"මාත් මතක් කලා කියුවද අන්කල්ව ""

"බොරු කියන්න බෑනේ....මාවවත් මටහක නැති එකාට අපේ තාත්තා මටහක් වෙනවද....?"

බෝල්ට් නියමැට කතාවෙන් අනික් එකාව අසරන කරන්න දනවා ...මට එක පාරට කියන්න දය්ක් හිතාගන්න බැරි උනා..ලවුඩ්ස් පීකර් දාලා උන ලැජ්ජවට මම සූකිරි දිහා බැලුවා...එයා මගේ මූන නොබල ෆෝන් එක ඔබනවා....ඌත් බොරු කියනේ මගේ කතාව ඔක්කොම අහගෙන කිසි දෙයක් දන්නෙ නෑ වගෙ රගපානවා....මම තප්පර කීපයක් නිහඩව හිටපු නිසා බෝල්ට්ම කතා කලා

"මම බෑග් එක පැක් කරනවා ..කවුරුත් නෑනෙ ඉතින් උදවු කරන්න ""

"මචන් ඉස්සෙල්ලා චෙක් කරපන් කොච්චර බරක් ගෙනියන්න දෙනවද කියලා උබේ ෆලයිට් එකේ...ගොඩක් ඒවයේ චෙක් ඉන් 30යි හෑන්ඩ් ලැගේජ් 7යි...හෑන්ඩ් ලැගේජ් එකේ ලැප් එකයි තව අත්‍යවශය දේවල් දාපන්...ලැප් එකෙයි ෆොන් එකෙයි චාජර් නම් අනිවා හෑන්ඩ් ලැගේජ් ගනින්...මොකද්ද ලිතියම් බැට්‍රි කේස් එකක් තියෙනවා...

.....අනික උබේ පාස්පොට් අයිඩී ...උනිවසිටි ඉන්විටෙශන්...නවතින තැන ඩීටේල්..ඔක්කොම ෆයිල් එකක දාලා එකත් හෑන්ඩ් ලැගේජ් එකේම දාගනින්...මම් ඕනෙනම් සමනලීගෙ ෆ්‍රාන්ස් කන්ටැක්ට් ඩිටේල් එවන්නම් එහෙදි කේස් එකක් ගියොත් උබට එයා උදවු කරයි....

....ෆ්‍රාන්ස් වල උබ යන එයාපෝට් එකේ එන්වයරමන්ට් ටෙම්පරේචර් එක බලපන් ..ගොඩක් හීතලනම් ජැකට් එකක් හරි දිග ක්ලොක් එකක් හරි අතේ ගෙනියපන්...බෙල්ට් නැති කලඉසම්ක් ඇදපන්...උබ අර දාන සේප්පු වගේ ලොකු බෙල්ට් දාන්න එපා...ගේට් එක ගාවදි ගලවන්න වෙනවා...සපත්තුත් ලේස් නැති ඒවා දානවන්ම් ලේසී"

"හෝවු හෝවු...මොකද්ද බන් උබ ගිරවා වගේ කියව ගෙන කියවගෙන යනවා උස්මත් නොගෙන....මට උබ ඕවා කියන්න ඕනි නෑ...ඔක්කොම විස්තර ඉන්ටර්නෙට් එකේ තියෙනවා..අනික උබ එකපාරක් හරි ප්ලේන් එකකට නැගලා තියෙනවද නිකන් ලොක්කා වගේ කිවයව්න්නේ"

හුකපන්...මූ මාව රෙදි නැතුව කඩේ යවනවා. සුකිරියා ඒපාරනම් බලු හිනාවක් දැම්ම ෆෝන් එක දිහා බලාගෙනම...මම උගේ පැත්ත බලපු නිසා බෝල්ට් කියපු එකට හිනා උනේ නෑ...වගේ බිත්තිය පැත්තට් හැරුනා

HatharawaramWhere stories live. Discover now