"ඔවූ පුතා ඉස්සර ලන්කාවේ මිනිස්සු කම්මැලි නෑ...ඒකයි මේවගේ ඒවා හැදුවේ...බලන්නකෝ මේවා ඔක්කොම ගල් පඩි...හරියට කේක් කෑලක් කපනවා වගේ හරි හතරැස් විදියට මේ පඩි කපලා තියෙන්නෙ තනි ගලෙන් ඔක්කොම එක වගේ...වෙනසක් නෑ...මේවා කොහේ හරි ඈත ගල් වැඩපලක හදලා...අලින් ට කියලා කරත්තවල දාගෙන ආමාරුවෙන් ඇදගෙන එන්න ඇති මෙතෙන්ට..."

"තාත්තී...මේ කැලේ අලි ඉන්නවද ? "

"නෑ මේ කැලේ අලි නැතුව ඇති බබා..."

"" එහෙනම් මේ කැලේ ගෝරිල්ලෝ ඉන්නවද?""

"පිස්සුද ලමයෝ...ගෝරිල්ලෝ ඉන්නේ ..ඉන්දුනීසියාව වගේ අග්නිදිග ආසියාතික රටවලයි සමහර අප්‍රිකානු රටවලයි"

"ඒත් මම සල්ගහ අස්සෙන් ගෝරිල්ලෙක් දැක්කනේ..අපි යන්ද බලන්න ...නිකන් ඉන්න එකේ වැරදිලා හරි හිටියොත් අල්ලාගෙන එන්න පුලුවන්නේ "

"අප්පච්චි නම් තාත්ති වගේ බය නෑ...මොන සතා හිටියත් යනවා...අපප්ච්චි හිටියනම් තාත්තිත් එනවා නේ කැලෑවේ යන්න...අපි මීට වඩා ලොකු කැලෑවල ගියානේ "

"ඒකනම් කරන්න බෑ...මතකනේ පල්ලෙහා හිටපු ස්වාමීනි වහන්සේ කියුවා පඩි පෙල දිගේම යන්න...මේ හරියේ කූඩැල්ලොයි ..සර්පයොයි ඉන්නවා කියලා"

සූකිරි නැති අඩුව මට විතරක් නෙමෙයි දෝනිටත් තදින් දැනෙනවා...ඇත්තටම සූකිරි ලග ඉද්දි මට් අහරිම ආරක්ශිත බවක් දැනෙනවා...එයා එක්ක බෙල්ල කඩලා ගෙයත් ඕනෙ අපායකට යන්න පුලුවන්...ඒත් එයා නැති වෙලාවට මට මම හරි දුර්වලයෙක් වගේ දැනෙනවා...මට සූකිරි මතක් වෙලා පොඩි කදුලක් ඉනුවත් ...

"තාත්තී අර අර සල් ගහෙන් සෙරෙප්පුවක් බිමට වැටුනා" මම ඒ සල් ගහ දිහා බැලුවත් මට ලොකුදෙයක් පෙනුනේ නැ..ඒ සල්ගහ අස්සෙම කැන්දගස් ගොඩපරගස් ගොල්ලක් වැවුනු නිස ඒ සල් ගහේ කදනම් හරිය්ටම පෙනුනේ නෑ

"අනේ බබා විකාර කියන්න එපා මේ කැලේ ගස් වලින් කොහෙද සෙරෙප්පු වැටෙන්නේ...ඔයා ඉසෙල්ලා ගෝරිල්ලෙක් ගැන කියනවා..දැන් ගස්වලින් සෙරෙප්පු වැටෙනවලු...මේ යන් යන් අපි...කෝ පඩි ඉක ගනන් කරන්නකෝ"

දෝනි පඩියෙන් පඩිය හරිඅයට කියලා දීපු බිදියට ගනන් කර කර පහලට බහින හැටි දැකලා සතුටු හිතුනා...මේකිට කියපු ගමන් ඕනෙ දෙයක් තේරෙනවා ලොකු උනාම දක්ශම දකශ නෝනා කෙනෙක් වෙයි..ඕනෙම තාත්ත කෙනෙක්ටතමගෙ දුව ගැන ඇතිවෙන විදියේ ආඩමබර ආදරයක් මටත් ඇති උනා

HatharawaramWhere stories live. Discover now