මාකටින් සබ්ජෙක්ට් එකට ඉගෙන ගෙන තියෙනවා..වචන වෙනස් කිරීමතුලින් කියන්න ඕනෙ අදහස ලොකු වෙනසකට ලක් කරන්න පුලුවන් කස්ටමර්ගේ මනසේ
දැන් මම ට්‍රයි කරන්නේ මගේ යෝජනාව අම්මට විකුණල ඒක ගන්න එයාව පොලබවන්න
අම්මේ මම සමලින්ගිකයෙක්
අම්මේ මම් සූකිරිට අදරෙයි
අමමේ මම පොඩි එකීගෙ තාත්තා වෙන්න කැමතී
අම්මේ මම බැන්දෙ නැති උනාට කමක් නැද්ද?
අම්මා කැමතිද මම සතුටෙන් ඉන්න්න්වා දකින්න්
මම කියන දේ අහලා කලබල වෙන්න එපා ප්ලීස්
මේ මොන විදියටද පටන් ගන්න හොද
මේ ක්‍රම එකක්වත් ඇරුනාම තවත් ක්‍රම තියෙනවද
අපරදේ ඊයෙ හොදට පුරුදුවෙලා එන්නතිබුනේ

මම මොනතරම් තැටමුවත්

මට කියන්න දෙයක් ඉතුරු උනේ නෑ පොඩි එකිම ඒක කෙලිනම කියලා දැම්මා

ආච්චි...මේක බලන්නකෝ අපේ තාත්තී අපෙ අප්පච්ච්ගෙ මලක් ගහනවා

ඌඌප්ස්....මම අද උදේ සූකිරිගේ නලල ඉබින ගමන් එයාගෙ කෝට් එකේ ගහපු මල හදනවා...

ඩස්පියා ෆොටෝ එක ගැහුවේ සූකිරිගෙ ඇපල් ෆෝන් එකෙන්...සූකිරිටත් හොද වැඩේ හැම වෙලේම පොඩි එකාට ෆෝන් එක දෙනවා..ගේම ගහන්න..ඇතුලෙ මොන්වා තියෙද බලන්නෙවත් නෑ

අම්මා ෆෝනෙ එක අරගෙන එහෙට මෙට ස්විප් කරලා බැලුවා

අම්මා ෆෝන් වැඩ දන්නේ නෑ..ඒත් ඇගිලෙන් තල්ලු කරාම ඊලග ෆොටෝ පේනවා කියලා නන්ගි උගන්වලා තියෙන්නේ එයගෙ ෆෝන් එකෙන්

"ආඅ...මෙන්න අප්පච්චි තාත්තිගෙ කට හපනවා...ආච්ච්චි දනවද අපේ තාත්තා කට හපනේ මගේනම් බොරු කියුවම...තත්තී ඔයා මොකද්ද කියපු බොරුව"

අම්මා ෆොටො එක දැකලා බය උඅන පාරට ෆෝන් එක බිම වැටුනා

මට අයෙ කියන්න දෙයක් නෑ කන් පිරෙන බැනුමුයි කම්මුල පුරවලා පාරකුයි කන්න තමයි තියෙන්නෙ

මම ජනේලෙන් එහා පෙරහැරක් යනවා වගේ උනදුවෙන් ඈතම බලන් හිටියා

එත් මගේ හදවතනම් ගැහුනේ මගෙ පපුවෙන් ගැලවිලා පැනලා යන්න තරම් වේගෙන්

මට අම්මගෙ මූන පේන්නේ නෑ...මට බලන්නත් බෑ...ඒත් ශුවර් ගෙදර පිටී සීනී හොරෙන් කාලා අහු උන වෙලාවටත් වඩා නරක පෙනුමක් අම්මගෙ මූනේ ඇති. කොල්ලෙක් ගොඩක්ම අප්සට් යන්නේ තමන්ගෙ අම්මා ඉස්සරහා වැරදි කාරයෙක් උනාම. මට මේවෙලාවෙ ජනේලෙන් පැනලා අතක් ඔඅයක් කඩාගෙන අම්මගෙ අනුකම්පාව දිනාගන්න ඕනි උනේ.

HatharawaramWhere stories live. Discover now