Chapter 3 🐺

822 208 26
                                    

Soo Yun : "ඔයා නං හරි බඩුවක් තමයි. විනාඩි පහකට කලින් නටන්න පුළුවන් ඔක්කොම නාඩගං නටල දැන් ඉන්නව බබා වගේ.... ඔයාට කතා කරන්න නමක් ඕනෙ. DW1 කියන එක හරි නෑ. ඔයා පිටසක්වලයෙක් නෙවෙයි නෙ.. මට හොඳට නම් හදන්න බෑ. මං ඔයාට වුල්ෆි කියන්නම්.. හා ද?"

Soo Yun : "අයියෝ.. ඔයාට කතා කරන්න බෑ නෙ.. සොරි හොඳේ.."

එතකොට ම සෝයුන්ට call එකක් ආව.

📲

Anne : "හෙලෝ සෝ.. ප්‍රශ්නයක් නෑ නේද?"

Soo Yun : "නෑ.. එයා සන්සුන් ව ඉන්නව. මේ.. ලොකු ප්‍රශ්නයක්. ලාස් වේගාස් වලට කිලෝමීටර් පන්සිය තිස් ගානක් තියනව. අපි අද ලොස් ඇන්ජලීස් වල නවතිනව නේද?"

Anne : "ඔව්.. ඔයාට එච්චර දුර drive කරන්න බෑ. මම headquarter එකට කතා කරල ලොකු truck එකක් ගෙන්න ගන්නම්. ඒක ඇතුළට car එක දාමු. මෙයා කලබලයක් කරන්නැති වෙයි නෙ?"

Soo Yun : "ඔව්... එයාට මං නමක් දැම්ම. වුල්ෆි.. ඒක හොඳා ද?"

Anne : "ඔව්.. අරීගෙ නම් වලට වඩා දස දහස් ගුනේකින් හොඳයි.. එහෙනම් මම කතා කරල කියන්නම්"

Soo Yun : "හරි. Bye"

📲

Soo Yun : "ඔයා අද නවතින්න ඕනෙ ලාස් වේගාස් වල. තේරුණාද? දඟ කරන්න බෑ.. දඟ කළොත් ප්‍රොෆෙස ලිසා ඔයාව කයි!"

Soo Yun : (ඌ නිකං මොකෙක්ද දිහා බලනව වගේ මං දිහා බලන් හිටියෙ.. ඊට පස්සෙ ආයෙ වීදුරුවෙන් එහා පැත්තෙ හඳ දිහා බලා ගත්ත. කිලෝමීටර් පනහක් විතර ගියාට පස්සෙ අපි car එක ලොකු truck එකක් ඇතුළට දැම්ම. වුල්ෆිට වෙනසක් දැනෙන්න ඇති ඒත් එයා කලබලයක් කළේ නෑ. අපි ලොස් ඇන්ජලීස් වල නවත්තන්න හිටියත් නැවතුණේ නෑ. මීඩියා වලට කිව්වෙ නැතත් දැනටමත් සත්ව ජාවාරම්කාරයො වුල්ෆි ගැන දැනගෙන. උන් මොනව කරයිද දන්නෙ නැති නිසා අපි දිගටම ආව ලාස් වේගාස් වෙනකල් ම.)

(A/N : ලාස් වේගාස් ටිකක් අමුතු නගරයක් ගොඩක් දියුණුයි. එහෙම නෑ කියල හිතන්න හරිද...)

Soo Yun : (යන ගමන් අපි වුල්ෆිට එක එක දේවල් කරල බැලුව. අන්තිමට තමයි වැඩේ උනේ.. ලොස් ඇන්ජලීස් වලින් කිලෝමීටරයක් හතළිහක් විතර ආවට පස්සෙ අපි, මං කිව්වෙ අනිත් අයගෙ උපදෙස් මත මම, වුල්ෆිට සිහි නැති කරන්න ගන්න drug එකෙන් ගොඩක් පොඩි dose එකක් ගහල බැලුව. ඒ ගමන් ම මූ වැටුන්නැතැයි! පැය හයක්! විනාඩි දහයෙන් සිහිය එන්න ඕන සතා පැය හයක් යනකල් හෙල්ලුනේවත් නෑ. අපිට හොඳට ම තේරුණා මෙයා ඕනෙම බේතකට ඕනෙවට වඩා react කරනව කියල. කොහොම හරි එයා නැගිටින්න කලින් අපි ලාස් වේගාස් වල අපේ lab එකට ඇවිත් එයාව තියල අපිට නවතින්න තිබුණ dorm එකට ගියා.)

ᵗʰᵉ 𝐃𝐚𝐫𝐤𝐧𝐞𝐬𝐬... | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now