4.

2.3K 359 195
                                    

ඒත් එක පාරට ම.........

පිටි පස්සෙන් ආපු කෙනෙක් යකඩ පොල්ලකින් තේගෙ ඔලුවට ගැහුවා. තේට වුණේ මොකක්ද, කවුද ගැහුවේ කියලා හොයා ගන්නවත් වේලාවක් ලැබුණේ නැහැ. මොකද වැදුන පාරේ සැරට තේ එතන බිමම කලන්තෙ දාලා ඇදගෙන වැටුණා. තේ ඇදගෙන හිටපු ආරක්ෂක ඇඳුම නිසා තේට පහර දීපු මිනිස්සු දෙන්නටම තේගෙ මූණ බලා ගන්න බැරි වුණා.

තව පොඩ්ඩෙන් ඔක්කොම ඉවරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


තව පොඩ්ඩෙන් ඔක්කොම ඉවරයි. මූ මාස්ක් ගලවනකන් උඹ උඩ බලන් හිටියද??

ඒවා වැඩක් නැහැ. ඉක්මනට යමු අද මූ බේරුනා ඒත් හැමදාම ඔහොම බේරෙන්න බැහැ.
ඒ මනුස්සයා මිලන්ගෙ රුම් එක දිහා බලාගෙන කිව්වා.

මූට මොකද කරන්නේ. මූ උබේ මූණ දැක්කේ නැහැ කියලා ෂුවර්ද??
තේගෙ ඔලුවට ගහපු මනුස්සයා තේගෙ නිසල සිරුර දිහා බලාගෙන අනිත් මනුස්සයාගෙන් ඇහුවා.

උඹ ගහපු ෂොට් එකට දැක්කත් ඕකට සිහිය එද්දි අමතක වෙලා තියෙයි. අපිට දැන් මූව එක්කන් යන්න තරම් වේලාවක් නැහැ. මුගේ අනිත් උන් ටික උඩට එන්න කලින් අපි ඉක්මනට යමු. ඔයා කිව්වද අනිත් අයට ගෙදර පිටි පස්සේ තාප්පේ පැත්තට එන්න කියලා.

ඔව් ඔව් කිව්වා.
ඒ දෙන්නා තේව එතන තනි කරලා පඩි පෙළ දිගේ හිමින් හිමින් පහළට ඇවිල්ලා කුස්සිය පැත්තෙන් එළියට ගිහින් තාප්පෙන් පැනලා. එයාලගෙ වාහනේට ගියා.

ᗰᗩᖴIᗩ KIᑎᘜ  ᵛˢ ᑕIᗪ ᑭᖇIᑎᑕᗴ  Where stories live. Discover now