ජනේලයෙන් හිස පහතට ගනිමින් බොම්ග්‍යු ටේට එසේ කියන්නට විය..

🐢"සොරි අයිම් ඇන් ඇන්ටි රොමෑන්ටික්🎶"

🐻"ආයිශ් !! රොමෑන්ටික් ! පෙන්නනවා මන් උඹට😤 මාර සගයෙක්නෙ මං ඔත්තු බලන්න දාගත්තෙ.මීට වඩා හොදයි අර සූබිනාගෙ ඕඩි සහයක කර ගත්තා නම්.."

ටේගේ හිසෙහි වූ හෙඩ්සෙට් එකද ගලවා බොම්ග්‍යු කෝපයෙන් එසේ කියන්නට විය..

🐢"රා රෙ රෙ රා...ර රෙ රෙ රා...🎶හයියෝ...හොදටම ටික යද්දි කෑවා ශික්😤"

🐻"අනේ දෙයියනේ..මූ මගේ සහෝදරයා කරේ ඇයි😑"

🐢"ඇයි ඒ පාර මොකද !?"

🐻"ලංකාවට හොදටම වහිනවලු😑"

බොම්ග්‍යුගේ වදන් ගණනකටවත් නොගෙන ටේ නැවතත් බොම්ග්‍යුගේ ඇදට වී සින්දු අහන්නට විය..

කෙමෙන් කෙමෙන් හවස් වෙත්ම කාර්‍යබහුල සියල්ලන් සිටියේ නිදහසේ ය..මේ වන විට ලවුඩ් හවුස් හි සහෝදරයන් ද ඉස්තෝප්පුවෙහි තැන තැන වාඩි වී තම තමන්ගේ වැඩවල නිරතව සිටින්නට වූයේ ය..

"ඩිං ඩොං ! ඩිං ඩොං !"

එකවරම නිවසේ සීනුව නාද විය..

"පොඩි මහත්තයා !! කව්දෝ මහත්තුරු දෙන්නෙක් ඇවිත් ඉන්නවා ඔයාලව හම්බෙන්න ඕනි කියලා"

සේවිකා මින්හුආ පැමිණ වහාම ඒ ගැන යොන්ජන්ව දැනුවත් කරන්නට විය..

🐯"ආහ් එන්න කියන්න ඇතුලට"

"හරි මං කියන්නම් පොඩි මහත්තයා"

🐯"ආහ් ! මේ ඩොක්ටර් හ්‍යුන්ජින් වෙන්න ඕනි..එතකොට මේ සන්ග්මින්? මං හරිද..."

🥟"ඔව් ඒ අපි තමයි.."

🐯"එන්න ඇතුලට...අපි වාඩි වෙලා කතා කරමු"

කිසිවක් නොදත් බාල සහෝදරයන් මුහුණෙන් මුහුණ බලාගෙන කුටු කුටු ගාන්නට විය..

~•L0UD HOU$€•~ | SIN/ENG || Txt X Straykids || ☑Where stories live. Discover now