🌬️2

1.8K 293 50
                                    

මං වොන්හෝට ළඟට එන්න කතා කරද්දි කඩාගෙන බිඳගෙන එක පාරටම එතනට ආවෙ....

ගෑනු ළමයෙක්. වෙන කවුරුත් නෙමෙයි මේ මට උදේ මුණ ගැහුන ගෑනු ළමයමයි.එයා හිටියෙ ලොකු කලබලයකින් වගේ.

♥️"Excuse me mister jungkook??...."

"Aah...මේ මිස් යූනා නේද? මිස්ටර් ජන්කුක් ඉන්නව ඔයා එනකන්."

♥️"අරස්සො..කම්සාම්මිදා"

එ සැනින්ම ඒ ගෑනු ළමය පෙට්ටියක් ඇතුළට නැග්ගම ඒකෙ දොර වැහුන. ඒ පෙට්ටිය එයාව ගිල්ල.

🖤"වොන්හෝ...."

🌾"ඇයි..."

🖤"අර ගෑනු ළමයව පෙට්ටිය ගිල්ල අපි එයාව බේරගන්න ඕනෙ"

🌾"😂😂😂"

🖤"ඇයි හිනාවෙන්නෙ..."

🌾"සමාවෙන්න සමාවෙන්න. ඒ පෙට්ටිය එයාව ගිල්ලෙ නෑ. ඒකෙන් මේ ගොඩනැගිල්ලෙ උඩට පහළට යන්න පුළුවන්. එන්නකො යන්න"

🖤"ආහ්...ඒ කියන්නෙ එයාට කරදරයක් නැද්ද?"

🌾"නෑ..."

🖤"වොන්හෝ..."

🌾"ඇයි උතුමාණෙනි.."

🖤"එයා ගියෙ ජන්කුක්ව මුණ ගැහෙන්න"

🌾"අපිත් යමු..ඒ ගෑනු ළමය ඉන්න තැන ජන්කුක් ඇති. අනික මට දැන් මතක් වුනා සියුස් දෙවියන්ගෙ කාමරේ නම්බර් එක"

🖤"මට දැනෙන විදිහට අර ගෑනු ළමය තමා මගෙ සේවිකාව"

🌾"ඇය ඔබේ සේවිකාවක් නෙමෙයි. ඇය ඔබේ ආරක්ෂිකාව"

අපි අර පෙට්ටිය ඇතුළට ගියාම ඒකෙ දොර වැහුන. ඊට පස්සෙ වොන්හෝ ඒකෙ තිබ්බ බොත්තමක් එබුව. ටිකකින් දොර ඇරුනම අපි හිටියෙ 25 වෙනි තට්ටුව කියල ගහපු තැනක.

🌾"මට මතක විදිහට රූම් එකේ නම්බර් එක 126. ආහ්..මේ තියෙන්නෙ"

ටිකකින් ඒ දොරෙන් එළියට ආවෙ සියුස්.

💚"ඕහ්.....අස්ලාන්.."

🖤"සියුස්..."

🌾"උතුමාණෙනි..."

💚"ඔය දෙන්න කවද්ද මෙහෙ ආවෙ"

🖤"ඊයෙ...."

God's Angle (Completed)Dove le storie prendono vita. Scoprilo ora