කම්මැලි කමෙන් ඇදේ එහා මෙහා පෙරලෙන ගමන් කලින් දවසේ සිද්ධ වුන දේවල් මතක් කර කර හිටපු සාරා ඇස් ඇරියේ phone එකේ notification sound එකට...

"📱හොදටම පරක්කුයි නූනා මං ෂූට් එකට යනවා,  "
"📱ආ "
"📱නුනා සරන්ග්හේ "
"📱මට ගොඩක් මතක් වුනා "

පරිස්සමින් ගිහින් එන්න කියල රිප්ලයි කරන්න හදන කොටම එක දිගට ආපු පනිවිඩ පේලිය සාරාගේ මූනට හිනාවක් අරගෙන ආවා....
"📱පිස්සු හාවා, දුවලා යන්න පරක්කු වෙයි! පරිස්සමින් කුක් "

මුනේ ඇදුන හිනාවෙන්ම රිප්ලයි මැසේජ් එකක් තියලා සාරා ඇදෙන් නැගිටින කොට තවත් මැසේජ් එකක්!!

"📱නූනා!! ආදරේද "

හේතුවක් නැතුවම ඇස් තෙත් වෙලා යද්දී ආපහු සැරයක් ඇදෙන් වාඩි වෙලා ටිකක් වෙලා phone එක දිහා බලාගෙන හිටපු සාරා,,,,

"📱කියන්න බැරි තරම් කුක්!!"

කියලා ටයිප් කරලා සෙන්ඩ් කරන පරක්කුවට සාරාට ජන්කුක් ගෙන් ලස්සන හිනා මූනක් ලැබුනා....

ඕනවටත් වඩා වෙලාව අරගෙන ලෑස්ති වෙලා සාරා උදේ කෑමට යනකොට සාරාගේ ඔම්මා සාරා එනකම් ඩයිනින්ග් ටේබල් එකේ වාඩි වෙලා හිටියා...

"මොකද්ද ඔයාගේ තීරණේ සාරා"

සාරා පුටුවක් ඇදලා වාඩි වෙන පරක්කුවට ඔම්මා අහන කොට ,මුනින් අතට හරවලා තිබුන ප්ලේට් එකට තියපු අත එහෙමම තියාගෙන සාරා බිම බලාගත්තා...

"සාරා!!"

"ඔම්මගේ කට හඩ උස්වෙන කොට සාරා ඔලුව ඉස්සුවා"

"මං කැමති නෑ!!"

ඔම්මගේ ඇස් ලොකු වෙන කොට එහෙම කියපු සාරා වේගෙන් පුටුව පස්සට කරලා නැගිටලා රූම් එකට ගිහින් සද්දෙට දොර වහගත්තා...

"ඔයා කැමති වෙන්නම ඕන සාරා,  ඔයා ට බෑ අකමැති වෙන්න,  ඔයා දන්නවා අංකල් ඩෑන් ගේ බිස්නස් වලට සපෝර්ට් කරන්නේ ඒ අය කියලා "

දොර ගාව හිටගෙන ඔම්මා කියන කොට,  සාරා දොර ඇරලා ඔම්මා ට උත්තර දුන්නා ,

"නෑ මං කැමති නෑ!! අංකල් ගේ බිස්නස් යකාට ගියාවේ!! මං මොකක් වගේද පේන්නේ ඔයාලට!!එපා වෙන කොට අතෑරල දාන්නයි!! ඕන වෙනකොට ප්රයෝජන ගන්නයි විතරද මාව ඕන!!!"

❣️Տᗩᖇᗩᑎᘜᕼᗩᗴ ᑎOOᑎᗩ❣️ ☾︎𝗝𝗝𝗞 𝗦𝗧𝗢𝗥𝗬☽︎𝗀𝗂𝗋𝗅⌫𝖻𝗈𝗒 (( 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳))Where stories live. Discover now