"මට දැනුයි තේරෙන්නෙ යුන්ගි ඔප්පට ලමයි මෙච්චර බය ඇයි කියලා.සතියක් විතර යනකන් ලයිට් දාගෙන නිදියමු චිමී. "

"මගෙ අත අතාරින්න මියා." ටේහ්‍යුන්ග් කෑහගනවා.

"ඔහ්හ් සොරී" බය වුන පාර මම අල්ලගෙන තියෙන්නෙ මෙයාගෙ අත නේද? අප්පට සිරි ලේත් එනවා.

"ඔයාගෙ නියපොතු කපාගන්න මියා මම හිතුවේ ඔයා මගෙ හම ගලවයි කියලා."

"මම හිතලා කලේ නෑ.සොරි"

"හරි ඒකෙන් කමක් නෑ.මගෙ අත දුන්නනම් බෙහෙත් ටිකක් දාගන්න තිබ්බා." එතකොටයි මට දැනුනේ මම තාමත් අත අල්ලගෙන ඉන්නෙ කියලා.මම පටස් ගාලා අත අතෑරියා.ටේ අත ජින් ඔප්පට පෙන්නද්දි කතා කලේ යුන්ගි.

"වැඩිය හිතන්න එපා මියා.ඔරෑකල්ව මුල් වතාවට දකිද්දි හැමෝම බය වෙනවා.ඒක සාදාරණයි.මම දැන් මොනවද කිව්වෙ?" ජුනි ඔප්පා අනාවැකිය ගැන කියාගෙන යද්දි කෙනෙක්කාමරේ ප්‍රාදූර්භූත වුනා.හැමෝම නැගිටලා ආචාර කරා.මම ඇරෙන්න.

"ඇපලෝ උතුමාණෙනි! "

"ආහ් සූබිනා මොකෝ මේ පැත්තෙ?" චිමීගේ කතාව ඇත්ත මගෙ කට සබන් දාලා හෝදන්න ඕනි.

"උතුමාණෙනි,මොකක් හරි ප්‍රශ්නයක්ද?ඔබතුමාගෙ මූනේ කලබල ගතියක් පේනවා." ජුනී ඔප්පා ප්‍රශ්න කළා.මොකට මෙයාට මෙච්චර ගරු කරනවද මන්දා.මට තාමත් පිලිගන්න බෑ කෙල්ලට බයේ මගෙ පිටිපස්සෙ හැංගුන එකාමද කියලා.අකුණක් පිපිරුවා නේද?

"ඔයාලා හැමෝම ඉන්න එක හොදයි.ආර්ටෙමිස්ගෙන් කිසිම තොරතුරක් නෑ.දෙවිවරු අරහෙ රණ්ඩු වෙනවා.උත්තරායනයනට තව දවස් දහතුනයි.මට හිතෙන්නෙ ආර්ටෙමිස්ව පැහැරගෙන." දැඩි නිශ්ශබ්දතාවයක්.

"ආර්ටෙමිස් විතරක් නෙමේ මගෙ ජන්කුක්වත් පැහැරගෙන." මගෙ? ඒ කෑල්ල ආවේ කොහෙන්ද

"ආව්!" ඒපාර කෑ ගැහුවෙ බේබි කිම්.මෙච්චර වෙලා සර්ජිකල් දාපු පුලුන් කෑල්ලක් කතුරෙන් අල්ලගෙන තුවාල පිහිද පිහද හිටියෙ.කතුර ඇනගත්තද කොහෙද.ජින් ඔප්පා කතුර දෙද්දිම ඕක වෙයි කියලා මම හිතුවා.

"මෙහෙ දෙනවා පොඩි එකා." කතුර ඇදලා ගත්තු මම බලෙන්ම බෙහෙත් දැම්මා.පරණ රැවිල්ලෙන් මට සංග්‍රහ කලත් මම නෙවේ ඒවා ගනන් ගත්තේ.

𝑫𝑨𝑼𝑮𝑯𝑻𝑬𝑹 𝑶𝑭 𝑨𝑹𝑻𝑬𝑴𝑰𝑺 || ✔Where stories live. Discover now