සූකිරි බබාල එක්ක වොශ් දානකන් මම කොෆී හදන්න වතුර එක ගැහුවා කුස්සියේ
අපේ කිචන් එක මැද තියෙන රවුම් මේසේ උඩ ලැප් එක තියාගෙන සමහර වෙලාවට මම වැඩ කරනවා
හදිස්සියෙ ආපු ඊමේල් කීපෙකට උත්තර ලියන්න ලැප් එක අරිද්දි දෙක්කේ කාමෙරේ මේසේ උඩ කහපාට ලොකු අබ ගෙඩි දෙකක්
එකක් කපාගෙන පොඩ්ඩක් කෑවා
පට්ට පැනි රසයි....කට පිස්සු වැටුනා
අල්පොන්සූ අබ
මට නොදැනිම විනාඩි පහලොවකදි පොඩ්ඩ පොඩ්ඩ කාලා ගෙඩි දෙකම ඉවර උනා
මම කොෆී හදලා ඉවර වෙද්දී සූකිරි එයාගෙ තෙත කොන්ඩෙ ගස්සලා මගේ පිටට තෙත වතුර බින්දු හැලුවා
"කෝ ටොම් ජේසී .."
"ටොම් ජේසී...ඒ මොනවද වාහන ජාතියක්ද?"
"නෑ මොට්ටස්...මේ පෑන්ට්‍රි එක උඩ මම තිවුව කහ පාට අබ ගෙඩි දෙක"
"ඒව ටොම් ජේසී යැ...ඒවට කියන්නේ අල්පෝන්සූ අබ "
"ජේ සී අල්පෝන්සුගේ ටොම් අබ...හරි නේ...කෝ දැන් ඒවා මෙතැන මම තියුවේ"
"ඔයාට දැන්ම ඒවා ඕනෙනම්...මේක පලන්න වෙනවා...නැත්තම් හෙට උදේ ටොයිලට් එකෙන් එකතු කරලා දෙන්නම්"
"බූරුවා ඔක්කොම කෑවද?"
"කන්නනේ ගෙනාවේ ඉතින් කෑවා"
"ඇයි තමුසෙටත් දොල දුකද?...අර ගෑනි අබ කන්න ආසයි කියුවා...මේ කාලෙ ඇති වෙන්නේ දොල දුලනේ...ඉතින් මම අමාරුවෙන් පුත්තලෙම අබ ඉදවුම් මධ්‍යස්තනෙන් මේ ගෙඩි දෙක ගෙන්න ගත්තේ ආලෝකට...තමුසේ දර්න් ඒ දෙක ගිලලා ..ඌරා"

"ආඅ ඔයා මේ පැනලා දෙන්නෙ නැතුව ඉන්න ...තිලෝකට දොල දුකනම්...අරගාඩ් රූම් එකේ කෙනෙක් යවලා ගෙන්නගෙන කයි...ඔයා නිකන් උඩපැනලා දීලා එයගෙ මිනිහා වෙන්න යන්න එපා"
මම ආපු තරහට එහෙම කියුවා
"අනේ විනෝද් එහෙම කියන්න එපා ....මට හිතේ ලොකු දුකක් තියෙනවා නිර්වානිට එයා ප්‍රෙග්නන්ට් උන කාලෙ මම නොසලකු එක ගැන...ඇත්තටම දුව ලැබෙන්න ආවාම ඒයාට මාව පොඩ්ඩක් වත් පේන්න බැරුව ගියා...මගේ හෙවනැල්ල දැක්කත් එයාට තරහ යනවා...එයාගෙ දොල දුක උනේ ..එයගෙ හොර මිනිහව ගෙදර තියාගන්න එක...මම ඉද්දි ඒක කරන්න බැරි නිසා එයා ගොඩක්තරහ ගත්තා....ඒ නොලැබුන අවස්තාව අපිග ආලෝක නිසා ලැබුනනේ"
"මේ මටනම් ඔය ගෑනු ගැන අවබෝදයක් නෑ...කොටින්ම කියුවොත් මට ඔය ජාතියෙ එක්ස්පීරියන්ස් ඕනෙත් නෑ...කොහොමත් මම ඔයාගෙයි නිර්වානිගෙයි අතීතෙ ගැන අහන්නත් කැමති නෑ...මම දන්නෙ මෙච්චරයි...ඔයා අතේ ද්ජ්‍ර තිහාගත්තොත් අපි හැමෝටම හොදයි...සමජ්ගයා...අයා නොකියුවා කියන්න එපා .."
මගේ සොදුරු තර්ජනය එක්ක සූකිරි කටවහගෙන කරබාගෙන සාලෙට ගිහින් ටීවී එක දාගත්තා

HatharawaramWhere stories live. Discover now