𝚌𝚑𝚊𝚙𝚝𝚎𝚛 16

3.7K 505 189
                                    


වෙලාව හවස තුනයි..ටේහියුන් බුසාන් වලට පිටත් වුනේ උදේ උනත් ඉක්මනට එනවා කියලා ගියත් තවම ගෙදර ආවේ නැති නිසා ජන්කුක් හිටියේ ලොකු කම්මැලිකමකින්.

🐰හුම්ම් තවම නැනේ.. කම්මැලි

breakfast එක විතරක් අරන් හිටිය ජන්කුක් ටේහියුන් එනකම්ම ලන්ච් එක ගන්නැතිව හිටියෙ ටේ එක්කම කෑම කන්න තියෙන ආසාවට.

මොකද ජන්කුක් ගොඩක් ආස කලා ටේගේ ලගින් ඉන්න. ටේගේ ඒ උනුසුම් පපුවට ඔලුව තියාගෙන නිදාගන්න. ටේ ත් එක්ක එකට කෑම කන්න. ෆිල්ම් බලන්න වගේ කපල් එකක් කරන දේවල් කරන්න ජන්කුක් ගොඩක් ආස කලා..

ජන්කුක් ලන්ච් එකට රාමෙන් එකක් හදාගත්තේ ටේ ලන්ච් එකට එන්නැ කියලා තේරුම් ගත්තට පස්සේ..

ඒත් කන්න තරම් උවමනාවක් නොතිබ්බ නිසා ජන්කුක් රාමෙන් එකත් එහෙමම ටේබල් එකේ තියලා ලිවින් රූම් එකට වෙලා පොතක් කියවන්න ගත්තා..

පැයක් , දෙකත් නැ පැය තුනක් බලන් හිටියත් ටේ එන පාටක් නැති නිසා ජන්කුක් කියව කියව හිටිය පොතත් එහෙමම තියලා සෝෆා එකෙන් නැගිට්ටා.

🐰හ්ම්ම්.. ටෙටේ තවම නැ

ටේහියුන් තවම නැති නිසා හූල්ල හූල්ල කිචන් එකට ආව ජන්කුක් වතුර විදුරුවක් බීලා ආපහු කාමරේට ගියේ ටේ එනකම් නිදාගන්න හිතාගෙන..

කාමරේට ඇවිත් නිදාගන්න හිතුවත් ටේව මතක් වෙන නිසා නින්ද නම් ජන්කුක් ලගට ආවේ නැ.

නින්දක් නොනින්දක් අතර හිටිය ජන්කුක් හිමිට තොල් මත තමන් කැමතිම සින්දුවේ පද පේලි මුමුණමින් ආපහු නින්දට වැටුනේ ඇස් අගින් කදුලු බේරිගෙන යනකොටයි..

මේ අතර ,

_____________________________________________________________________

" ඔහ්..කුකිව තනියම දාලා ආපු එක හොදද මන්දා.. ඒත් එයාටත් නිදහසේ ඉන්න පුලුවන් නෙ මම නැතිව. මොනා කරනවද දන්නැ හා පැටියා "

බූසාන් එයාපෝට් එක ඉස්සරහ පාක් එකේ කාර් එකත් නවත්තගෙන ටේ හිටියේ කෙනෙක්ව බලාපොරොත්තු වෙන්.

කාර් එක ඇතුලට වෙලා ඉස්සහ බලාගෙන කල්පනා කර කර හිටපු ටේ එක පාරට ගැස්සිලා ගියේ කාර් එකේ විදුරුවට කවුරු හරි තට්ටු කරනවා ඇහිලා.

𝐃𝐀𝐃𝐃𝐘'𝐒 𝐁𝐀𝐁𝐘 𝐁𝐎𝐘 ᵗᵏWhere stories live. Discover now