3.♥️♥️♥️

Beginne am Anfang
                                    

ආයේම ටික ටික අපි අපේ දේවල් අපේ කරගනිද්දී උබ මගේ කරගන්නත් මං හැම වෙලේම දැගලුවා ....

ඒත්

උබ ක්ලාස් එකට එන ලස්සන කෙල්ලො දිහා බලල ඇන ඇන මට උන් පෙන්නද්දී...
දවසක්

" ඒ අර බලපන් කෝ අර කෑල්ල.....පට්ට ලස්සනයි බං.... අඩෝ මට ඒකි සෙට කරල දියන්කෝ....."

"උබට ඕනෙ දෙයක් දෙන්නම් මට ඒකි සෙට්කරල දියන් " කියද්දී....

"මට ඕන උබ බන් "

කියල හිතින් කියල මං උබේ නම්බරේ ඒකිට දුන්නා.....

හරියට වෙස්සන්තර රජ්ජුරුවෝ දරුව දන් දුන්නම එයාගේ දේවී කෑ ගහ ගහ දරු දුකට ඇඩුවා වගේ මං ඇඩුවා... හිතින්.

මං එදා පළවෙනි පාරට මැරුණා !

උබව අතෑරල උබේ නිදහසේ උබෙ ආදරේ විදින්න දෙනව කියල හිතන් ගෙදර ඇවිල්ල හිතහදාගෙන නිදියගත්තත්....

පහුවදා උබෙ කෙල්ලගෙ හොදම යාලුව මං යාලුකරගත්තේ මගෙ තණ්හාවට වෙන්න ඕන....

ඒත් හැබැය් ඒ තණ්හාව හින්ද ආයේ උබට ලංවෙලා ඉන්න පුලුවන් උනා....

ඒත් කෙල්ලෝ අතෑරලා උබ ගැම්මෙන් එක්සෑම් වලට බහිද්දී..අර අහිංසක කෙල්ලට දාහක් බොරු කියල මාත් ඒකි විසිකරලා උබ එක්ක කුප්පියට ආවා.....

ඒකි එදා මට සාප කරා...

ඒත් මං සතුටු උනා..මස් කට්ටක් හම්බුන බල්ලෙක් වගේ..

ඒ ලෙවල් ලියල ජිමිනගෙ ගෙදර සෙට් වෙලා අනික් උන් කරටි කැඩෙන්න බීවත් මතක තියාගනින් මං එදා බිව්වෙ නැ ....

උන්ට පේන්න යි මං එහෙම කරේ...
මොකද මට උබට කියන්න හිර කරගෙන ලොකු දෙයක් තිබුන හින්දා...

රෑ දොලහත් පැනල උබ ඇදට එද්දී ඉක්මනට දුවල උබට එහා පැත්තෙ මං නිදාගත්තේ ඒකය්...හීන් සැරේ වෙලාව යද්දි බියර් ගදට උබේ හුස්ම මගේ මූනට වදිද්දි..
කාමරේට ලාවට වැටුන පාරේ නියොන් එලියට උබව මට පෙනුනේ හා පැටියෙක් වගේ .....
ඉවසන්න බැරිම තැන දී .
ඔව් ඉවසන්න බැරිම තැනදි මං උබෙ තොල් දෙක ඉම්බා...

මං හිතුවෙ උබ ඒ වෙද්දිනුත් නිදි ඇති කියල...

ඒත් උබ එකපාරට ඇස් ඇරියා...

මට කරගන්න දෙයක් තිබුනෙ නැහැ.. ඒත් මං උබට කැමතියි කීවා...

" අඩෝ කුකියෝ මං උබට කැමතී බන්....උබට ආද.."

"ඊයා බන් පිස්සුද උබට...බීල බීල මරු කියවනවා.."

උබ අප්පිරියාවෙන් මට කියල දැම්මා...
ඒත්,
අනික් පැත්ත හැරිල නිදියන්න ඕන උන උබ එහෙම නොකර මාව බදාගෙන නිදියද්දී...

මං දැනගත්තා....!

වෙරි තිබුනේ මට නෙවෙයි කියල

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

වෙරි තිබුනේ මට නෙවෙයි කියල ....හැබැය් උබටත් නෙවෙයි කියලත්...!

එක්සෑම් රිසාල්ට් ආවා...අපි දෙන්නම ආයේ එකම යුනියට සෙට් උනා...ඒත්
මට හිතුනා උබත් මං ගැන හිතනවද බලන්න...

උබව මග ඇරිය මං...උබෙ ෆැකලියටවත් ඩෝම් එකටවත් ආවෙ නෑ...ඒත් නොදැක ඉන්න බැරිකමට හැමදාම ඇස් උබව හොයන් ආවා....

අන්තිමේ මට උබව තරම් උබට මාව වටින්නෑ කියල පෙන්නල උබ අලුත් කෙල්ලක් දාගත්තා...

මං ආයෙම මැරුණා...!

ඔව් මට ඕනෙ උනා උබට සාප කරන්න පලිගහන්න ඒත් මට ඒදේ කරගන්න බැරිඋනා... ඒ අතරෙ මට කෙල්ලක් හම්බවුනා.....
ඇත්තටම ඒකී පනපිටින් හිටිය සුරංගනාවියක්....ඒකිව දාගන්න සියගානක් පොරකද්දි මොකුත් නොකර එයා මං ගාව නැවතුනා...
මට හයියක් උනා ..
උබට පෙන්නන්න ඕන උනා මං උබ හින්ද තවත් නෝන්ජලයෙක් වෙවී ඉන්නැති එක...

ඒත් මට වැරදුනා .....
දවසක් උබ දාඩිය පෙරාගෙන මගෙ ඉස්සරහට ආවා..උබෙ ශර්ට් එකේ බොත්තම් පවා දාන් හිටියෙ වැරදියට...ඒත් මාව දැක්ක උබ ..
ඇත්තටම මාවයි ශේන්‍යවයි දැක්ක උබ
හිනාවෙලා යන්න ගියා...
ඒත් ඒ මූනෙන් ලොකු කතාවක් මට කීවා...
මට ඒක ඇහුනා..

•~𝓳𝓾𝓼𝓽 𝓯𝓻𝓲𝓮𝓷𝓭𝓼 𝓫𝓾𝓽 𝓵𝓸𝓿𝓮𝓻𝓼 ~•✔️✔️"𝓣𝓚"Wo Geschichten leben. Entdecke jetzt