යූහි බලෙන්ම කුකියගෙ අතේ තිබ්බ පෝන් එක අර ගත්තා.

"හැල්මොනිගෙ අප්පට ඩෝග්ස් පැනපිලු...😳"

පෝන් එකේ ලොක්ස්ක්‍රීන් එකේ ඉන්නෙ ජොන්හි කියලා දැකලා යූහිට ඉබේම කියවුනා...

"මොකක්ද"

"හැ.....ආ නෑ....මේ.....ආ....මේ......සේව් කරා....😁"

යූහි දත් තිස් දෙකම පෙන්නලා කියලා මාරු වෙන්න හදද්දිම කුකියා ආයෙ කතා කරා...

"ආ....මේ ජොන්හිගෙ වොලට් එක ඊයෙ බැරි වෙලා ගිහිං...ඔයාට දෙන්න පුලුවන්ද?"

"ආ....හරි හරි සර් මං එයාගෙ අතටම ගිහිං දෙන්නම්.🙂"

වොලට් එකත් අරං එතනින් මාරු උනා..








At jonghi's house.

Ding dong

"යූහි......තවුසෙද වලෙම්......"

ජොන්හි තාමත් මේසෙට වෙලා හක්කට අත තියං කල්පනා කරනවා.....

"තෝ.....අද ආවෙ නෑ.... ඊරි මං ⁣මොකාද එකා වගේ හිටියා...."

"සැක් නැගිටිද්දි 12 බූරුවො...."

"අහන්න දෙයක්ද🙄 ඊයෙ ගෙදර යද්දි කීයද?"

"හේ...... ඊයෙ මොකද උනේ.🙂"

"මං දන්නෙ නෑමයි...... තවුසෙට වඩා මං නින්ද ගැන හිතනවා...ඒක හිංදා කලින් ගියා..."

"සැක්...😒"

"ආ....මේක දීලා යන්න ආවෙ.."

යූහි වොලට් එක ජොන්හිට දික් කරා.

"හම්මෙ...........මගෙ සේසතම තිබ්බෙ මේකෙ....කොහෙන්ද හම්බුනෙ." 

"තවුසෙගෙ හාවා දෙන්න තියලා දුන්නා😒"

"හාවා......හෑ.....ඒ මොකාද? පූසෙක් කිව්වනම් විස්වාස කරන්න තිබ්බා....ඒත් හාවා.....තොට සුවර්ද.🙄"

"මං කිව්වෙ..... අර තවුසෙගෙ කුක්කා සර්🙂"

"ආ..............එයා කවද්ද...මගෙ උනෙ...😒 මං කිව්වා කියලා හිතාගනින්...😑"

"හේ.........ඒවනම් මං දන්නෙනෑ.... ඕවා කවදා උනාද කියලා කව්ද දන්නෙ🙂... ඒ මං කුක්කා සර්ගෙ පෝ⁣න් එක දැක්කා..."

"ඉතිං.....දැං මට කියන්නෙ ඕක කුඩු කරාම් කියලද?"

"ඔය කියන්න දෙන්නෙ නෑනෙ.....😒 කුක්කා සෑර්ගෙ පෝන් එකේ ලොක් ස්ක්‍රීන් එකේ ඉන්නෙ කව්ද කියලා දන්නවද?"

"ලීසා වෙල්ලෑ...... ඕකා ලීසාගෙ ෆෑන් කෙනෙක්ලු😂 "

"ඔය කිව්වෙ😒 ඒ ඉන්නෙ ⁣තෝ.......අර එදා රිසර්ච් එකට ගිය දවසෙ ගහපු එකක්....🙂 "

"හැහ්.....අනේ පලෑම් බං....🙄"

"අපරාදෙ පොටෝ එකක් ගහගන්න තිබ්බෙ..... ⁣තෝ විස්වාස නොකරයි කියලා හිතුවා........ ඕනෙ එකක්.....මං කිව්වා......"

යූහි එහෙම කියලා යන්න ගියාට පස්සෙ...ජොන්හියා හිමී⁣ට වොලට් එක ඇරලා බැලුවා......

"හැහ්................................පෝන් එකක්...😳"

ඒකෙ තිබ්බෙ දම් පාට පෝන් එකක්... ඒ එක්කම පොඩි චිට් එකකුත් තිබ්බා.

"Phone එක on කරපුවම notepad එක බලන්න..."


ජොන්හි පෝන් එක ඔන් කරලා නෝට්පෑඩ් එකට ගියා.....


එදා... පෝන් එක මං හිංදා වැටුනනෙ.... සොරි... ඒකට මේක තියාගන්න.

"සැක්.......සුපිරි පෝන් එක.🙂 කියන්න ඕනෙ නෑ.... මට පෝන් දෙකක් වැඩි නෑ..🌝"

ජොන්හි එහෙම හිතුවා...

ඔන්න දුන්නො............🙂 රෑ වෙලා අනිත් ටික දෙල්ලම් 🙂

MY PROFESSOR|JJK|✔|Waar verhalen tot leven komen. Ontdek het nu