𝚌𝚑𝚊𝚙𝚝𝚎𝚛 7

4.4K 566 156
                                    


" පොඩි මහත්තයා අද කලින්ම "

Dinner එක හදන ගමන් හිටිය අජුම්මා පුදුමයෙන් වගේ කතා කලේ ලිවින් රූම් එකට ආව ටේහියුන් දැකලා..

වෙනදට මහ රෑට ගෙදර එන ටේහියුන් අද කලින්ම ආව එක ගැන අජුම්මාට ආවේ පුදුමයක්.

taehyung " ආ.. ඔව් අජුම්මා අද කලින් ආවා. අජුම්මා තවම ගියේ නැද්ද.. "

ටේහියුන් කිචන් එකට එන ගමන් එහෙම ඇහුවේ අද අජුම්මා එයා යන වෙලාවත් පහු වෙනකම් වැඩ කරන නිසා.

" කුකි පුතාට උණ අරන් පොඩි මහත්තයා නැගිටගන්නවත් පණ නැ. අද දවසම පොඩි මහත්තයගේ කාමරෙන් එලියට ආවේ නැ මම ගියත් ඔලුවෙ ඉදන් පොරොවගෙන ඉන්නවා.. ඒ නිසයි ටිකක් වෙලා ඉදලා යන්න හිතුවේ "

අජුම්මා එහෙම කියන ගමන් සුප් බෝල් එකක් අතට අරන් උඩ තට්ටුවට යන්න ගියා.

" ජන්කුක්ට එච්චර අමාරු වෙලාද. එයාට මේ වගේ පොඩි දෙයක්වත් දරාගන්න බැරිද.. ශිට්.. අපරාදේ මම ගත්තෙ.. ඒත් ඇයි එයා ගැන මම හිතන්නේ.. ආ‍ර්හ්.. ටේහියුන් ඔය කොල්ලා ගැන හිතන එක නවත්තපන්. "

ටේහියුන් හිත අස්සෙන් එහෙම හිතන ගමන් උඩ තට්ටුවට යන්න ගියේ දහසක් දේවල් හිතන ගමනුයි

.................................................................................

" කුකි පුතා මේ සුප් එකෙන් ටිකක් බීලා ඉන්නකෝ "

jungkook " අනේ අජුම්මා.. මට කන්න බැ අලේව්.... "

"එහෙම කියලා බැනේ.. ටිකක් හරි බොන්නකෝ "

දොරත් ඇරගෙන කාමරේට ගිය ටේහියුන් දැක්කේ අජුම්මා ගෙනාව සුප් එක බොන්න බැ කියලා නහයෙන් අඩන ජන්කුක්ව.

සුදු පාට බෙඩ් ශීට් එකක් පොරෝගෙන මුලු මූණම රතු කරගෙන නහයත් උඩට ඇද ඇද ඉන්න පුංචි හා පැටියා දිහා ටේහියුන් බලන් හිටියේ කියාගන්න බැරි මොකක්දෝ හැගිමක් හිතේ හිරකරගෙනයි.

" එයාට ඒ ඇදුම ලස්සනයි "

ඊයේ ටේහියුන් ඇදගෙන හිටපු ශර්ට් එක ඇදගෙන ඉන්න ජන්කුක්ව දැක්කම ටේහියුන් ට හිනා ගියේ ජන්කුක් ඒ ශර්ට් එක අස්සේ ගිලිල ඉන්නවා දැක්ක නිසා.

𝐃𝐀𝐃𝐃𝐘'𝐒 𝐁𝐀𝐁𝐘 𝐁𝐎𝐘 ᵗᵏWhere stories live. Discover now