27- අපේ සුන්දර මොහොත 🕷️

1.1K 163 107
                                    

Under The Mask 🕷️
.
.
.
.
.
.
.
"මම බබාව පරිස්සමෙන් මගේ අත්දෙකට ගත්තේ එයාට එයාගේ වේදනාව අමතක වෙන තරමට මගේ ආදරේ දැනෙන්න ඕනි නිසයි...
ඇත්තටම මට කෙවින් තැලිලා පොඩි උන මලක්.. ඒත් මම දැන් ඒකේ පොඩි උන මල් පෙති එකින් එක දිගෑරලා ඒ මල ලස්සන කරලා ඉවරයි....
තව මට තියෙන්නේ පියවර කීපයයි.. ඊට පස්සේ මගේ මැණික සදහටම මගේ ලස්සන මල වෙලා ඉදීවී...
රටක ප්‍රින්ස් කෙනෙක් උනත් මගේ ප්‍රධානම කාර්‍යය උනේ මගේ මැණිකව බලාගන්න එක...
මගේ ජීවිතේ මගේ හදවතට දැනුනු එකම කෙනා මගේ කෙවින් බබා.. ඉතින් මම එයා වෙනුවෙන් ඕනිම දෙයක් කරනවා..

" බෝලේ අනේ මට ලැජ්ජයිනේ ඔහොම අරන් යද්දී කට්ටිය ඇයි කියලා බලයි..."

" බය වෙන්න එපා වස්තූ මම ඔයාව අරන් කෙලින්ම කා එකට යන්නේ.."

" හ්ම්ම්... "

එයා මූනත් රතු කරන් කිව්වා.. ඇත්තටම දැන් ඉන්න මගේ කෙවින් බබා කලින් කෙවින්ට වඩා මාව විශ්වාස කරනවා කියලා මට දැනෙනවා. කලින් එයා මට මොනතරම් ආදරේ කරත් එයාගේ ඇස්වල මං වෙනුවෙන් තිබ්බ සැකේ අයින් වුනේම නෑ..

ඒත් දැන් මගේ මැණිකගේ මනසේ තිබ්බ සේරම අඳුර මැකිලා ගිහින්...
දැවි දැවී හිටපු හිත දැන් සතුටින් ඇත්තේ. අනික රෑ තිස්සේ බයවෙලා නැගිටින එකත් දැන් නැතිවෙලා..

ඒකම මට ලොකුම ලොකු සැනසීමක් ගෙනාවා...
ඇත්තටම එයාට මතකය නැති වුනු එකට මට අනේක වාරයක් හිත යටින් සතුටු වුනා...
එක අතකට එයා සතුටින් ඉන්නේ ඒ අදුරු මතකය නැති නිසයි.නැත්නම් එයා මට ලං වෙද්දි හැමදාම එයා විහින් පාලනය වෙනවා කියලා මම දන්නවා..
ඒ නිසයි මම එයා ඇදපු සීමා ඉරේ හැමදාම හිටියේ...

මම එයාව පරිස්සමෙන් ගිහින් කා එකේ වාඩි කරවලා මමත් එහා පැත්තෙන් වාඩි වුනා....

" අපි යමු ලූකස්..."

" හරි ප්‍රින්ස් "

මම යන්න ඕනි තැන කලින්ම ලූකස්ට කියලා තිබුණු නිසා එයා දන්නවා හරියටම යන්න ඕනි තැන..
ඇත්තටම මගේ බබාගේ මනසට අනුව එයාට තාම 17 යි.. ඉතින් 17 ක දරුවෙක් යන්න ආසම තැනකට මම එයාව එක්කගෙන යන්න හිතුවා...
ඒක දරුවො විතරක් නෙවෙයි ඕනි කෙනෙක් ආස වෙන හිත ගොඩක් නිවන තැනක්...

🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚Where stories live. Discover now