💚"මේ උඹ හිතනවද චාහි මට කතා කරයි කියල..."

ජන්කුක් ඇහුවෙ මං චාහි විස්තරේ කිව්වට පස්සෙ

🖤"එයා කතා කරන් නැත්නම් ඔයා කතා කරන්න..."

💚"අනේ මට බෑ..."

🖤"ඇයි.."

💚"එයා මට ආදරෙයි නම් කියයිනෙ..."

🖤"එයා ඉන්නෙ ඔයත් එක්ක සම්බන්ධයක් පටන් ගන්න බයෙන් කියල දැන දැනත් ඇයි ඒ කෙල්ලවම අමාරුවෙ දාන්නෙ.."

💚"දැන් ඉන්නෙ දඬුවම් කාලෙක වුනාට චාහි කියන්නෙත් දේවතාවියක්. ඉතින් ඇයි බය..."

🖤"පියාණන් කිව්ව විදිහට...චාහිගෙ දඬුවම් කාලය ඉවර වෙනකන් එයාට දෙවි කෙනෙක් එක්ක ආදර සම්බන්ධතාවයක් තියෙන්න බෑ.."

💚"හරි එහෙනම් මං මනුස්සයෙක් වෙන්නම්..එතකොට හරිනෙ..."

🖤"චාහිගෙ දඬුවම් කාලය තව මාස දෙකකින් විතර ඉවර වෙනව..."

💚"ඒත් එයා ආයෙ දේව රාජ්‍යයට ගිහින් එද්දි තව අවුරුදු දෙකක්වත් යයි. එතකන් ඉවසන්නද කියන්නෙ .."

🖤"ඔයාට ඉවසන්නම වෙනව.."

පොඩි එකා වගේ අඬන ජන්කුක්ගෙ හිත හදන්න මට පැය ගාණක් ගියා. දේව රාජ්‍යයෙ ගරු නම්බු තියන් හිටපු මෙයා මෙහෙ ආවට පස්සෙ හා පැටියෙක් ගානට වැටුන කියල මං දැන්නෙ දන්නෙ. මාත් එහෙම වෙන්න කලින් ඉක්මනට දේව රාජ්‍යයට යාගන්න ඕනෙ. ඒත් තාම හිමිකාරි හම්බුන් නෑනෙ.

අන්තිමට ජන්කුක් රෑට මෙහෙ නවතින්න කිව්ව හින්ද මං යූනට කෝල් එකක් දාල කිව්වෙ අද එහෙ එන්නෙ නෑ කියල. පිස්සි...හැමවෙලේම මං ගැනමද කොහෙද හිතන්නෙ.

ඒ කෙල්ල ළඟ මගෙත් හිතට මොනා වෙනවද මන්ද. දකින දකින සැරේට තුරුලට අරන් ඉඹින්නමයි හිතෙන්නෙ. ඒ පිස්සිත් ඉන්නව හොඳට පූස් පැටිය වගේ. එයාටත් මට දැනෙන දේවල්ම දැනෙනව ඇති.

අපි කතා කර කර ඉන්න අතරෙ ටේහ්‍යුන් කවුදෝ මන්ද කෙල්ලෙක්ගෙ ඇඟේ එල්ලිලා ගෙදර ආවෙ. කොල්ලගෙ කෙල්ල වෙඩින් එකට කලින් දවසෙ පැනල ගිහින්නෙ. ඉතින් දැන් කොල්ල ඒ දුකට ඇති වෙන්න බීල හැමදාම ගෙදර එන්නෙ එක එක කෙල්ලො එක්කලු. බීල වෙරි වුනා කිව්වට මේක වෙරි වෙන එකක්‍ යැ. ඇක්ටර් කෙනෙක් වුනා නම් ටේහ්‍යුන් මෙලහකට ඔස්කාර් සම්මාන පවා අරගෙන. ඒ තරම් රංගනය තාත්විකයි.

ටේහ්‍යුන් එක්ක ආව කෙල්ල එයාව අපිට භාර දීල ගියෙ. කෙල්ල ගියා විතරයි මෙච්චර වෙලා වැනි වැනි හිටපු එකා කෙලින් වුනේ.

