19- වියරු ප්‍රේමය🕷️

ابدأ من البداية
                                    

" එහෙම කොහොමද වෙන්නේ... මම ඔයාගේ ඩීටේල්ස් ඔක්කොම වෙනස් කරලනේ තිබුණේ..."

" ඒත් ජෝජ් ඔයා හිතන කෙනා නෙවෙයි බෝලේ. එයා එයාගේ පපාව මරපු පලිය ගන්න මාව මරන්න හැදුවේ..
මම එයාට කිව්ව එයාගේ පපා මට කරපු දේවල්.

ඒත් එයා ඒවා විශ්වාස කරේ නෑ.. එයා කියන්නේ මම එයාව රැවැට්ටුවලු.
පපා එක්ක මොකක් හරි පරණ තරහක් තිබ්බ ද ඇහුවා. මම කිව්වා මම කිව්ව දේවල් ඇත්ත කියලා ඒත් එයා ඒක පිළිගත්තේ නෑ. එයා මට ගැහුවා.
මම බේරෙන්න ට්‍රයි කරත් මට බැරි උනා.
ඒත් මම කොහොමහරි මගේ ලණු කපාගත්තා මම ආරක්ෂාවට මගේ කිනිස්ස බූට් එකේ ගහගෙන හිටියේ..
පස්සේ මම පැනලා යන්න හැදුවම එකා එකා මාව අල්ල ගන්න හැදුවා.
මම මොකටද උන්ට අනුකම්පා කරන්නේ. මම එකා එකා මැරුවා. පස්සේ ජෝජ් වියරු වැටිලා මං ලගට එද්දී මම බය වුණු පාර එයාටත් ශූට් කරා...."

එයාගේ මූන බැරෑරුම් උනා. මම කිව්ව දේවල්වලින් සේරම එයා විශ්වාස කරා කියන්න නම් මට බෑ...

මම හිමීට කතාව ඉවර කරලා එයාගේ පපුවට තුරුළු උනා....
මගේ මින්ට් සුවද...
මගේ හැම වේදනාවක්ම දුරු කරන්න මේ පපුවේ රස්නෙටයි මේ මින්ට් සුවඳටයි පුළුවන් .
මට සමාවෙන්න බෝලේ ...

එයා මගේ ඔලුව හිමීට අත ගගා මගේ නලලට තව හාදුවක් දුන්නා...

"හරි බබා රෙස්ට් කරන්නකෝ.
ජෝජ්ගේ ඉනට බුලට් එක වැදිලා තිබ්බේ. ඒ නිසා එයා මැරෙන්නේ නම් නෑ. "

එහෙම කියලා එයා මාව පරිස්සමෙන් ඇදෙන් හාන්සි කරලා නැගිට්ටා..

ඒත් මගක් දුරට ගිහින් ආයේ හැරුණා...

" බබා... හෙට අපි රුමේනියා යනවා...."

මගේ සියලු වේදනා ධූරින්භූත වෙලා ගිහින් මූන පුරා හිනාවක් ඇදුනා...

" හරි බෝලේ."

යෙස් එහෙනම් මගේ අරමුණට මට යන්න පුළුවන් .

ඒත් එක්කම මගේ හිතට මහ මූසල හැඟීමක් ආවා..

"මම ඔයාට හිතකින් මේවා හංගන්නේ නෑ මගේ මින්ට් චොකලට් බෝලේ..."

🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚حيث تعيش القصص. اكتشف الآن