" මන් අවුරුදු දෙකක් තිස්සේ එකදිගටම අර මිනිහගේ ඇගට යට වෙලා වේදනා වින්දා.. කොච්චර දුක් වින්දත් මන් මගේ අද්‍යාපන කටයුතු ටික හොදට කලා හ්යුන්ග්.. ඔහොම ඉද්දි මට මියුසික් නිසා සෝල් නැෂනල් යුනිවර්සිටි එකට ස්කොලර්ශිප් එකක් හම්බුනා.. එදා මන් ඒ ආරංචිය අරන් ගෙදර ආවේ ගොඩක් සතුටින් හ්යුන්ග්... ඒත් එදා ඒ ගැන අම්මයි බාප්පයි දැනගත්තම මට හුගක් ගැහුවා හ්යුන්ග්. ගහල ගහල මාව රූම් එකකට දාල ලොක් කරලා තිබ්බා.. දවස් දෙකක් මට කන්න බොන්නවත් දුන්නේ නෑ හ්යුන්ග්.. තුන්වෙනි දවසේ බාප්පාගේ ලොකු දුව ඒ කියන්නේ මගේ ලොකු නංගි අම්මලට හොරෙන් ඇවිත් මාව හිරකරලා තිබ්බ රූම් එකේ දොර ඇරියා..එදා මන් හැමෝටම හොරෙන් ඇදුම් කෑලි දෙක තුනක් බෑග් එකට දාගෙන බාප්පගේ පර්ස් එකෙන් හොරෙන් වොන් ලක්ෂ දෙකකුත් අරන් කාගෙන්වත් සමුගන්නේ නැතුව සෝල් වලට ආවා හ්යුන්ග්..
එදා මන් හිතුවේ ඒ තීරණේ මන් ගත්තු හොදම තීරණේ වෙයි කියලා හ්යුන්ග්... ඒත්... මන් කලේ මගේ ජීවිතේ කරපු ලොකුම වැරද්ද කියලා දැනගද්දී.... මන් ගොඩක් දුර ගිහින් ඉවරයි හ්යුන්ග්...
YOU ARE READING
#The Pain 💔
Fanfictionයකෝ... මන් මේ ලෝකෙට ආවේ මගේ උවමනාවටද.. මන් අවජාතක වුනේ මගේ වැරද්දටද.. අම්මගේ ජීවිතේ කාලකන්නි කරන්න මන් දෙයියෙක්ද... ගෙදර හට්ටියෙ පැහෙන මස් හොද්දේ රස බලන් පිනක් නැති මට ඊරි මාන්ස කකුල් දෙක ලගට නිකම්ම පහල වෙනවද හ්යුන්ග්....