"තාත්තී එන්න අලියගෙ පිටේ යන්න...අපි අලි රේස් එකක් තියමු මැඩොක් අප්පච්චි එක්ක යයි මම තාත්තිගෙ පිටෙ යන්"

"අපෝ මේ තනකොල ගොඩේ මටනම් බෑ....සූකිරි ඔයත් නී ගාඩ් දාගන්න දනහිස් ඇදෙයි"

"අපෝ ඔයාගෙ තාත්තා ගෙ අලි ඔලුව ...එයා එන්නෙ නෑ සෙල්ලම් කරන්න" සූකිරි අලියෙක් වගේ කුන්ච නාද කරලා වේගෙන් තනකොල පිටනියෙ දනගානවා""

සින්ඩිත් ආයෙමත් අපස්මාරෙ හැදුනා වගේ ඇග පන නැති කරලා මැඩොක් දිහාවට අත දික්කරනාවා "ගර්න්ඩ් ෆේර්‍රආ" ඒකියුවෙ ලොකු අයියා කියලා මැඩොක්ට
මම සින්ඩිව ගෙනිහින් සූකිරිගෙ බෙල්ල හරි යෙන් තිබ්බා...මැඩොල් මම දිහා උනන්දුවෙන් බැලුවා
ඒත් ලොකු වරදකාරී හැගීමක් නිසා මට පොඩි කොලගෙ මූන බලන්න බෑ...හින්නගෙ මූන බලන එකත් අවුල්
"ඉතින් විනෝද් ...කෝ මෙහෙන් වඩිවෙයන්".. හින්නා මට එයාලග තිබුන බන්කුව පෙන්නුවා.

ඒ එක්කම අපේ අම්මා එයා යනවා කියලා හින්නටයි සූකිරිටයි කියුවා
සූකිරී ඩ්‍රයිවර්ට කතාකරලා අපේ වෙහිකල් එකක් ලෑස්ති කරා
අම්මා තේ හදලා තිබුනේ එයා යන්ගමන් අපිට තේ බොන්න කියලයි ගියේ
මම ගේ ඇතුලට ආවා සච්නිටත් තේ එක දීලා හින්නටයි සූකිරිටයි බබලටයිත් තේ ගෙනිහින්දෙන්න
හින්නත් මගේ පස්සෙනම ආවා සච්නිත් සාලේ ඉදලා කිචන් එක්ට ආවා
""කොයිතරම් කාලෙකට පස්සෙද ආයෙ අපි මෙහෙම එකට ඉන්නේ""
සච්නි එයාගෙ එලියට නෙරාලා ආපු බඩ වටේට අතගාන ගමන් අපේ අම්මා දීපු සීනි සියබලා කරලක් ලෑටිගනවා
""ඔවු නේද අවුරුදු 6ක් උනා ...දැනුනෙවත් නෑ...මට අද ඊයෙ වගේ"" හින්නත් මම මේසෙ උඩින් තිහපු වැලි තලප දීසියෙන් එකක් ගන්න ගමන් කියුවා
මම කියුවෙ අම්මා පැන්ට්‍රි එකේ උඩ තියපු පුවාලු ඇවරිය සච්නිට දික්කරන ගමන්....එයා අතේ තිබුන සියබලා කරල ලෑටි ගාන එක නවත්තලා...පෑන්ට්‍රියටම හේත්තුවෙලා පුවාලු කන්න ගත්තා
ගෑනු ප්‍රෙග්නට් උනාම මාර කෑමක් නේ කන්නේ
මම සච්නි කෙසෙල් ගෙඩිය කටට දෙකට කන හැටි බලන් කල්පනා කරා
ඉස්සර මේකි පැයක් වත් කයි එක කෙසෙල් ගෙඩියක්

"උබ නියම වැඩ කාරයෙක් නේ...අවුරුදු 6ට 3ක් හැදුවනේ ...නරකම නෑ" මම හින්නට විහිලු කරේ... මැඩොක්ව දැකපු වෙලේ ඉදලා මගේ හිතේ ගැහෙන ප්‍රශනේ හිතේ ගන්ගගෙන
"ඇත්තටම කියුවොත්තුනක් නෙමෙයි දෙකයි "
"ආඅ ඔවු නේ අන්තිම එකා තාම ඇතුලෙනේ....තව මසෙකින් මම කියපු එක් හරියයි".

HatharawaramWhere stories live. Discover now