A New Lecturer But My Home Town...

Start from the beginning
                                    

Jungkook ඉක්මනට කාලා college එකේ තියෙන පොකුණ ළඟට ආවේ Jungkook ට නිදහසේ ඉන්න ඕනේ නිසා. Jungkook ඊයේ වැඩ ඇරිලා ගෙදර එද්දි පාන්දර 03 විතර උනා. Jungkook රෙස්ටුරන්ට් එකක වගේම club එකකත‍් වැඩ කරා. Jungkook අඩුම තරමේ පැය 04 වත් විවේක ගත්තෙ නැහැ. Lily ට උණ තිබ්බ නිසා Jungkook ට lily ට කෑම හදලා ලඟින් පවා තියලා එන්න උනා. Jungkook ට college යන්න බැහැ කිව්වත් Lily ගෙ ඉල්ලීම නිසා Jungkook ට යන්න උනා. Collage එකේ pont එක ලඟ ගොඩක් ලමයි නැ වගේම ගස් වැල් එක්ක තියෙන නිහඬ බව එක්ක නිදහසේ ඉන්න ගොඩක් හොඳ නිස්කලංක තැනක් උනා. ඒත් මේ වෙලාවෙ Jungkook ගෙ හදවත ඊටත් වඩා නිස්කලංක උනා. Jungkook ට කලින් හිටපු Lecturer ව හම්බ වෙන්න ඕනේ උනා. Jungkook ට අමුතු හැඟීමක් දැනුනා. හරියට ම පැහැදිලි නැති උනත් ගිනි ගොඩකට අයිස් ගොඩක් වැටුණම දැනෙන හැගීම වගේ හැගීමක් Jungkook ට තේරුණා. Jungkook ට මේ අමුතු හැගීම එක්ක සින්දුවක් කියන්න ඕනේ උනා.

"Heart beats fast
Colors and promises
How to be brave
How can I love when I'm afraid to fall
But watching you stand alone
All of my doubt, suddenly goes away somehow
One step closer
I have died everyday, waiting for you
Darling, don't be afraid, I have loved you for a thousand years
I'll love you for a thousand more
Time stands still... "

"Christina Perri ගෙ A Thousand years එහෙම නේද?" එක සැරේ ඇහුන හුරු පුරුදු කට හඩ එක්ක Jungkook හැරිලා බැලුවේ කවුද කියලා. Jungkook බලා පොරොත්තු උන කෙනා ඉන්නවත‍් එක්ක Jungkook ට අමුතු සතුටක් ආවා. ඒත් Jungkook මොකුත් නොකියා ආයෙත් pont එක දිහා බැලුවා.

"ඔයා මන් එක්ක තරහින් ද ඉන්නේ? මට සමාවෙන්න. මට ඕනෙ උනේ නෑ Jungkook ඔයාව ලමයි ඉස්සරහ ලැජ්ජා කරන්න." Lecturer කියනවත‍් එක්ක Jungkook එයා දිහා බැලුවා. Jungkook එහෙම හිතලා නෙවෙයි කතා නොකර හිටියේ. ඒත් Jungkook?? එයා කොහොමද Jungkook ගෙ නම දන්නේ?

"sir කොහොමද මගේ නම දන්නේ?" Jungkook අහනවත‍් එක්ක lecturer හිනා උනා.

"ඔව් ඒකත් ඇත්තනේ... ඔයා කොහොමද මාව දැන ගන්නේ ඔයා එදා නිදිනේ." lecturer ආයෙත් හිනා වෙවී කිව්වා.

"මට sir කියන එක තෙරුන් නැහැ" කවුද Jungkook ඇහුවේ ටිකක් කලබලකාරීව.

"මම තමයි Dali ගෙ හියුන්ග්. Taehyung. එදා ඔයාලගෙ ගෙදර ආවේ අපි" Jungkook ට ඇත්තටම ලැජ්ජාවක් දැනුනා. Jungkook එදා ගොඩක් මහන්සිවෙලා හිටියේ. Jungkook ට නින්ද යන එක සාධාරණ දෙයක් උනත් ගෙදර අසල් වැසියන් ඉන්න මොහාතක? අනික Jungkook කිසිම වෙලාවක දැක්කේ නෑ Dali ගෙ හියුන්ග් ගෙ මූණ. ඒත් Jungkook ට පොඩි සතුටක් නොදැනුනාමත් නෙවෙයි. Taehyung වගේ කෙනෙක් අසල් වාසීන් වෙනවට කවුද අකමැති වෙන්නේ.

Home Town//Taekook//Where stories live. Discover now