Under The Mask 🕷️
.
..
." මම පහලට ලෑස්ති වෙලා යනකොටත් එයා කුමාරයෙක් වගේ ලස්සනට ඇදගෙන කෑම කනවා. මමත් එයාට නොදෙවෙනි වෙන්න ලෑස්ති වෙලා හිටියේ සතුටටත් එක්කමයි.
අද ඒ දේපල සේරම විකුණලා මට සල්ලි හම්බෙනවා...මම ඉක්මනින් රුමේනියා යනවා.. මගේ හිතට පුදුම සතුටක් දැනුනා... මම පුන පුනා බලාගෙන හිටපු දේවල් සේරම මට එක ගමනකින් හම්බෙන නිසා..
මගේ ඇස් ඉස්සරහා ඉන්නේ මගේ දේවදූතයා.." මට සමාවෙන්න චොකලට් බෝලේ... මං මේ දෙවල් කරන්නේ ඔයාව රවට්ටන්න නෙවෙයි..." මම හිතෙන් හිතුවා.
" ඒත් සමහර දේවල් හිතට එකඟ නැති වුනත් මට කරන්න දෙයක් නෑ... මම මගේ පැත්තෙන් සාධාරණයි "
" ආවද සුදූ.. ?"
" ආ......
එයා සිංහලෙන් මට සුදූ කිව්වා. අගේ මූනට එලිය වැටුණේ මගේ මමායි පපායි මට කිව්ව නම ඒක නිසා..
ඒත් එක්කම මගේ මූන අදුරු උන නිසා මම බිම බලාගත්තා..." බොලේ මට ලෝයර් මීට් වෙන්නත් ඕනි.. ඒ නිසා මාවත් ජොනීස් හෝම් එකට දාගෙන යන්න.
අද අන්තිම දවස නිසා මට පොඩ්ඩක් මගේ රාජධානිය බලලා එන්න ඕනි." හ්ම්..."
එයාගේ මූන වෙනස් උනා. ආයෙම ප්ලේට් එක දිහා බලාගෙන එයා ඔහේ කෑම කන්න ගත්තා...
" ඒයි.................??? මම ආස නෑ එයාගේ චොකලට් මූන ඩාර්ක් චොකලට් වෙනවට.
ඩාර්ක් චොකලට් කන්න වැඩියෙන් ආස එක වෙනම කතාවක්." මොකද කෑ ගහන්නේ...???"
" ඇයි දැන් ඩාර්ක් චොකලට් වෙලා...????
" අනේ මේ සුදූ ඔයා තීරණ ගන්නේ තනියම නම් ඕනි දිහාක යන්න.."
අම්මට සිරි වෙනවා මේකගේ සැර...
"හපෝ හරි හරි.... මේ මං සල්ලි ගන්නනේ යන්නේ.. ගියා ආවා..."
" එහෙනම් Bodyguard ලා දෙන්නෙක් දෙනවා උන් එක්ක යන්න..."
මම මගේ නලලට අත ගෙනිච්චේ එයාට සැලුට් එකක් ගහන්න වගේ ..
" Yes Boss sure ......!!"
මම බලාපොරොත්තු උන විදියටම එයාගේ මූනේ ලාවට හිනාවක් ඇදුනා.
ඒත් ඒක නිකන් ඒ වෙලාවට ඉක්මනින් මතු වුන එකක් විතරයි.....
YOU ARE READING
🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚
Mystery / Thrillerරුඳුරු පලි ගැනීමේ අවසානය ...... නුඹේ ආදරයේ ආරම්භයයි.... කෙවින් බිම්සත් , නිතේෂ් ස්කොට් අතර බැදි ප්රේමාන්විතය ...... ♥️