"ම්ම්,, මෙයා තමයි සින්ඩි....දැන් එකහමාරක් වෙනවා....බේ බේ දිජි බොන්ජුවර්...සේ ටෝන්..ඔන්ක්ල්...විනෝද් "
"අප්පාට හුඩු මෙයා ප්‍රන්ශ කිරිලීයක්ද?"
"ම්,,ම්ම්...ඔවූ අයියෙ...අපේ බේ බි සිටර්....ෆ්‍රෙන්ච් ලෙඩි කෙනෙක්...එයා කතාකරනෙනෙ ෆෙර්‍රන්ච් වලින් මෙයත් ෆ්‍රෙන්ච් විතරයි දන්නේ"

"යකෝ...බල්ලා රට ගියා රට බල්ලට ගියා...උබලාට මතක නෑනෙ...හද්ද ගොඩේ පිලානෙන් අපි ආවේ කියලා...ඔක්කොම දැන් ෆ්‍රෙන්ච් ස්ටයිල් එකටනේ"
"අනේ නෑ අයියේ...අපි ගෙදර කතා කරන්නේ සින්හලෙන්...ඒත් මෙයාලට ඇහෙන්නෙම ෆ්‍රෙන්ච් නේ...ඒකයි මේ " සච්නි ලැජ්ජාවෙන් වගේ කියුවා"
ඒ පොඩි කෙල්ල ට තිබුනේ හිම්නගෙ දිග හීනි නහයයි..අහින්සක ඇස් දෙකයි....කිසිම දෙයක් නොදන්න ඕනෙම පොඩි එකෙක් කියයි සින්ඩිගෙ තාත්තා හින්නා කියලා...ඒත් ඇයි ...මැඩො ඇයි වෙනස් උනේ
"විනෝද් අයියා මෙයා ඔයාට කැමතී ...මේ වඩාගන්න කියන්නේ..."
"අනේ මන්දා සචී...මට ලගදි පොඩි එකෙක් වඩාගෙන පුරුදු නෑ වගේ....අපේ විනූ මම මුලින්ම වඩාගන්න කොට එයා මීටවඩා ලොකුයිනේ"
"එච්චර දෙයක් නෑ අනේ මෙහෙම් අත තියලා තද කරගන්න විතරයි තියෙන්නේ...සින්ඩි දන්නවා ගානට ඇගේ එල්ලිලා ඉන්න "
පුන්චි කෙල්ල මගේ ඇගේම එල්ලිලා හිනා උනා...
"ඒයි මෙයා හරි හුරතල්....අපේ පොඩ්ඩි වගේමයි....මම හිතනෙනෙ දූලා නම් හරිම හුරතක් පොඩි කාලේ"
"ඇයි මැඩොක් දෙක්කේ නැද්ද ...එයාත් හරිම හුරතල්...."
"ම්ම් ඔවූ ඒකනේ..."
"අයියේ මම වොශ් රූම් එකට ගිහින් එනකන් පොඩ්ඩක් මෙයාව තියාගන්න...ඇඩුවොත්හින්නයියට දෙන්න"
සච්නි අමාරුවෙන් පාත්තයෙක් වගේ කකුල් දෙක අද්ද අද්ද අපේ කොමොන් වොශ් රූම් එකට ගියා
ම්ම්ම්...අද් අම්මා හිටපු නිසා ක්ලීන් කරලා ඇති
නැත්තන් අපේ රැවුල් කොටයි ගලවපු ජොක්කුයි මේසුයි වොශ් රූම් එක පුරාම
හවසට සූකිරි ක්ලීන් කරනකන් අපි දෙන්නම සැරින් සැරේට වොශ් රූම් එක ක්ලීන් කරන පුරුද්දක් නෑනෙ
අච්නි වොශ් රූම් එකට යනකන් හොර ගල් අහුල අහුල කුස්සියට වෙලා ආයා එක්ක තේ හදපු අම්මා මට ඇස් කොනෙන් කතාකරා
අම්මාඅ මේ වගේ හස්ත මුද්‍රාවෙන් කතා කරන්නේ මොනව හරි බාල්දියක් පෙරලන්න ඕනි උනාමයි
මගේ රැවුල් කොට ඇද ඇද සෙල්ලම් කරන සින්ඩිත් වඩාගෙන මම අම්මා ලගට ගියා
"උබ දැක්කද ඒක"
"මොකද්ද අම්මේ"
"ඇයි උබේ ඇස් පොට්ටවෙලාද?...අර දරුවා"
"මොන දරුවද?..ඇයි මොකෝ වෙලා තියෙන්නේ"
