මම ෆෝන් එක කට් කරා
ඒත් වැඩක් නෑ බෝධිය මාව පාවලා දීලා
බෝධියෙ හැමදාම රෑට සිහලෙන් පිරිත් යනවා කවි වගේ...අපේ පැත්තේ ඕනෙ කෙනෙක් ඒ සද්දෙන් අදුනගන්නවා මේතැන බෝධ්හියමයි කියලා
සමනලී මම් ඉන්න තැන දැනගෙන ෆෝන් එකෙන් ඇහුන සද්දෙන්ම
මම බෝධ්හියෙ පඩිය ලග හොරි බල්ලත් එක්ක නිදි කිර කිර ඉද්දි විනාඩි 20කින් විතර විදගෙන සමනලීගේ වාහනේ විදගෙන ආවිත් මම ගාවම නැවැත්තුවා
උන් තුන්දෙනාම වට වෙලා නටවන රිලවෙක් දිහා බලාගෙන ඉන්නවා...මට නොදෙනි සමනලී මගේ ෆොටෝස් ටිඅකක්කුත් සෙල්ෆියකුත් අරගෙන...
ඕයි බූරුවා...මොකද යකෝ මේ...හොරිකඩ බල්ලෙක් වගේ අගුවක ලැගගෙන...ඩස්පියා මල පැනලා මට බනිනවා
ඇයි බන් මේ බූරුවා හැමෝටම ලෙසටම අවවද විසිකරනවා...ඒ උනාට ඌට ප්‍රශනයක් ආවම්ම එක්කෝ පැනලා යනවා නැත්තන් වහබොනවා...දෙන් කනමදය වගේ වෙරිවෙලා...මම මේ කෑගහන්නේ තරට නෙමේ බන් දුකට...ඩස්පියට කටවහගන්න කියුවම ඌ හින්නටත් බැනගෙන ගියා
සමනලී හින්නයි බලු මයිලුයි වමනෙ කුලයි නිසා දහ ජරාවෙලා හිටපු මාව උස්සන හදනවා යාලු ෆිට් එකට කැත නැතුවම
කරටි කැඩෙන්න ගහලා හට්ගරගාතෙන් වැටිලා ඉද්දි බැන බැන හරි ගෙදරට ගෙනියන යාලුවො ලබන්න පින්කරන්න ඕනෙ
ඒත් ඒ වෙලේ මට උන්ව පෙනුනේ මහ කරදරයක් වගේ
"ඕල් රයිට්ස් බෝයිස්.,,.මේ විනෝද් බෝතල් දහයක් ගැහුවත් අහරි කෙලින්....ඕකේ...හින්නා..යූ ක්නෝ..අයි ඇම් රෙස්පෙක්ටබල් හොනරබල් පර්සන්..නෙවර් චේන්ජ් මයි ඩිසිප්ලීන්...ඔකේ..නන්ගී...ජන්ගී අදින චූටී සමනලී"
ඩිඩ් යූ උන්ඩස්ටෑන්ඩ් මී...නෙවර් අන්ඩර් එස්ටිමේට් ...පවර් ඔෆ් ද කොමන් මෑන්...ඕකේයි බෙයිබේ
මොකද්ද බන් මූට වෙලා තියෙන්නේ...සුද්දෙක් පෙරාපුවද බිලා තියෙන්නේ...මේ තරම් කඩෙන් කොටන්නේ
ඩස්පියා මගේ මූනට වතුර දාලා බලෙන්ම හෝදන ගමන් කියනවා
සමනලීටයි හිනටෛ මාව අල්ලගන්න බෑ...මම ඇග පන නැති කරලා වතුර පුරවපු ගෝනිය වගේ බිමටම කඩා වැටෙනවා
"උබලා මගේ යාලුවො නම් ...පලයල්ලා...මට නිදහසේ ඉන්න දීලා...පලයල්ලා...ගිහින් කියපිය උබලගෙ මහ ලොකු සූකිරියට..අර ගෑනිත් එක්කම හැමිනෙන කියලා...ඒ වෙස බලට කියපන්...මම මැරිලා.."
අරුන් දෙන්නාට මාව කන්ට්‍රෝල් නැතිනිසා දග පොඩි එකෙක් ඇග පනනැති කරල දගලලා බිමට බහින්න හදද්දි බලෙන්ම උසගෙ ගිහින් ඇදට දාන තාත්තා කෙනෙක් වගේ ඩස්පියා මව උස්සලා ගත්තා..මට උගේ ශක්තියත් එක්ක තවත් අරගල කරන්න බෑ...උගේ අලි අත්දෙකයි මහා මේරු පර් අතේ වගේ පපුවටටෛ තද එලා මම වාහනේට විසි උනා
මට මතක නෑ දිගටම මම මොනවා කියුවද කියලා දිගටම සූකිරිට බැන්නා...මාව හොහාගෙන ඌ ආවෙ නැති එකට බැන්නා..අර ගෑනි එක්ක ගිය එකට බැන්නා...පෙර වැරදි ඔක්කොම මතක් කර කර බැන්නා
මගේ යාලුවො අතරෙ ..මොනව උනත් මාව බලා ගන්න මුන් ඉන්නවා කියලා තේරෙනකොට මම් පිස්සු කෙලින එකත් වැඩි උනා
ඕනෙ,ම සිහිය නැති බේ බද්දෙක් වැඩිපුරම පිස්සු කෙලින්න්නේ තමන්ගෙ අය ලග ඉද්දි...පොලීසියෙන් හරි හමුදවෙන් හරි ලග හිටියනම් නිකම්ම කටේ සැර බාල වෙලා දැගලිල අඩු වෙනවා
මම ගෙදර යද්දි සූකිරි ගෙදර හිටියේ නෑ
ඌ නැතුව මට ගෙදර ඉන්නත් බෑ
ඌ අර ගෑනි එක්ක එක ඇදක නිදි ඇති කියලා හිතෙන කොට මාව ගිනි ගන්නවා වගේ
දොර පොල්ලක් අරන් ඌ අරගෑනි තියන් ඉන්න හෝටලේට ගිහින් උගෙ කොන්ද කැඩෙනකන් ගහන්න ඕනෙ කියලා මම දොර පොල්ලක් අරන් අමුතුම රන්ගනයක් දාලා...මට ඒ කිසිම දෙයක් මතක නෑ...ජරා සමනලී හැමදේම වීඩියෝ ,අරලා රෙකෝඩ් කරලා තිබුනෙ නැත්තන්
ඒ වීඩියෝ එක බැලුවම නම් මට ආයෙ බොන එක එපා උනා..මම ඒතරම්ම චාර්ටර් ඩයල් එකක් උනා කියලා මටම විශ්වාස නෑ...
අරුන් බලෙන්ම මාව සෝෆා එකේ දාලා සපත්තු ඇදුම් ඔක්කොම ගලවලා..ශවර් එකෙන් හොට් වෝට නාවලා ඔලුවෙ දෙහි කකුල්වල පොල්තෙලුයි ගාලා මට නින්ද යනකන්ම ඇදට වෙලා හියියා
මම උන් තුන්දෙනාටම සූකිරි මාව දාලා ගිය එකේ දුක කිය කියා ඇඩුවා
උනුත් මාව චටර් කරේ නෑ...මාව දිගටම මම කියන එක අහගෙන..ඉතින් කෝ නිදියපන්...හොද එකා වගේ..හරි හරි අපි නෑ කියුවෙ නෑනෙ...උබව අපිට තේරෙනවා අනික් හැමෝටම වඩා..උබත් එක්ක අපි ඉන්නවනෙ...හොද කොල්ලනේ ඕවා අමතක කරලා නිදාගනින්...වෙරි හිදුනාම අපි කතාකරමු හෙට උදේට
උන් මට වෙරි කියපු එකට මට හොදටම දුක හිතුනා
ආඅ..උබලා හිතන්නේ...මම බී,ලා මට වෙරි...මට තොපිත් එපා ..තොපි ඉන්නේ මට හිනාවෙන්න...කොහොමත් මට වැරදිලා කෙලවෙලා යනකන් බලන් ඉන්නේ තොපි ඔක්කොම..මම යනවා මට බෑ..මට යන්න දියවු

HatharawaramWhere stories live. Discover now