යීබොත් ශානුත් තැන් දෙකක තනියම විදවද්දි..ශාන්ගෙ ඉල්ලිම නිසාමයි යීබෝ ශාන් ව හොයන් හොස්පිට්ල් නොගියේ... ඒත් යීබෝ නොසැහෙන්න දුකක් ශාන්ගෙ මතකයන් පිරුනු.. එයාලගෙ කාමරේ තනිවෙලා විදිමින් හිටිය.... අලුත් දවසක් පටන්ගත්තෙ යීබෝගෙ හැම දේම කනපිට හරවලයි... හැමදේම එකට බෙදා ගන්න පොරොන්දු දුන්න දෙන්න දැන් තනි වෙලා ඒ ප්‍රශ්නවලට මූන දෙන්න උනාම ශාන්ට වඩා යීබෝ වේදනා වින්ද .. යීබෝ ලෑස්තිවෙලා පිටත් උනේ කාටවත්ම නොකියයි... යිබෝ දැනන් හිටියා හැමෝම මේ වෙලේ ඉන්නෙ ගොඩක් වේදනාවෙන් කියල....
----------------------------------
" ඩොක්ට මේ රුම් එකේ හිටපු පේශන්... එයා කෝ..." ආහ් .. ඒ.. පේශන්ට් ඩිස්චාජ් උනා.. එයාගෙ සර්ජන්ට් මාරු උනානේ...
" ආහ්... කොහෙට ද එයාල ගියේ.. ඩීටෙල්ස් මොනාහරි තියෙනවද...
" නැහැ .. සන්... එයාල කාටත් ඩීටෙල්ස් දෙන්න එපා කියල ගියෙ.. ඒක නිසා මට කිසිම හෙල්ප් එකක් කරන්න බැරි වෙයි.. එයාලගෙ පුතාට මොනාහරි ප්‍රශ්නයක්...නිසයි එහෙම උනේ.. ඒක රික්වෙස්ට් එකක්...
" හ්ම්ම්හ්.. හරි ..තැන්ක්‍යු ඩොක්ට...
හොස්පිට්ල් එකෙන් එලියට ආව යීබොට තවතවත් තමන් අසරන වෙලා වගේ දැනුනා... තිබුන එකම බලාපොරොත්තුවත් නැතිවෙලා යද්දි.. යීබෝ හෙමින් ඇවිත්... කා එකට නැග්ගෙ.. ඊලගට මොනා කරන්නද කියල හිතා ගන්න බැරිවයි... ස්ටියරින් වීල් එකේ ඔලුව තියන් කල්පනාවේ හිටිය යීබොගෙ කල්පනාව බිදුනේ ෆෝන් එක එක දිගටම රින්ග් උන නිසයි..
" ලෙලේ....
" අනේ බේබි කොහෙද ඉන්නෙ.. නොකියා කොහෙද ගියේ.. ඇයි මේවගේ වෙලාවක මෙහෙම කලේ ..
" මම බනී හොයන්න එයාලගෙ පපා නවත්තලා තිබ්බ හොස්පිට්ල් එකට ආව.. ලෙලේ.. එයාල ඩිස්චාජ් වෙලා ලෙලේ... මම මොනාද කරන්නෙ ලෙලෙ.. ඇයි ලේලෙ මට මෙහෙම දඩුවමක්... බනීට මාව විස්වාස නැතිඋනාද ලෙලෙ
" බේබි ඔයා ඔහොම ඉන්න මම චෑම්ප් එක්ක එනගමන්.. තනියම ඒන එපා..
" හ්ම්ම්හ්..
හිස පුරා දැනුනු දැඩි වේදනාවත් එක්ක..යීබෝ ශීට් එකත් කඩන් ඇල උනත්.. වේදනාවත් යටපත් කරන් පෙර මතකයන් යීබොගෙ ඇස් ඉදිරිපිට මැවුනේ.. ඇස් කෙවෙනි අගින් කදුලු බිදු ගලද්දියි... මේ ශීට් එක උඩ මේ විදියටම බනී එක්ක හුරතල් උනා .. බොට අදවගේ දැනෙද්දි .. යීබෝට දැනුනේ... එයාගෙ හදවත දරුනු විදියට වේදනා දෙනව.... යීබෝ හිටියේ ශාන් නැති වෙදනාව දරාගන්න පුලුවන් උපරිමෙයි.... ටිකින් ටික හිර වෙන පපුව අල්ලන් යීබෝ කාඑකෙන් බහින්න හැදුවත් එයාට පුලුවන් උනේ ඩෝඑක අන්ලොක් කරන්න විතරයි... ඒත් එක්කම හැමදේම අදුරු වෙද්දි.. යීබො ඩෝ එකත් ඇරිල එතනම වැටෙනකොට... කාපාක් එකේ හිටපු දෙතුන් දෙනක් එතනට එකතු උනා... යීබෝගෙ මූන දැක්කම හැමෝම වගේ අදුන ගත්තා... ඒ ඉන්නෙ ෆේමස් රයිඩ .. මොඩ්ල.. ඩාන්ස..වන්ග් යිබෝ කියල.... කට්ටිය වටවෙලා යීබොගෙ ෆොටෝස් ගහද්දියි ලෙලෙයි චෑම්පුයි එතනට ආවෙ.... එයාඅ පුලුවන් විදියට ඒ හැම දේම පාලනය කරන් යීබොව ඒ හොස්පිට්ල් එකටම ඇඩ්මිට් කලා... ඩොක්ට කීවෙ එකපාරටම ආපු පැනික් ඇටෑක් එක නිසයි යීබොට මෙහෙම උනේ.. කියල....
කවුරුත් නොදන්නව උනාට තවත් තැනක ශානුත් මේවගේම වේදනාවක් විදිමිනුයි හිටියෙ .... හරියට ඒ වෙලේ යීබොට ඒක දැනුනා වගේම ශාන්ටත් ඒ වේදනාව දැනෙන්න ඇති.......
YOU ARE READING
හීසර දෑසක්
Fanfictionපරෙස්සම් කරන්නත් දුක් විදිනව .. අයිති කරගන්නත් දුක් විදිනවා අහිමි උනත් දුක් විදිනවා.... ඇත්තටම බැදීම් කියන්නෙම දුකක්....