Part 1

19 4 0
                                    


නගරයේ සිටි සියලු දෙනා අහසේ සිදු වෙමින් තිබූ වෙනසක් ගැන නරඹමින් සිටියේ තමන්ගේ වාහන පාර මැදම නවතා දමා පිටතට පැමිනීමෙනි.

මේ අතර ආකාශා හා සයුරි තම පන්ති අවසන් වී බසයට නැග්ගේ නැවතත් තම නවාතැනට යාමට ය. එහෙත් පාර මැද නවතා තිබූ වාහන නිසාත් මිනිසුන් නිසාත් අධික තදබදයක් ඇතිවී තිබූ නිසා බසයට ගමන් කල නොහැකි විය . ඒ නිසා බසයේ සිටි සියලු මගීන් ද බසයෙන් බැස්සෝ ය.

" මොකක් ද අප්පා මේ බස් එක යන්නෙ නෑනෙ . " ආකාශා ඉදගෙන සිටි සීට් එකෙන් නැගිටිමින් කීවා

" ඒක තමයි අන්න සමහර අය බස් එකෙන් බහිනවා අපිත් බැහැලා බලමුද මොකද වෙන්නෙ කියලා." සයුරි කීවා

හා

ඉන්පසු මේ දෙදෙනාත් බසයෙන් බැස්සෝ ය.

" අර බලන්නකෝ මිනිස්සු අහස දිහානෙ බලන් ඉන්නෙ . අහසෙ මොනාද ඔච්චර බලන්න තියෙන්නෙ ." ආකාශා අහස දෙස බලා සිටි මිනිසුන් පෙන්වමින් කීවා

" ඒක තමයි. ආ ........ඒ මොකක්ද වුනේ ඔයත් දැක්කද ඒක . " සයුරි කීවා

" ඔව්ම තමයි . ඒ වලකුල ඇතුලෙ පාට පාට විදුලිය කෙටුවා නේද කලු පාටිනුත් ඉරක් ගියා ඔයත් දැක්කද ඒක. " ආකාශා පුදුමයෙන් ඇසුවා

ඔව්. මට හිතෙන විදියට මේ මිනිස්සු ඒක දිහා තමයි බලන් ඉන්නෙ.

ඒක හරි අමුතුයි නේද මම නම් මීට කලින් මේ වගේ දෙයක් දැකලා නෑ

ඔයා විතරක් නෙවෙයි මාත් අදමයි දැක්කෙ

ටික වෙලාවකින් ඒ පාට පාටින් කෙටූ විදුලිය නැතිවුනි . එය නැවතීමත් සමග නැවතත් තම වාහන වලට නැගි මිනිසුන් තම තමන්ගේ වැඩ වලට පිටත් විය. වාහන තදබදය අවසන් නිසා බස් රථයට සියලු මගීන් නැග්ගෝ ය. බස් රථයට නැගි ආකාශාත් සයුරිත් තම අසුනින් ඉදගත්තේ නවාතැනට යාමට තව ටික දුරක් ඇති බැවිනි.

" ඔයා ඒක වීඩියෝ කරා නේද." ආකාශා සයුරිගෙන් ඇසුවා.

" ඔව්. ඔව් . මේ බලන්න " යැයි කියූ තම ස්මාර්ට් ජංගම දු‍රකතනය ගෙන එම වීඩියෝව ආකාශාට පෙන්වීය.

" ඒක හරි අමුතුයි නේද " සයුරි කීවේ වීඩියෝව දෙස බලමිනි.

හ්ම්...බලන්නකෝ එතන එකම එක කලු පාට ඉරක් විතරයිනෙ ගියේ අනෙක් ඔක්කොම පාට පාටයි.

ඒක ඇත්ත. ඒත් දැන් ඕක ගැන හෙව්වා කියලා වැඩක් නෑනෙ .අපි පස්සෙ ගෙදර ගිහිල්ලා ඕක තව ටිකක් හොදට බලමු.

හ්ම්...

අපි ඉස්සරහට යමුද බහින තැන ළගයිනෙ නැත්තන් අපි දෙන්නව තවත් දුර එක්ක යයි.

හා යමු යමු.

දෙදෙනාම බසයේ ඉදිරියට ගියේ බසයෙන් බැසීමට ය.

ඔවුන් දෙදෙනා බසින විට කලු පැහැ ඇදුමක් හා කළු පැහැ කැප් එකක් පැලද සිටි කෙනෙක් ඔවුන් දෙස බලා සිටියා. එහෙත් ආකාශා හෝ සයුරිවත් ඒ පිළිබදව දැන සිටියේ නෑ

" ඇති යන්තං දැන්වත් එයාව හොයා ගන්න පුළුවන් වුනා ." ඔහු එසේ මිමිනුවේ තමාට පමනක් ඇසෙන ලෙසය .







✨️🧚Sky fairy 🧚✨️Where stories live. Discover now