන සම්බන්ධතා හරි ආදරනීයයි, හිතට හරි සැහැල්ලුයි...
ඒ බැදීම් ඇතුලේ ජීවත් වෙන්න ලේසියි.... මවාපෑම් අඩුයි....

❣️Տᗩᖇᗩᑎᘜᕼᗩᗴ ᑎOOᑎᗩ❣️ ☾︎𝗝𝗝𝗞 𝗦𝗧𝗢𝗥𝗬☽︎𝗀𝗂𝗋𝗅⌫𝖻𝗈𝗒 (( 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳))Where stories live. Discover now