රස මොන වගේද බලන්නත් එක්ක මාත් බීල බැලුව. මත් වෙන්නෑ කියල දැන දැනත් මං බෝතල් හතර පහකටම වැඩේ දුන්න. වොන්හෝ නම් හිටපු තැනම වැටිල. පව් අහිංසකය.

ජන්කුක් , ටේහ්‍යුන් , වොන්හෝ තුන්දෙනාම නිදි. සාමාන්‍යයෙන් දෙවිවරු නිදාගන්නෙ නැති වුනාට මෙහෙදි ජන්කුක් ටේහ්‍යුන් දෙන්න නම් නිදියනව. මටත් ඉඳල හිටල නින්ද යනව. ඒත් අද නම් නිදිමතක් නෑ. ඒ හින්ද මං පැත්තක වාඩි වෙලා භාවනා කරන්න පටන් ගත්ත. භාවනා කරන එක මගේ බලයන් හරියට පාවිච්චි කරන්න , මනස සන්සුන් කරගන්න උදව් කරනව.

හිත සන්සුන් කරගෙන භාවනා කරන්න පටන් ගත්තට ඒක කරන්න හම්බුනේම නෑ. ඇස් දෙක වහගන්න හැම තත්පරේම ඔළුව පුරාම කැරකෙන්නෙ යූනා. එයාගෙ හිනාව , කතාව හැමදේම මැවි මැවී පේනව. අන්තිමට මං ඒ වැඩේ අත් ඇරල දැම්ම. යූන ඔළුව පුරා සක්මන් කරද්දි කොහොමද භාවනා කරන්නෙ.

නිදාගන්න හැදුවට නින්ද යන්නෙත් නෑ ඇහැරන් හිටියට කරන්න වැඩකුත් නෑ. කල්පනා කර කර ඉඳල මං පාන්දර දෙකට විතර ජන්කුක්ගෙ කාර් එක අරන් ගියෙ යූනගෙ ගෙදරට.

හොඳ වෙලාවට මං ගාව යතුරක් තියෙන්නෙ. යතුර නැතත් ඉතින් දොරක් ඇරගන්න මට පුළුවන්.හිමීට සද්ද කරන් නැතුව ඇතුළට ගිහින් මං දොර ලොක් කරා.

කළුවරේම මං ගියෙ යූනගෙ කාමරේට. දොර ලොක් කරල කියල හිතුවට අත තිබ්බ ගමන්ම දොර ඇරුන. දොර වහන්න අමතක වෙලාද කොහෙද.

බෙඩ් ශීට් එකත් ගුලි කරන් යූන හොඳටම නිදි. මං ඇඳන් හිටිය කෝට් එකයි , ශූ දෙකයි , ඔරලෝසු ඔය ලට්ට පට්ට ඔක්කොම ගලවල කෙල්ල ළඟින්ම ඇලවුනා. යූනගෙ ඇඟේ ගෑවෙන නොගෑවෙන දුරක මං හිටියෙ. ඉතින් මං සැනසීමෙ ඇස් දෙක වහගත්ත. දැන් නම් හරි යූන ඔළුව වටේ කැරකෙන් නෑ.

ටිකකින් යූනා නින්දෙන්ම මගෙ පපුවට ඔළුව තියාගත්තෙ. එක අතක් මගෙ බඳ වටේ දාල ඒත් එක්ක කකුලකුත් මගෙ ඇඟට දාගෙන එයා සැපට නිදි.

එයා හුස්ම ගන්න සද්දෙත් කන ළඟින්ම ඇහෙනව. හුස්ම ගන්න සද්දෙත් හරිම කියුට්. මාත් එයාගෙ පැත්තට හැරිල යූනව තද කරල බදාගත්තෙ එයා කෙඳිරි ගගාම තව තුරුල් වෙද්දි.

ටික වෙලාවක් යද්දි මටත් නිදිමතක් ආව. මං ඇස් දෙක වහගෙන නින්ද යාගෙන එද්දිම...ඇහුනෙ පියාණන්ගෙ කටහඬ...

"ඔබ දැනටමත් හිමිකාරිය සොයාගෙන අවසන්...ඇයව ආරක්ෂා කරගන්න..."

මං දන්නව..මගෙ හිමිකාරිය යූන කියල. කියන්න දෙයක් නෑ මගෙ කෙල්ලව මං ආරක්ෂා කරනව තමා.

God's Angle (Completed)Where stories live. Discover now