එයාගෙ පපුවට මූණ තියාගෙන මං එයා දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය. මගෙ දැහැන බිඳුනෙ එයා ඇහිබැම උස්සල ඇයි කියල අහපු වෙලාවෙ. මං මුකුත් නෑ කියල අඟවන්න ඔළුව දෙපැත්තට කරල එයාගෙන් මිදෙන්න බැලුවෙ..

🖤"කොහෙද යන්නෙ බබා...ම්ම්.."

❤️"වොශ් රූම්..හොඳටම වෙලා ගිහින්නෙ. මං ක්ලිනික් එකට යන්න ඕනෙ.."

🖤"අද ගෙදර ඉන්න. මං සෝවුක්ට කිව්ව අද ඔයා නිවාඩු කියල. ජන්කුක් ඔයා වෙනුවට අද වෙන කෙනෙක්ව එතන්ට යැව්ව. අද ඉඳන් එයත් ඔයා එක්ක වැඩ කරයි..."

❤️"අනේ ඇයි ඔයා එහෙම කරේ. මට එතන වැඩ තනියම කරන්න පුළුවන්නෙ..."

🖤"ඒ වුනාට මට බලන් ඉන්න බෑනෙ. අද ඉඳන් ඔයාට මාත් එක්ක කරන්න වැඩක් තියෙනව..."

❤️"ඒ මොකද්ද...?"

🖤"පස්සෙ කියන්නම්කො...දැන් ගිහින් වොශ් එකක් දාගෙන එන්න බබා..."

මං මූණත් බෙරි කරගෙන වොශ් රූම් එකට ගියෙ එයා ඒක පස්සෙ කියන්නම් කිව්ව හින්ද.

මං නාගෙන එනකොට එයා කාමරේ නෑ. තෙත තුවාය වැටට දාල සුදු කහ මික්ස් ගවුමක් ඇඳන් මං පහළට ගියෙ.

ඒ යනකොට එයා ඔන්නි එක්ක කතාව. ඒත් මං එනව දකිනකොටම ඒ කතාව නැවතුනා. මං නොදන්න මොකක් හරි දෙයක් මේ දෙන්න අතර තියෙනව.

❤️"දැන්වත් මට කියන්නකො මොකද්ද අර වැඩේ කියල..."

🖤"පොඩි වැඩක් බබා..."

❤️"ඉතින් මොකද්ද ඒ.."

🖤"පොඩි වැඩක් කියන්නෙ පොඩි වැඩක්. මං වෙලාව ආවම කියන්නම් ඒ මොකද්ද කියල"

ඔන්න ඉතින් තරහ ගිහින්. මෙයාට චුට්ට බැරි වෙන්න බෑ කේන්ති යනවනෙ. කොල්ලො නම් ඔහොම්මමයි. දෙවිවරු කියල වෙනසක් නෑ.

🖤"මොනාද දැන් කල්පනා කරන්නෙ..?"

❤️"මුකුත් නෑ..."

🖤"හ්ම්...එහෙනම් අපි ටිකක් එළියට යමුද? ඔයාට මුණ ගස්වන්න කෙනෙක් ඉන්නව..."

❤️"ඒ කවුද...?"

🖤"ඒක එතනට ගිහින් කියන්නම්කො බබා..ඔයා ප්‍රශ්න අහනව හොඳටම වැඩී..."

God's Angle (Completed)Where stories live. Discover now