"අර පොඩි කොල්ලා මෝඩයෝ ඒකා තනිකර උබමයි...උබට අවුරුදු 4 දි ටවුමෙ ෆොටෝ ශොප් එකෙන් අපි ගිහින් ගහපු ෆොටෝ එක්ක ගෙදර තියෙන්නෙ...උබ ලී අශවය අපදින්නේ...මූනත් බුම්මගෙන කුනු කුනු ගගා අඩ අඩා...අර කොල්ලා උබ වගේමයි...පොඩ්ඩක් වත් වෙනස් නෑ"
හපොයි අම්මා දෙබරෙට ගල් ගහන්න පටන් ගත්තා
මට ඒක දැකපු ගමන් තේරුනා...ඒ කොල්ලා මම වගේම මූන බුම්ම ගෙන ඉන්න ඇට්ටර කොල්ලෙක්
ඒ තිත්ත ඇත්ත පිලිගන්න අකැමැති නිසා මම හින්නවයි පොඩි කොල්ලවයි මග ඇරලා ගේ ඇතුලට ආවේ
මගේහිතේ කියාගන්න බැරි ලැජ්ජවක් එක්ක තද අසරන කමක් දැනෙනවා
"ආ ඔවු අම්මේ ටිකල මම වගේ නේ" මම අම්මා එවපු යෝකර් එක ගනන් නොගෙන නිදැල්ලේ යන්න දුන්නා
ඒත් අම්මා කියනෙනෙ ලේසියෙන් පහුබහින ප්ලේයර් කෙනෙක් නෙමෙයි
"මට ඇත්ත කියපන්....උබ සූකිරි ලමය එක්ක පැටලෙන්න කලින් ඔය සච්නි කෙල්ල එක්ක මොනව හරි පලහිලවුවක් තිබුන නේ"
"ඒවා ඉස්සර උන දේවල් මට මතක නෑ අම්මේ ඕවා ...මේ මොනව අහනවද මන්දා...මේ පොඩි එකත් මගේ අතේ ඉද්දි" කෙල්ල කට්ටට ඇගිල්ල දාලා වැලට එල්ලෙන පැනි බින්දුවක් මගේ නහේ උලනවා
"මේ පොඩි එකාට තේරෙන සින්හලක් නෑ...උබ නිකන් ප්‍රශ්නෙන් පැනලා යන්න හදන්න එපා....මම උබට කියුවනේ අපේ පවුලේ පිරිමින්ට ගෑනියෙක්ගෙ පැදුර පෑගුනත් ඇති ලමයි හම්බුවෙන්න...උබ මොනවම හරි නොසන්ඩාල වැඩක් කරන්න ඇති ...මොකෝ උබ වගේම පැටවු ගහන්න මගේ මිනිහා ගිහින් ඔය කෙල්ලො එක්කම්පැටලුන්නේ නෑනෙ...මටනම් දැන් උබ ගැන හොදටම කල කිරිලා තියෙන්නේ "
අම්මා සාරි පොටෙන් පැනි බේර බේර ඉන්න සින්ඩිගේ කට පිහිදුවා
මෙච්චර වෙලා කරදරයක් නො වී හිටපු පොඩි එකා යකාවෙලා දගලන්න ගත්තා
මගේ පපුවට චෝටි කකුල් තියලා උඩට ඇදෙන ගමන් රබර් එක වගේ බෙල්ල පහලට කඩලා අත පය පන නැති කරලා ලිස්සලා යන්න හදනවා
"අයියෝ අම්මේ මේ බාබාට මොකද්ද මේ වෙන්නේ"
"මොනව වෙන්නද ඔය පොඩි එකාට බිමට බහින්න ඕනි වෙලා...පොඩ්ඩක් අනිත්නතට මාරු කරලා වඩා ගනින්"
සින්ඩි ආයේ සන්සුන් උනාම අම්මා අයේ කියවන්න ගත්තා
"ඕක ප්‍රශනයක් නෙමෙයි උන් ප්‍රන්ශෙට වෙලා ඉන්නකන්...ඔය කොල්ලව කරගහන් ගම වටේ යන්න ගත්තම ඔලු කටට යටින් ඇස් ගෙඩි දෙකක් තියෙන මිනිස්සුන්ට තේරෙයි මේ කොල්ලා උබේ දරුවෙක් කියලා "
අම්මා මතු කරේ සම්පූර්න සත්‍යකි ...සච්නිලාගේ නෑයෝ හින්නගේ නන්ගි දැක්ක ගමන් දැනගනී ඒ කොල්ලගෙනම් මොකක් හරි අවුලක් තියෙනව කියලා
මම බයෙන් ඉන්නේ සූකිරි හරි හින්නා, සච්නි මේ විකාර මාතෘකාව ඇදලා ගනීද?
"මේ මම ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ...උබේ වාහනේ ඩ්‍රයිවර් එක්ක ලැස්තිකරන්න මම ගෙදර යනවා"
"අයියෝ අම්මේ එහෙම යන්න එපා ....දැන් ඔයා ගියහම ...හින්නලා මොනවා හිතයිද?"
"ඇයි බන් එනකොටම කියුවනේ අද යන්න ඕනි කියලා...කොහොමත් ගෙදර මිනිස්සුන්ට දානේ කොටස් අරගෙන යන්නත් ඕනි...උබේ නන්ගිගෙ පොඩි එකාට හෙට බෙහෙත් විදින්නත් තියෙනවා "
"අම්මා ඔය යන්නේ මාත් එක්ක තරහෙන්ද?"
" උබ අල්ලපු නරිනාටක කස්තිරම් වල හැටියට මම හරිනම් උබේ මූන බලන්නෙත් නැතුවයි ඉන්න තියෙන්නේ...ඒත් මගේ හිත හොද වැඩී නෙ...උබයි බැනයි පොඩි කෙල්ලයි මට එහෙම අමතක කරන්න බෑම්නේ"
"මේ අම්මේ ...පුලුවන්නම් ඔයා යන හේතුව පොඩ්ඩක් හිනටයි සච්නිටයි කියලා යන නැත්තන් උන් හිතයි ...හිත හොද නැතුව යනවා කියලා..."
"හරි හරි ....මම කියලා යන්නම්...කොහොමත් ඔය හින්නලා ගමේ එනවනේ...මම අර සච්නි කෙල්ලට බත් එකක් දෙන්න ඕනි....එකි ඉන්න තත්වෙ හැටියට කන්න ආසා දේවලුත් ඇතිනේ"
""ඔහ් මොන් ඩෙයු සෙට්ටෙ ෆිලේ නෞස් ඔබ්ලෙ ..."
සච්නි එලියට ආවේ ප්‍රන්ශ වලින් කෑගහගෙන
"බලන්නකො නැන්දේ මෙයාට විනෝද් වඩාගත්තම අපිව අමතක වෙලානේ" ඇත්තටම පොඩි කෙල්ල මට කැමැත්තෙන් වගේ මගේ මූන අතගගා ඇගේ එල්ලිලා හිටියා
අපේ අම්මයි සච්නී ගර්ල්ස් ටෝල් පටන්ගත්තා
බඩට මාස කීයද...මොනවද කන්න හිතෙන්නේ ...අරක කරාද මේක් කරද වගේ දේවල්
මමත් එතැන ඉදලා චීත්ත සීන් එකක් වෙන නිසා
පොඩි එකත් වඩාගෙන එලියට ආවා
එනකොට එලියෙ එක ජෝගියයි
සූකිරියා මැඩොක් අපේ දුවයි පිටේ තියන් තන කොල ගොඩේ අලියා පිට උඩ ගෙනියනවා
"මම දැනුයි දැක්කේ පොඩි කොල්ලා හිනාවෙනවා
ඌ කැතමත් නෑ...පොඩි හුරතල් දග් ගතියක් තියෙනවා
සූකිරී දුවයි නම් කොල්ලා එක්ක හොදටම ෆිට් වෙලා

HatharawaramWhere stories live. Discover now