ජීවිත කාලෙන් වැඩිම ප්‍රමානයක් විභාගවලට ලියලා පුරුදු උන බෝල්ට් වගේ එකෙක්ට හැම ප්‍රශනයක්ම ට්‍රක්චර්ඩ් ක්වෙස්චන් (ව්‍යහගත ප්‍රශන ) වගේ දුන්නොත් තමයි තේරුම් ගන්න පුලුවන් වෙන්නේ ...ඒ නිසා මම ප්‍රශෙනෙ කොටස් වලට කඩලා ඉදිරිපත් කරා

"අනූශී...තිලෝකා...ඔවූ එකයි එයගෙ නම....මගේ ඇවැස්ස නෑනා...අපේ අම්මයි මාමයි පොඩි කාලෙ විහිලුවට කියුවෙ අපි දෙන්න තමයි කවදා හරි බන්දලා දෙන්නෙ කියලා...මොකද අපේ අම්මායි තාත්තයිත් ඇවැස්සෙ නෑනයි මස්සිනයි...උබ දන්නවනේ අපි ගමේ ඉදපු දුප්පත් මිනිස්සු..ඒත් අපේ මාමා එයාගෙ එකම දුව තිලෝකාව හැදුවෙ එයාලට පුලුවන් හැම සැප සම්පතක්ම දීලා ...තිලෝකා මට වඩා අවුරුදු පහක් විතර බාලයි...ඒත් අපි දෙන්න එකට හැදුනේ
....තිලෝකා නවය වසරෙදි මම ඒලෙවෙල් කරලා හිටියේ....එයාට පාඩම් කියලා දුන්නෙ මම...අපි දෙන්න අතරෙ නොදැනිම සම්බන්දයක් ඇති උනා....ඒක ලොකු දේකුත් නෙමෙයි...නිකන් කතා කරන හිනාවෙන එකට ඉන්න සම්බන්දයක්....ඒ දවස් වල මට සෙක්ස් ගැන ලොකු දැනුමක් තිබුනෙත් නෑ...තිලෝකත් පොඩී ගොඩක්...ඒ නිසා අපි අතින් අල්ලගෙන ඉන්නවට වඩා ලොකු දෙයක් ගැන හිතුවෙවත් නෑ....

ඇත්තටම ඒවගේ ආදරයක් පොඩිකාලෙදිම ඇති වෙන්න අපේ ගෙවල් වලින් ලොකු අනුබලයක් ලැබුනා. අපේ අම්මටයි මාමාටයි හැම දේපලක්ම තිබුනේ නොබෙදූ දෙකෙන් එකක් අයිතිය. මම වෙන කෙනෙකුත් නන්ගි වෙන කෙනෙකුත් බැන්දම ඕවා දෙකට බෙදෙනවා...බෙදන්න ගියත් හොද කොටස් නරක කොටස් තෝරගන්න බැරිව සහෝදර සහෝදරියෝ විරසක වෙනවා. ඔය නොබෙදූ දෙකෙන් එකක ඉඩම් නිසා අපේ ගමේ ගොඩක් ලග නෑයො නයිවයිර වෙලා අවුරුදු ගානක් ලෝයර්ලා පෝසත් කරන්න නඩු කියනවා. ඒත් අපි දෙන්නා බැන්දම දේපල ගැන ලොකු ප්‍රශනයක් වෙන්නෙ නෑ.

විනෝද් උබ අපේ ගෙදර දවස් කීපයක්ම ගියානේ...අපේ ගෙයි අනික් පැත්තෙ ඉන්නෙ...මාමා එයා තනියෙම ඉන්නේ ...අපේ අම්මයි තාත්තයි තමයි එයාගැන බලන්නේ ...අපේ ගෙදටින්මයි කන්නේ ...උබට මාමත් මුනගැහුනා...අර අපිව වැවේ ඔරුපදින්න එක්කගෙන ගිය වයසක කෙනා...එයා තමයි මාමා..හැමදාම අපේ ගෙදර ගිහින් එනකොට පැනි බෝතලයක් දෙන්නෙ උබට

HatharawaramWhere stories live. Discover now