මාව දිගටම ගනන් නොගෙන හිටපු අය අතරේ ප්‍රදානම කෙනෙක් අපේ තාත්තා. එයා මාවවත් සූකිරිවත් ගනගත්තෙ නෑ මූන බැලුවෙත් නෑ කතා කලෙත් නෑ. හැබැයි දුව එක්කනම් යාලු උනා.

සූකිරි නිසා අපේ හොටෙල් එකට ෆොරින් කස්ටමර්ස්ලා කන්ෆෙරන්ස් පාටි අඩුවක් උනේ නැ එයාගෙ අමත්‍යන්ශවල ගොඩක් වැඩ මම හරහා හෝටලේට ලැබුනේ.

ඒවගේම මම මාස්ටර් එක ඉවර කරා. බෝල්ට් මට නිතර කතා කරත් මම මිනිහව මග හැරියා. එයා රාඝවු එක්ක බ්‍රේක් අප් වෙලා. ඒ දෙන්නගේ ප්‍රශන මට නිතර කතාකරලා කියන්න ගත්තා. මට තේරුනේ මම අනවශ්‍ය ප්‍රශ්නෙකට පැටලෙනවා කියලයි. අනික සූකිරි මට පැහැදිලිවම කියලා තියෙනවා එයා කැමති නෑ මම් බෝල්ට් එක්ක කතා කරනව්ට කියන එක.

මට දුකයි බෝල්ට්ව නිකම්ම ජීවිතෙන් කපලා දාන්න. එයාකරපු උදවු ගොඩක් තියෙනව පහුගිය කාලෙටම. එත් උට තේරෙන්නේ නැත්තම් හොද යාලුවො විදියට විතරක් ඉමු කියන එක..එයාගෙන් ඈත් වෙනවා හැරෙන්න මට කරන්න වෙන දෙයක් තියෙනවද?

"අඩෝ මගේ නම්බරෙන් කතා කරාම උබ ආන්සර් කරන්නෙ නෑ...එකමයි මම අලුත් නම්බර් එක ගත්තේ " නොදන්න නම්බරේකින් ආවා කෝල් එක ..සූකිරී මමයි ඇදේ ඉද්දී...මම ලවුඩ් පීකර් දැම්මා. මට ඕනෙ නෑ සූකිරිට නොපෙන්නෙන කෝල් එක කට් කරලා හිතයටින් හොරවැඩ කරන්න. කතාකරන දේවල් එයාටමත් ඇහෙන්න ඕනෙ නිසයි මම ලවුඩ්ස් පීකර් දැම්මේ.

"මිනිහෙක් දිගටම ආනසර් කරන්නේ නැත්තේ...එයාට ඒ කෝල් එක වදයක් නිසානෙ...ඒ නිසා ආයෙ ආයෙ කතාකර කර වද දෙන්න එපා මචන්"

"හරි හරි අයෙ වද දෙන්නේ නෑ...අනිද්ද උදේ මම යනවා පී එච් ඩී එකට...තනියෙම යන්නේ රාඝවු යනේ නෑ අපි බ්‍රේක් අප් උනා"
"ම්ම්ම් මචන් ඕල් ද බෙස්ට්....එහෙනම් වැඩේ හොදට කරගනින් පරිස්සමෙන් පලයන් ...සේෆ් ජර්නි"

"නොදකින් යකෝ ඔච්චරද ? ...මම් යනවා කියුවම...."

"නැත්තන් මොනවා කරනද...උබ ප්ලේන් එකගාවට වෙනකන් මල්මාලා දාලා උස්සන් යනනද කියනේ"

"'නෑ....කාලෙකින් මීට් වෙන්නෙත් නෑ නෙ ඒකයි කතා කලේ ටිකක්....මම් ගෙදර ගියා අම්මාලා බලන්න ...තාත්තා උබව මතක් කලා"

HatharawaramΌπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα