😪what happened to us😖

Start from the beginning
                                    

🦊"එයා පන්දරම කොහේ හරි ගිහින් ඇති.එයාට කොහෙද මං ගැන බලන්න වෙලාවක් "

🐧"හරි හරී..දැන් ඔය කදුලු පිහ දාගන්න..මං ඩොක්ටර්ට කතා කරන්නද?අපේ අයියා ගාව ඇති නම්බර් එක ඉන්න මන් අරන් බලන්නම් එයාට"

කායිගේ මිතුරා හදිසියේ අසනීප වී ඇති නිසා ඔහු යොන්ජන්ට දුරකථන ඇමතුමක් ගත්තේ ඩොක්ටර් හ්‍යුන්ජින් ගෙන්වා ගැනීමට ය.නමුත් යොන්ජන් හෝ ෆිලික්ස් දුරකථනයට ප්‍රතිචාර නිදැක්වූ හෙයින් කායි තරමක් කලබල විය..

🐧"ආයිශ් ! එයාලා කවුරුත් ෆෝන් ආන්ස්වර් කරන්නෑ..මේ වෙලාවෙ අපේ ගෙදර ඉන්නෙත් මම විතරයි.කෝ අද සේහුආ ආන්ටි ආවෙ නැද්ද වැඩට?"

🦊"අද සෙනසුරාදා නේ ? අද එයා නිවාඩුවක් දැම්මා මං හිතන්නෙ."

🐧"ඉන්නකෝ මං මොනා හරි කරන්නම්..ඔයාට සීතලද? මං හීටර්ස් ඔන් කරන්නද?"

🦊"ඔයා වද වෙන්න එපා කායියා..මම හොදින් !"

🐧"ඔව් මට පේනවනෙ කොච්චර හොදින්ද කියලා"

එසේ පැවසූ කායි කාමරයේ වූ හීටර්ස් ද ඔන් කර මුළුතැන්ගෙය වෙත ගොස් උණු වතුර හා වෙට් ටවල් එකක්ද රැගෙන නැවත ජොන්ග් ඉන් වෙත පැමිණියේ ඔහුට මේ අවස්ථාවේ කායිගේ උදව් අවශ්‍ය බැවිනි..

🐧"හනේ හනේ..තාම අඩනවද ඔයා?මොකෝ මේ චණ්ඩියට වෙලා තියෙන්නේ...කෝ ඉන්න මං දැන් ඉදන් ඔයාගෙ ඩොක්ටර්!"

🦊"වාහ් ~ මොකක් ! ඔයාට සුදුසුකම් තියේද?"

🐧"ඔව් ඔව්...දැන් ඔය කට වහගෙන මේ ටැබ්ලට් එක බීලා ඇස් පියා ගන්න..ඊට පස්සෙ අපිට පුළුවන් ඊළග ප්‍රතිකාරයට යන්න.."

🦊"ඊළග !! ඩොක්ටර් කායි...මොකද්ද ඊළගට ?"

🐧"ඉස්සරලාම ඔය කදුලු නවත්තගන්න ඕනි"

🦊"ඒක නතර කර ගන්න බෑ නේ..ඔයා දන්නවනේ මං ගැන"

🐧"හරි එහෙනම්.දැන් ඔය ඇස් දෙක වහ ගන්නකෝ..මං ඔයාගේ උණ අඩු වෙනකන් මෙන්න මේ විදියට ඔලුව තවන්නනම්..."

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Where stories live. Discover now