need some help☑️

Start from the beginning
                                    

🐧"මොකද කියන්නෙ එනවද මාත් එක්ක අපේ ගාඩ්න් එකට යන්න...මං ලිලී ඇට වගයක් ගෙනවා හිටවන්න.."

🦊"හනේ...යමුකෝ...මාත් ආසයි ලිලීවලට"

සුවයෙන් සිටි ජොන්ග් ඉන් ද කායි සමග කායිගේ මල් උයන වෙත ගියේ ලිලී පැල සිටුවීමටය..

හවස් වන තුරුම එහි නිරතව සිටි ඔවුන් ඉතා අලංකාර ලිලී වගාවක් සෑදීමට පෙර මන් තැබීයා..

මෙම ලිලී වගා කර ඇති කොටසේ "නිවුන්නන්ට තහනම්"යැයි කුඩා බෝඩ් එකක් ගසා තිබුනේ ටේ හා බොම්ග්‍යුට ලිලී මල් නිසා නොනවත්වා කිවිසුම් යන නිසාවෙනි..

කෙමෙන් කෙමෙන් රෑ වෙත්ම සියල්ලන් තම තමන්ගේ නිවෙස්වලට විය..නමුදු ජොන්ග් ඉන් තවමත් තම සොහොයුරා එන තුරු නිවසට වී මග බලා සිටියි..

🦊"දහයටත් ළගයි ! මෙයා තාම නෑ.මගේ කෝල්ස් ආන්ස්වර් කරන්නෙත් නෑ.කමක් නෑ ඔක්කොටම පුරුදු මාව තනි කරන එක තමා.ජොන්ග් ඉන් ! ඔයාට තනිකම තමා හරියන්නෙ"

ඉස්තෝප්පුවෙහි වූ සෝපාව මත හිද ගෙන ඔහු එසේ තනිවම කල්පනා කරන්නට විය.මද වෙලාවක් යන විට ෆිලික්ස් නිවසට පැමිණි නමුත් ඒ වන විටත් ජොන්ග් ඉන් සිටියේ සෝපාව මත නින්ද ගොසින්‍ ය..

🐥"ආයිශ්! එයා කොහොමද එහෙම කියන්නෙ !!!? ම්මේ ම්මම ෆිලික්ස්...කාටවත් බ්බෑ..ම්මේ...මාව යටත් කරගෙන ඉන්න..එයා දන්නෑ මේ මගේ හ්හැටි!"

🦊"ආහ් ! අයියේ ඔයා ආවද?ආහ්...ඔයා පේනවිදියට නම් හොද සිහියෙන් නෙවේ වගේ...කොහොමද ඩර්‍යිව් කරන් ආවෙ?"

ෆිලික්ස්ගේ කෑගැහිල්ල නිවාසෙන් ජොන්ග් ඉන් වහාම අවදි වූයේ ය.නමුත් ෆිලික්ස් එම මොහොතේ සිටියේ බීමතින්‍ ය.කිනම් හෝ බරපතල කාරණයකට හැර මත්පැන් පානය නොකරන ඔහු ගැන ජොන්ග් ඉන්ද පුදුමයෙනි..

🐥"ජ්ජ්ජ්..ජොන්ග් ඉන් !! ඔයාලා ඔක්කොම එකයි...ඇයි මං ගැන හිතන්නැත්තෙ කවුරුත්!!?"

එසේ කියමින් ඔහු මේසය මත වූ වීදුරු මල් පෝච්චිය බිම දැමී ය..

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Where stories live. Discover now