Part 2

11 2 0
                                    


ට්‍රීං..........ට්‍රීං..............

" ආහ්......ඇයි දැන්ම උදේ වුනේ තව ටිකක් නිදාගන්න තිබ්බනං. " සයුරි කීවේ එලාම් එක වසා දමා ඇද මත ඉදගනිමිනි.

" ආකාශා .... නැගිටින්න පරක්කු වෙනවා . හයයි වෙලාව . " සයුරි  කීවේ ඇයට එහා පැත්තේ නිදාගෙන සිටි අකාශාව සොලවමිනි.

" අනේ තව ටිකක් නිදාගන්නම්කො. "

" දැන්මම නැගිටින්නයි කීවේ."  සයුරි කීවේ කොට්ටයක් අතට ගනිමිනි.

" මොකක්ද හලෝ තව ටිකක නිදාගමුකෝ තව හයයි නෙ වෙලාව." ආකාශා කීවා .

" ඒයි මෝඩි අද දවස කවද්ද කියලා අමතක වුනාද "

" ඇයි අද  කවද්ද ? "

" අද සදුදා "

" ඉතින් "

" ඉතින්  අද අපි වැඩට යන පලවෙනි  දවස. ඔච්චර ඉක්මනට අමතක වුනාද ඒක . " සයුරි ඇසුවා." හරි හරි දැන් ඉතින් ඉක්මන් කරලා ලෑස්ති වෙන්න නැත්තන් පලවෙනි දවසෙම පරක්කු  වෙලා තමයි යන්න වෙන්නෙ."

ඉතින්   කොහමහරි දෙන්නම ලෑස්ති වෙලා  වැඩට යන්න ගෙදරින් ආවා.මේගොල්ලො වැඩ  කරන්න ගියේ කොෆි ශොප් එකක . ඉගෙන ගන්න ගමන් පාට් ටයිම් ජොබ් එකක් විදියට තමයි  මේක එයාලා කරන්න හිතාගෙන ඉන්නෙ

" මේ සයුරි , ශොප් එකේ අයිතිකාරි සැරයිද දන්නෙ  නෑනෙ. මට බයයි "

" අනේ මේ මෙන්න මෙහෙ එනවා යන්න එලියෙ ඉදලා පේන බලන්නෙ නැතුව " යි කී  සයුරි  ආකාශාවත් ඇදගෙන කොෆි ශොප් එක ඇතුලට ගියා.

" ඔයාලාට මොනවද ඕනෙ? " එතන සිටි  ආකාශාලාගේ වයසෙම විතර ගැහැනු ළමයෙක්   ඇසුවා.

" ආ අපි මේ ආවෙ මේ  ශොප් එකේ වැඩට කට්ටිය ගන්නවා කියලා දැන ගන්න ලැබුන හින්දා ."  සයුරි කීවා.

" ඔහොම පොඩ්ඩක් ඉන්න මම අක්කට කියන්නම් " කී ඇය ඇතුලට ගියා.

" මේ ඇයි අරයා අක්කා කියලා කීවෙ " අකාශා සයුරිට රහසින් කීවා

" අනේ මන්දා  අයිතිකාරි එයාගෙ අක්කද දන්නෙ නෑ"  සයුරිත් ආකාශාට රහසින් මිමිනුවා.





༺═─⃝─⃝─⃝─⃝─⃝─⃝─⃝─⃝─⃝─⃝─═༻

Naabot mo na ang dulo ng mga na-publish na parte.

⏰ Huling update: Aug 12, 2022 ⏰

Idagdag ang kuwentong ito sa iyong Library para ma-notify tungkol sa mga bagong parte!

✨️🧚Sky fairy 🧚✨️Tahanan ng mga kuwento. Tumuklas ngayon