🌼NEW YEAR❤️

512 48 39
                                    

There is an English translation at the bottom of each chapter ... go to the bottom without missing it

අලුත් අවුරුද්දක මුල්ම දිනය සනිටුහන් කරමින් තවත් එක වසන්ත සෘතුවක් සෝල් නගරයට උදා විය..
වටපිටාවේ ඒ දැකුම්කලු අසිරිය අතිමහත්ය.
අලුත් අවුරුද්දේ මුල්ම දවසේ සියල්ලන්ම පාහේ බොහෝ කලබලකාරී බවින් යුක්ත විය..
මෙයට ප්‍රධානම හේතුව වනුයේ සියල්ලන්ම මුලු අවුරුද්ද පුරාවටම කිරීමට බලාපොරොත්තු වන දෑ සැලසුම් කිරීමට මේ දිනය යොදා ගන්නා
බැවිනි...

[2015.01.01]

සෝල් නගරයේ කෙලවරට වෙන්න පුංචි මල් වත්තක් එක්ක වූ දෙමහල් නිවසක් විය..
මෙහි එකම පවුලේ සහෝදරයින් පස් දෙනෙකු දිවි ගෙවී ය..
ඒ වැඩිමහල් සහෝදරයා සහ බාල සහෝදරයන් හතර දෙනෙකු වශයෙනි...
මේ අතරින් වැඩි මහල් සහෝදරයා යොන්ජන් නම් විය..
දෙවැන්නා නමින් සූබින් ය.
තෙවැන්නා සහ සිව් වැන්නා නිවුන් සහෝදරයන් වූ අතර ඔවුන් නමින් ටේහ්‍යුන් හා බොම්ග්‍යු විය..
මේ අතරින් බාලයා කායි නම් විය..

යොන්ජන් නම් වූ මොහු මේ පවුලේ වැඩිමල් දරුවාය..බාල සහෝදරයන් හතර දෙනෙකුගේ වගකීම ඔහු සතු විය..ඉවසීම යන ගුණාංගය තරමක් දුරට හදාරා ඇති ඔහුට පුලුවන් උපරිමයෙන් සහෝදරයන් රැක බලා ගනී...
චරිත ලක්ෂණ ගත් විට ඔහු,කේපොප් නම් කොරියානු සංගීත ලෝලියෙකි..කෙදිනක හෝ කේපොප් තරුවක් වීම ඔහුගේ එක බලාපොරොත්තුවයි..
මේ වන විට උසස් පාසල් නිම කොට ඇති ඔහු සහෝදරයන් සමගින් නිවසේ දිවි ගෙවන්නේ ය.. (හදුනා ගැනීමේ පහසුවට =🐯)

 (හදුනා ගැනීමේ පහසුවට =🐯)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Where stories live. Discover now